හරියටම අදට අවුරුදු 25කට කලින්, අද වගේ දවසක තමයි ඔයා මේ ලෝකට ඇවිත් තියෙන්නෙ. ඉතින් අද දවසෙ ඔයා ගන නොලියා කොහොමද මං?
ජිවිතේ හැම කරදරේ කදි ම, හැම ප්‍රශ්නෙකදි ම, දුකක දිම මගේ ලඟින්ම ඉඳන් මට …ජිවිතේ කියා දුන්නෙ වෙනින් කවුරුත් නෙමෙයි. ඒ ඔයා, මගෙ අයියා.
දන්න කාලෙ ඉඳන් මොනා හරි දෙයක් කරන්න ගිහින් අනාගත්තම, කවුරුහරි සැරෙන් වචනයක් කිවුවම, "ඔයාට බෑ චූටි, ඉන්න" කියලා කවුරු හරි කියද්දිත්, නෑ නෑ මට පුලුවන් කියලා මොකක් හරි දෙයක් කරන්න ගිහින් වරද්දගත්තම, අනේ අයියා කියලා ඔයාගෙ ලගට දුවන් එන්නෙ මං, දන්න නිසා කවදාවත් අනිත් අය වගේ බනින්නෙ නෑ කියල මට.. බැන්නත් අනිත් අය වගේ කෙන්තියෙන් වත්, මාව වදයක් කියලා හිතලා වත්, නෙමෙයි කියලා.ඒ නිසාමයි එහෙම අවුල් වෙන හැමවෙලේම මං මගෙ අයියා ගාවට යන්නෙ.. ඇස් වල කඳුලු පුරෝගෙන අයියාගෙ අතේ එල්ලෙන්නෙ හරියට පුංචි එකෙක් තාත්තගේ අතේ එල්ලෙනවා වගේ..
අනිත් හැමෝම එහෙම වෙලාවට
"අහකට යනවකො, මොන වදයක් ද මංද, මං සීරියස් වැඩක ඉන්නෙ, ඔයාගෙ විකාර අහන්න වෙලා නෑ මට"
"හොද වැඩේ පණ්ඩිත වැඩ කරනවට"
"චූටි දූ, ඔයාට අදාල වැඩක් නෙමෙයි නෙ කරල තියෙන්නෙ, බලන්න දැන් එක වැඩේ දෙක උනා"
"මට හරි අම්මට හරි කිව්ව නම් ඉවරනෙ චූටි දූ. දැන් යන්න කාමරේට."
"ඒ දේවල් ගැන ඔයා worry වෙන්න ඔනෙ නෑ. ඒව අපි බලාගන්නම්, ඔයා කියන ඩේ විතරක් කරන්න"
කියලා මාව හැමෝම එලවගනිද්දි, මං කියන දේවල් කවුරුත් ම ගනන් නොගනිද්ද, මොන වැඩේ තිබුනත්, ඒ හැමදේම පැත්තක තියලා මාව ලගින් ඉන්දවගෙන මගෙ අයියා කියන්නෙ
"ඇයි මගේ චන්ඩි කෙල්ලට කවුද මොනාද කියුවෙ? කෝ කියන්න බලන්න මට" කියලා
ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරිව අතේ අඟිලි ටික පටලවගෙන කල්පනා කරද්දි හිමින් සීරුවෙ මගෙ අත අල්ලගෙන
"මුල ඉදන්ම කියන්න මට මොකෝ උනේ කියලා ? ඔයා කියන්නම ඔනේ මට " කියලා මං යන්තම් වචනෙ දෙක ගැටගහගෙන කතාව කියලා ඉවර වෙනකන් අයියා මගෙ කඳුලු පිහිදාන්නෙ මටත් නොතේරෙන්න. කොහොම ඔය තරමට මාව තෙරුම්ගන්නවද කියලා මට අදටත් හිතාගන්න බෑ අයියා.
"ඇයි අයියෙ හැමෝම මට බනින්නෙ? මං ඒතරමට නරකද?" මං ඉස්සර හැමදාම අයියාගෙන් අහනවා ඇස් වල කඳුලු පුරෝගන
"එහෙම නෑ පැටියො, ඔය විකාර දේවල් ඔලුවෙ දාගන්න එපා ඔයා.. ඔයා හුගක් හොදයි, හැමදේටම අඩන්න එපා නංගියෝ, ඕවා නම් මොනාද? කෝ දැන් ඕක අමතක කරල දාන්නකො, අපෝ චූටි බබෙක් වගෙ නෙ,මගේ චන්ඩි නංගි නෙමෙයි ද ආ?
අයියා මගෙ කම්මුල හයියෙන් මිරිකන ගමන් එහෙම අහනවා මාව සනසගන්න ඔනේ නිසා.
ඔහොම කිව්වට මං බෙරි උනාම පුදුම වදයක් තියෙන්නෙ අයියාට, ඉතින් අයියා ලෝකෙ නැති බොරු කියලා තමයි මාව නළවගන්නෙ.
අයියා ට තමා මං හැමදේම කියන්නෙ. බැනුම් අහන්න හරි ගුටි කන්න හරි, කරන ගොං වැඩ ඔක්කොම කරලා අයියා ලගට ඇවිත් අකුරක් නෑර කියන්නෙ අයියා මාව තේරුම් ගන්නව කියලා මං දන්න නිසා.. වෙලාවකට අයියා කියනවා "අපෝ ඔයාට අවුරුදු 21 උනාට හිතන පතන විදිය නම් අවුරුදු 12 පොඩි එකෙක් වගෙනෙ" කියලා... ඒ කතාවට මට කේන්ති යනව නම් තමා හරියට. අයියට පෙරලගෙන ගහනවත් එක්ක ඕක කිව්වම. ඒත් ඉතින් ඒක ඇත්ත තමයි. ජිවිතේ කිසි දේක බරක් පතලක් නෙ මට... හැමදේම කරන්නෙ අදටත් අයියගෙන් අහලා... ඉස්සරහටත් එහෙමයි.. ඒ මගෙ අයියා මටත් වඩා හොදට මං ගැන දන්න නිසා..
"මොන දේ උනත් ඔයාට ඔයාගෙ අයියා ඉන්නවනෙ නංගියෝ, ඉතින් ඔයා බය වෙන්නෙ නැතිව ඉන්න. ඔයා ඕනම වෙලේක ඕනම දෙයක් මට කියන්න. ඔයාට බනින්නෙ කෑගහන්නෙ නෑ නෙ මං. ජීවිතේ ප්‍රශ්න එනව නංගි. ඒක තමයි ජීවිතේ කියන්නෙ, ප්‍රශ්න වලින් තමයි අපි ජීවිතේ ඉගෙන ගන්නෙ. ඕන ප්‍රශ්නයක් මට කියන්න ඔයා. ප්‍රශ්න වලට තනියම උත්තර හොයන්න යන්න එපා නංගා . ඔයාට තාම ජිවිතේ තේරෙන්නෙ නෑ. ඔයා හිතන පතන විදියට නෙමෙයි හැමෝම හිතන්නෙ, ඒත් ඔයා බය වෙන්න එපා ඒකට. ඔයාගෙ හැම ප්‍රශ්නයකදිම ඔයාගෙ අයියා ඔයා ලගින්ම ඉන්නවා ඔයාගෙ හෙවනැල්ල වගේ. ඒ නිසා ටිකක්වත් බය වෙන්න එපා. " අයියා මට ජීවිතේ කියල දෙන්නෙ එහෙමයි.
ඉතින් මං අයියා කියලා කතා කරාට මට නම් හිතෙන්නෙ මගෙ අයියා වැරදිලා මනුස්සයෙක් වෙලා මේ ලෝකෙට ආපු දේව දූතයෙක් කියලා.. මං අයියාට කොයි තරම් වද දුන්නත් අයියා මට කේන්ති ගිහින් බැනලා නෑ කවමදාවත්, මේ ලගකදි මං අයියාගෙ ඔරලෝසුවත් කැඩුවා. අම්මෝ එදා නම් මං හිතුවා මට අයියා බනීමයි කියලා.. බයටම ඇඩුනා මට. ඒත් අයියා බනිනවා වෙනුවට කලේ බෙරි වෙලා හිටපු මගෙ කරට අතදාගෙන "මේ ඔරලොසුව කොහොමත් පරනයි හලෝ. අර තව එකක් තියෙන්නෙ.. දැන් ඔයා අඩන එක නතරකරන්න ඔනේ.. නැත්තම් මං තරහ වෙනවා" කියලා කියපු එක.. වැරදිලා හරි මගෙ අතින් අක්කිගෙ ඔරලෝසුව කඩුන නම් එහෙම මං ඉවරයි. ඔරලෝසුවක් දකින දකින පාරට මට බනීවී.
ඉතින් මගෙ අයියාගෙ උපන් දිනේ දවසෙ අයියා ගැන ලියන්න හිතුවෙ අයියා මට ගොඩාරියක් වටින නිසායි... අයියාට මං ගොඩාරියක් ආදරේ නිසායි.. තව අයියා මට මගේ super hero නිසායි..
මගෙ අයියාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මන් හදවතින්ම.. මගෙ අයියා ගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියලත්, හැමදාමත් සතුටින් සැහල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා කියලත් ජේසුගෙන් ඉල්ලන ගමන් ම ස්තූති ප්‍රශංසා කරනව ජේසුට මට මේ වගේ අයියා කෙනෙක් දුන්නට!
දැන් යන්න ඕනේ අයියාගෙ සරපරයිස් party එක ලෑස්ති කරන්න.. කියන්න එහෙම එපා ඕන්..
නියමයි..! පුදුම ලස්සන පෝස්ට් එකක්... කියවන්න ගොඩක් වෙලා ගියා එකම වාක්‍ය දෙතුන් පාර කියෝපු නිසා.. කියෝල ඉවරවෙලා තව පාරක් කියෙව්ව.. අක්ක හරි වාසනාවන්ත නෙව එහෙම අයිය කෙනෙක් ලබන්න. අක්කගෙ සුපර් හීරෝට සුභ උපන්දිනයක් කියල අපි කිව්ව කියන්න හදවතින් ම..!
ReplyDeleteඅනිවා මං කියන්නම් මල්ලියෝ... ඒක නම් ඇත්ත.. මං ගොඩාක් වාසනාවන්තයි මගෙ අයියා වගේ අයියෙක් ලැබෙන්න. හිතට හිතුන ඇත්තම ලියපු නිසා වෙන්න ඇති ඒ තරමටම හිතට දැනෙන්න ඇත්තෙ. ස්තූතු මල්ලියෝ :)
Deleteඔයා ගොඩක් වාසනාවන්තයි නංගි. හැමෝටම ඔය වගේ අයියලා ලැබෙන්නෙ නෑ. ඔයාගෙ පෝස්ට් එක කියවද්දි මටත් හිතුනා මටත් එහෙම අයියෙක් හිටියනම් කියලා.....
ReplyDeleteඅදයි මේ පැත්තෙ ආවෙ. ලස්සනට ලියලා තියෙනවා. දිගටම ලියන්න සුභ පතනව නංගිට :)))
බොහොම ස්තූති අක්කියෝ.. අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ පුංචි ලෝකෙට....
ReplyDelete…ඔව් අක්කි. මගෙ අයියා පුදුම තරම් හොදයි.
chams කියන්නෙ අක්ක කෙනෙක් නෙමෙයි මං දන්න විදියට නං අක්කේ...!
Deleteඅයියෝ මේ අයියෙක් ද?
Deletechams කියන්නෙ අක්ක කෙනෙක් බට්ටා මල්ලියෝ..
Deleteහප්පේ බට්ට මල්ලි මාවත් බය කලා.. මං මේ හිත හිත හිටියෙ chams අයියෙක් වෙලා, මට ගහන්න එනකොට කොහෙද හැන්ගෙන්නෙ කියලා..
DeleteThis comment has been removed by the author.
Delete@බට්ටා මල්ලි : මං අක්කා කෙනෙක් මල්ලියෝ
Delete@හිරු: අම්මෝ හොඳ වෙලාවට හිරූ මැදිහත් උනේ..තැන්කූ
@නිදහසේ නවාතැන: දැන් හැංගෙන්න ඕනි නෑනෙ නංගෝ.
අම්මේ ඒකනේ.. මං මෙච්චර වෙලා හිටියෙ හැංගිලා අක්කියෝ.. තව පොඩ්ඩෙන් අක්කගෙන් ගුටි කන්නෙ ඊලගට කමෙන්ට් කරද්දි Chams අයියා කියලා දාලා.. ඇති ඔයින් ගියා :) කොහොම කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ලෙන් වෙන මොනා නැත්තත් හොද යාලුවො ටිකක් නම් හම්බුනා මට..
Deleteහරි හරි බොලේ! මට තමා වැරදුණේ.. අනේ මට මුකුක් කරන්න එපා අක්කලා..! මට ෂමාවෙයල්ලා..! මං අහිංසකයි අෆ්ෆා! කවුරු හරි මට උදව් කරපියෝ...! ඒ සැරේ මටයි හැංගෙන්න වෙලා තියෙන්නේ.. :D
Deleteඕවා නම් මොනාද බට්ටා මල්ලි.. අක්කලාට ඔච්චර බය නම් මදෑ : D
Deleteඅහම්බෙන් ආවා. සුභ පැතුම් ඔයාගේ අයියට. මටත් ඉන්නවා අයියෙක්. අනේ මන්දා හැබැයි එයා ඔයාගේ අයියා තරම්ම නම් ආදරේ කරන්නෑ එයාගෙ නංගිට. ඒ අතින් යූ ලකී.
ReplyDeleteඅද ආව වගේ දිගටම එනව නම් නිදහස් වෙලාවට හුගක් කැමති මං. හමෝම එක වගේ නෑ හලෝ. අනේ ඉතින් මං ලියපු එක කියවලා හිත රිද්ද ගන්න එපා. එතකොට මටත් දුකයි නෙ.. :(
ReplyDeleteතොලි තොලි අනේ. මයෙ හිතට ආපු දේ තමයි ඉතිං මම අත ඇරියේ. ඒකට ඉතිං ඔයා මොනා කොරන්නද? අනිවා එන්නම් කෝ දිගටම. නුඹේ සැප මගේ සතුටයි කිව්වලූ .
Deleteඅන්න එහෙම ඉන්න එපැයි බට්ටි.. සතුටින් ඉන්නවා නම් ඒ මදෑ.. :)
Deleteඔන්න නංගෝ අයියට මගෙනුත් සුභ පැතුම්...!!! දවසක් පරක්කුයි හොදේ..:( අයියගේ ආදරේ ගැන නම් කියන්න වචන නෑ මටත්..කොචචර දුකෙන් හිටියත් අද මම මෙහෙම හිනා වෙලා ඉන්නේ එය නිසයි..මේ වගේ අයියල ලබන්න පින් කරන්නම ඕන...:D
ReplyDeleteගොඩාක් ස්තුති අක්කියෝ. දවසක් පරක්කු උනාට මොකෝ අක්කි.? කොහොම හරි ආපු එක ලොකු දෙයක් මට..
Deleteකොච්චර හොද අයියා කෙනෙක්ද ඔයාට ඉන්නේ.... සතුටු වෙන්න නංගි අයියා ගැන... සුබ උපන්දිනයක් වේවා....
ReplyDeleteගොඩාක් සතුටු වෙනවා ඒ ගැන මං ඇත්තටම.. ස්තූති මේ පැත්තෙ ආව එකටයි, සුභ පැතුමටයි..
Deleteකොච්චර හොඳයිද ඔයාට.කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ඔයාගේ අයියා ඉන්න නිසා. කැමති නැද්ද බ්ලොග් එකේ අකුරුවල පාට වෙනස් කරන්න.කිය්වාදී අමාරුයි..
ReplyDeleteඅනේ ඇත්තද? බොහොම ස්තූති දැනුවත් කිරීමට.. මං ඉතින් පන්ඩිතයා වගේ අලුත් ටෙම්ප්ලෙට් එකක් දාගත්තනෙ.. වැරදි තියනව නම් කියල යන්න හොදේ .. මං මෙලෝ සංසාරයක් දන්නෙ නැතිව මේ බ්ලොග් කෙරුවාව කරන්නෙ.. මේ දැන්ම මාරු කරන්නම්..
Deleteමටත් ඉන්නවා අයියා කෙනෙක්. ඔය වගේ ආදරෙන් හැමවෙලේම කතා නොකලාට හැමදාම මම තනි උණු හැමවෙලේකම මාව නැගිට්ටවන්නේ මගේ අයියා
ReplyDeleteඉතින් ඒ කියන්නෙ අක්කගේ අයියාත් හුගක් හොදයි කියන එක තමා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteම්ම්ම්ම්.. ඔයා ගොඩාක් වාසනාවන්තයි.. හැමදාම ඔය සතුට නොඅඩුවම ඔයාට ලැබෙන්න කියල මම හදවතින්ම පතනවා... :)
ReplyDeleteඔයාට බොහොම ස්තූතී. සමාවෙන්න ඔනේ පරක්කු උනාට..
Delete