ඈත හීනෙකින් පාට අරගෙන
කලින් කලට අභිසෙස් ලබමින්
එදා මෙදා තුර මෙරට උපන්
අපමණ විය මෙහි වීර පුතුන්
කුමරු අවදියේ පාන රැගුම් දැක
රට කරවන්නට කදිමයි දස්කම්
විස්මව එලෙසින් සිතා අපත්
ඔටුණු පළදවමු සුහද සිතින්
පාට හීන වල හැබෑව දකින්න
දැල්වුනු දෙනයන දස දහසක්
මුලා කරවමින් හිරිකිත නැතිවම
රජු නටතෙයි වෙන අමුතු රැඟුම්
ළං වී බැලුවම සැබෑ වෙනස කිම
ඇතැමෙක් නටතෙයි පිරිවෙර රිද්මෙට
වෙනකෙක් ගැයුවේ පවුලේ ගීතය
තවකෙක් නැමෙන්නෙ නොරටේ සුද්දට
දෙනයන පිනවන රැඟුමන් බලලා
මහජන අප කුල්මත් වී තුටිනා
ආවඩා ආයුබෝවේ කියමින්
නටමු අපිත් නන්නානෙ තාලෙට
නටමු නටමු
ReplyDeleteතාලෙට තාලෙට දේශො
Deleteචීනට අල්ලපු රටවල් කැඩුනා
ReplyDeleteසුද්දට අල්ලපු රටවල් රැකුණා
මේටික දන්නැති රජවරු ලොබිනා
පවුලක් රකිනට රටටම කෙලිනා
දකුණු සුඩානේ යුරෝපෙ කොසොවෝ
ReplyDeleteලොක්කෝ සුද්දට කෝචොක් කෙරුවෝ
කැඩුවා දෙකටම ඒවා සුද්දෝ
දන්නෑ මේවා ලිංවල මැඩියෝ
මැඩියා කිව්වෙ මට ද ඉයන් අයියෙ?
Deleteහිකිස්.
කයිය මරු..
බස් එකේ එද්දි පිටි පස්සෙ සීට් එකේ ඉන්න ඩබල බර දේශපාලන සාකච්ඡාවක්.
දෙන්නා මරා ගන්නව. ඒක අහං ඉද්දි නිකමට වගේ ෆෝන් එකේ ටයිප් වෙච්ච වචන ටිකක්. අපි අපි රණ්ඩු කරගන්නව අරය හොඳයි මෙයා හොඳයි කියලා. මට නම් ඔය ඔක්කොම එකයි. හොඳ නරක අඩු වැඩි වශයෙන් තියෙනවා ඔක්කොගෙම.
නැහැ ඒක 'මූලනෙ මැඩියෝ' කිව්වනංඅ අදහස වඩා පැහැදිලියි.
Deleteමුලනෙ විතරැයි ඉයන් අයියා මැඩියො ඉන්නෙ?
Deleteහැමදිහාම ඉන්නවා නෙ
මේ බයි දුව... වීරය නම් අර 138 බස් එකේ හම්බුවෙච්ච කෙනාට කෝල් එකක් දීල සෙට් වෙනව. නැත්තං අර ඇමෙරිකාවට සිංහලෙන් බැන්න එකාගෙයි ඔයාගෙයි වෙනසක් නැහැ.
Deleteවීරය තමයි අනේ.. එකසිය තිස් අට බස් එකේ හම්බු උන එක්කෙනාට කෝල් කරා කියල වැඩක් නැතෝ, චාරයක් නැත.
Deleteඇයි දැන් මිනිහ බැඳලද?
Deleteඒ කියන්නෙ බැන්දපු මිනිස්සුන්ට චාරයක් නෑ කියලද ඉයන් අයියා. අනේ මංද ඕවා.
Deleteනෑ මං කිව්වෙ මල්ලෙ පොල් කියලා
Deleteආ ඒක මිසක්..
Deleteතාලේ වැරදුනත් අවුලක් නෑ නටමු.
ReplyDeleteදිනේශ් අයියා කාලෙකින්..
Deleteකැමති තාලෙකට නටන්න තියෙන්නෙ.
This is just a end of the beginning(kiuvalu)
ReplyDeletehoda sellam essarahata.....
ලලිත් අයියට අද සුද්දෙක් වැහිලද? :P
Deleteහැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළි පිට
Dear, I lost my sinhala tools.
DeleteUse the below link. you can type sinhala easily.
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
තැන්කු පුතා, මම ගූගල් ටූල්ස් දාගත්ත.
Deleteමං මොකුත් ලියන්නෑ.
ReplyDeleteඇයි ඩ්‍රැකි අයියෙ? අතේ කේක් කෑල්ලක් තියාගෙන ඉන්න නිසා ලියන්න අමාරුයි ද?
ReplyDeleteඔය නටන එක නවත්වා ගන්ට උත්සාහයක් දාමුකෝ අපි...
ReplyDeleteපුලුවන් නම් හොඳ අදහස. කවුරු ආවත් ඔච්චරයි චතුරංග.
Deleteහැමෝම කරන්නෙ එකම දේ
..//රජු නටතෙයි වෙන අමුතු රැඟුම්//...
ReplyDeleteඅන්තිමට රජුන් අපිවත් නටවන්න හදන්නේ කියන කියන තාලේට.මේ හැම රජාම එහෙම තමයි.
මේ කවි ටික ඉරිදා පත්තරේකට යවමුකෝ
හැම කෙනාම කියන බයිලා නෑ අයියා බලයට ආවාම.
Deleteහෙ හෙ පත්තරෙ දැම්ම කියලා වැඩක තියේ ය. මේ සිරි ලංකාවෙ ඕවා හදන්න නම් කට්ටියගෙම බ්‍රේන් වොශ් කරන්න ඕනෙ