ඔය ඇස් දෙක, ඔය හිනාව,
හොරකම් කරගෙන මගෙ හිත
දාල යන්න ලෝබයි මට
හිත කියන්නෙ නවතින්නට..
ඔය හිත යට කොතැනක හරි
ආදරයෙන් පිරුන
පරිස්සම් ඇති තැනක
උණුහුමට ගුලි කරන්
රකිනව නම් හැමදාම
සත්තමයි යන්නෙ නෑ
ඔය හිතින් කිසිදාක..
ඉතින් අවසරද මට
ඔය හිතේ නවතින්න?
පෙම්වත් හීන
ReplyDeleteකෝටියක්
අහුලන් මං
එන්නම්
නුඹේ කෝඩුකාර හිත
සනසවන්න
ඉතින් කියන්න
මට වසරයිද
නතර වෙන්න
ඔය හිතේ
හැමදාටම
ඇත්තමයි
මං එන්නද
හීනයක් අරගෙන
පාට හීනයක්
ඔයාගේ කවිය එල. මේ මමත් නිකමට ඉස්සර ලිව එකක්
කමෙන්ට් වලින් word verification අයින් කළා නම් හොඳයි
Deleteඋපදෙස් මට මහ ගොඩක් වටිනවා. බොහොම ස්තූති අයියාට. ඒත් ඉතින් ඔය කියපු වැඩේ කරන්න නම් දන්නෙ නෑ තාමට. දැනගත්ත ගමන් word verification අයින් කරන්නම් අයියා. බ්ලොග් කෙරුවාව ගැන මුකුත්ම දන්නෙ නැතිනිසා අඩුපාඩු නම් අනන්ත ඇති. ඉවසා වදාර අඩුපාඩු ටික කියල දෙන්වා නම් ලොකුම ලොකු උදව්වක් වේවි. ස්තූති.
Deleteබොහොම ස්තූති අයියා. මං නිස්ඳැස් ගලපන්න නම් ඒතරමට දන්න කෙනෙක් නෙමෙයි. නිකමට වගේ කාලෙකට කලින් ලියන්න try කරලා අමාරුවෙන් ගලප ගත්ත වච්චන ටිකක්. පොතක් ඇතුලෙ තිබිලා අහම්බෙන් හම්බුනේ :) අයියා ගෙ නිසදැසටත් බොහොම ස්තූති. දිගටම ඉන්නවා නම් ලොකු හයියක්.
ReplyDeleteඅපිත් එහෙම තමයි.... අන්න මම ඊයක් දැම්මා.
Deleteබොහොම ස්තූති අයියා. ඊයට වගේම ඒක එවලත් තේරුම්ගන්න බැරි උන නිසා සෑහෙන්න වෙලාවක් තිස්සෙ කියල දෙන්න කරදර උනාට. ගොඩා....ක් ස්තුති... :)
Deleteනිසදැස නම් ලස්සනයි යාලු...දිගටම ලියන්න....අපි ඉන්නවනෙ කියවන්න...:D ජය....!!!
ReplyDeleteස්තූති යාලු.. අලුත් post එක හෙට දාන්න හිතන් ඉන්නව. දිගටම අවිත් මොන මොනවා හරි කියල යන්න්කො.. :)
Deleteමොකද අෆ්ෆා මේ මාසෙකට එකක් විතරක් දාන්නෙ? ඔහොම බෑ ලියමු මාසෙට අඩුම හතරක්වත්.. සින්ඩි වලට එහෙම දාලද තියෙන්නෙ බ්ලොග් එක? දාල නැත්තං දාන්ඩ.. නැත්තං ඔයාගෙ බ්ලොග් එක කාටවත් හොයාගන්න විදියක් නැති වෙයි. නිසඳැසත් ලස්සනයි.. ඊට වඩා අර "මම" කියල අයිනකින් දාල තියන විස්තරේ ලස්සනයි. :D ඔන්න අපි පස්සෙන්.....!
ReplyDeleteබොහොම ස්තුතී යාලුවා. ආයිත් අහලා. ඔහොම කතා කරලා ලගින් ඉන්නව නම් ලියන්නම්කො දිගටම. මාතලන් අයියාගෙ සින්ඩියට නම් දැන්මා. එච්චරයිනෙ දන්නෙ මං. සිතුම් අයියගෙ පිහිටෙන් තමයි ගොඩක් නොදන්න ඒව අහගත්තෙ.
Deleteලස්සනයි..අද තමා මේ පැත්තෙ ආවේ..
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා මේ පැත්තට.. බොහොම ස්තූති... හැබයි ඉතින් ඔයාගෙ නිස්දැස් එක්ක බලද්දි මේක නිකම් වචන ටිකක් විතරයි වාගේ :)
Deleteඅපොයි..ලැජ්ජාවේ බෑ... මම මේ ලියන්න පුලුවන් මනුස්සයෙක් නෙමේ...
Deleteආ ලියන්න නම් පුලුවන්ද දන්නෙ නෑ.. හැබැයි ඉතින් ලස්සනට වචන ගලපන්නයි ඒ ටික ටයිප් කරගන්නයි නම් පුලුවන් ඔයාට : P
Deleteලස්සනයි ආ..ඇත්තටම ඔයාට හොඳ අදහස් තියනවා වගේ.සුභ පැතුම්.දිගටම ලියන්න.අපි එන්නම් කියවන්න.
ReplyDeleteබොහොම ස්තූති !.. දිගටම එනවා නම් හිතෙන දේ කියනවා නම් දිගටම ලියන්න ලොකු හයියක් වේවි මට :)
Delete