පුංචි ම පුන්චි හීනයක්..
රෑ අහසෙ පිපිච්ච තරුවක් වගේ
ඉර එළියත් එක්ක නොපෙනී යන..
හ්ම්ම්.. ඔව් ඒත් හැම හීනෙමත් එහෙම නෑ..
මතකයි දවසක් පුංචි කාලෙ
කෙනෙක් ඇහුවා තව කෙනෙක්ගෙන්
"මොකද්ද ඔයාගෙ හීනෙ?"
කට ඇරන් ඇස් ගෙඩි ලොකු කරන්
බලන් හිටපු හැමෝටම
හම්බුනා ලසන උත්තරයක්
"මං හීන දකින්නෙ නෑ.
මං ආස කරන දේවල් මට හීනයක්"
ඒ ඇස් එදා දිලිසුනෙ
කදුලු නිසාද බලාපොරොත්තුවක් නිසාද
කාටත් තේරුම් ගන්න බැරි වුනා.
ඒත් එදා එහෙම උත්තර දුන්න
ගමේ කන්ත්තෙ මුරකාරයගෙ පුතාට
ගොඩ දෙනෙක් හිනා වුනා
සමහරු හූ කිව්වා.
රෑට කනත්තෙ නිදාගෙන
උදේට ගමේ ඉස්කෝලෙට යන
"පොඩි සුසානෙ" ගෙ උප්පැන්නෙ නම
දන්න කෙනෙක් ගමේ හිටපු නැති ගානයි.
ඉර දෙවියො කැරකි කැරකි
දවාල රැය ගෙවිල ගියා
එදා පුංචි උන් මහ උන් වෙලා
බැංකු මහත්තුරු, බැංකු නෝනලා
රක්ශන නියෝජිතයො සහ කළමානකරුවො
විදියට සුදුසුකම් ලබලා..
අත් දිග කමිසෙට කැපෙන ටයි පටිය,
දිස්නෙ ගහන සපත්තු දාපු බැංකු මහත්තයෙක්.
ඒ මදිවට පරම්පරාගත සල්ලිකාරයො..
කිරි කිරියට දිලිසෙන වාහානේ ඇවිත්
නතරවුනේ අලුතෙන් දාපු පුංචි ඩිස්පෙන්සරියෙ.
අලුත් දොස්තර මහත්තයගෙන් බෙහෙත් ටිකක් ගන්න..
"පැතුම් බණ්ඩාර" දොස්තර මහත්තයා ගැන
පැහැදුනු බැංකු මහත්තය නිසා
ගම පුරා තවත් දොස්තර මහත්තය ප්‍රසිද්ධ වුනා
දොස්තර මහත්තයගෙ නිහතමානිකම නිසා
ගමේ මිනිස්සුන්ගෙ හිත් වල ආදරය
දහස් ගුණයකින් වැඩි වුනේ බලාන ඉන්නැද්දි
හදිස්සියෙම වහලා දාපු ඩිස්පෙන්සරිය දැකල
කලබල වෙච්ච ගම්මු ටික
දොස්තර මහත්තයෙ කුලී නිවසට යන්නෙ
ලෙඩක් දුකක්වත් ද බලන්න.
වෙනදටත් වඩා පිළිවෙළයි පිරිසුදුයි
වතු පිටි අස් පස් කරලා
ගම්මු දොස්තර මහත්තයගෙන් විස්තර ඇහුවා
"නෑ නෑ, කරදරයක් නෑ,"
"අද මගෙ තාත්ත එනවා"
"මෙහෙ ගම් පලාත ඉන්න තැන හදාගන්නකන්
තාත්තව ගෙදර නවත්තල ආවෙ."
දැන් ඉතින් තව කල් යවන එක තේරුමක් නෑනෙ."
"දොස්තර මහත්තය අපිට කිව්වනම්
අපි මේව සුද්ද වපිත්‍ර කරල දෙනවනෙ"
"කෝ දැන් ලොකු මහත්තය කොහොමද එන්නෙ? "
"ටවුමෙ කඩේ ගාවට එන්න කිව්ව නම්
අපිට ඇහැකි ගිහින් එක්ක එන්න"
"අනේ ඕනෙ නෑ."
"අපේ තාත්තට මේ පලාත හොදට හුරුයි."
"ඒ කොහොමෙයි දොස්තර මහත්තයො? "
මේ තාත්තගෙ උපන් ගම.
ආවම බලන්නකො
සමහරවිට අදුරන අයත් ඉන්නව ඇති.
තාත්ත තව ටිකකින් එයි.
මොකද්ද මහත්තයො ලොකු උන්නැහේ ගෙ නම?
"පුංචි බණ්ඩාර"
නිච්චි නෑ මහත්තයෝ..
පුංචි බණ්ඩාර කියලා නම් හිටියෙ
....
හිටි වනම ගොලු වුන ගම්මු ටික
ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නවා..
දොස්තර මහත්තයගෙ මුණෙ
හැමදාම වගේ ලස්සන හිනාවක් ඇඳිලා.
තුශ්නිම්භූත වෙලා ඉන්න ගම්මු
පියවි සිහියට ආවෙ දූවිල්ල අවුස්සගෙන
ඇවිත් නතර වුන කූලි රථය නිසා
"තාත්තා"
"පුංචි බණ්ඩා"
"දෙයියනේ එතකොට.. "
එලියට පැන්න වචන ටික
එහෙමම නවත්තගත්ත ගම්මු
එකා දෙන්න මූණ හංගගත්තා.
හැබෑ වෙච්ච හීනයක්. ගලපලා තියෙන විදිහ හරිම ලස්සනයි. නිර්මාණශීලීත්වය උපරිම. ඇත්ත කථාවක් නම් තවත් හොඳයි.
ReplyDeleteඑදායින් පස්සේ ගම්මු බෙහෙත් ගන්න ගියේ නැද්ද දන්නේ නෑ , එහෙම සුන්දර ගම තියෙන්නේ මේ සුන්දර රටේ
ReplyDeleteඅනිවා බං බාගයක්වත් නවතිනවා
Deleteවාව් ....සුපිරි ලිවිල්ල.....
ReplyDeleteකෝ මේ ලලිත් අයියා.. මං වගේ කම්මැලි වෙලා වගේ
DeleteMaath aawaa. Awurudhu dekakata passe.
ReplyDeletejayaweawaa!!!
හ හා.. අවුරුදු දෙකකට පස්සෙ නේන්නම්..
Deleteජයවේවා! :)