Tuesday, November 3, 2015

අසම්පූර්ණ කතාවක්..



ඒ ඇස් දෙක දැකපු පළවෙනි දවස මට තාම මතකයි. ඔව්  මට හොදටම මතකයි මීට අවුරුදු තුනකට කලින් ඒ ඇස් දෙක දිහා බලපු පළවෙනි තප්පරේ මං කොයි තරම් බයවෙලාද හිටියෙ කියලා. අපි දෙන්නම එකම ගමේ බස් හෝල්ට් දෙකකුත් ඊට තව ටිකකුත් දුරින් අවුරුදු ගානක් ජීවත් වෙලා හිටියත් ඒ වෙනකන් අපි දෙන්නට දෙන්න දැකලවත් නොතිබුන හැටි හරිම පුදුමයක්.

හරියටම එදා දවසෙ අපි හම්බවෙන්න තිබුන නිසා වෙන්න ඇති කා
යක් තිස්සෙ මඟ ඇරපු ඒ ගමන මට එදාම එන්න වුනේ. මල්ලි ඇවිත් ඇති කියලා හිතලා කලින්ම ආවත් එතන හිටියෙ අඩි හයක් විතර උස,ඒ උසටම හරියන පළල් උරහිස් තියෙන කොන්ඩෙ කොටටම කපපු කලු කොල්ලෙක්. බැලූ බැල්මට මට බය හිතෙන්න ඇත්තෙ ඒ උස මහතට වෙන්න ඇති. ගෙවෙන විනාඩියක් ගානෙ මල්ලි එනකල් මඟ බලන් හිටියට නුහුරු නුපුරුදු චකිතයක් හිතේ ඇදෙනවා කියලා මට යන්තමට තේරුනා.


නන්නාදුනන ඒ කොල්ලා එක්ක එකට වැඩ කරන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනෙ නෑ.  ඒත් හැම සති අන්තෙම අපි එකට වැඩ කරද්දි අපි කතා කරන්න ඇත්තෙ වචන දහය
ක් විතරයි මං හිතන්නෙ. පුලුවන් හැම වෙලේම මං ඒ ඇස් මඟ ඇරලා හිටියෙ කොයි වෙලෙත් මගේ දිහා බලාන ඉන්න ඒ ඇස් දෙකේ අයිතිකාරයගෙ පෙනුමෙන් ඔහු සැර පරුශ ඇති කියල මං හිතන් හිටිය නිසා වෙන්න ඇති. කොහොමවුනත් මං ඒ ඇස් දෙක ඕන කමින්ම මඟ ඇරියා කියලා මං දන්නවා. ඉතින් මාස ගානක් යනකම්ම අපි අතර තිබුනෙ වැඩ කරන වෙලාවට කතා කරන වචන දහයක පහළොවක දැන හැදුනුම් කමක් විතරයි.

මට තාම මතකයි මං පන්ති ඉවර වෙලා, 138 බස් එකේ ඉදන් කොටුවට එන අතරමගදි නැග ගත්ත කොල්ලෙක් ඕනවට වඩා මගේ පැත්තට තල්ලු වෙද්දි මං පුලුවන් තරම් ඒ ශරීරයෙන් ඈත් වුනා. ඒත් බස් එක ගැස්සන හැම වාරයක් ගානෙම මගෙ ඇඟට බර වෙන මේ මනුස්සයාට හයියෙන් බනින්න හිතුනත් කර කියාගන්න දෙයක් නැතිව ඇස් දෙකට කඳුළු ආවෙ ඉබේටම. ඉස්කෝලෙන් අයින් වෙලා තනියම පන්ති යන එන මුල්ම දවස් නිසා මට ඒ වගේ වෙළාවක මොනව කරන්නද කියල හරි හැටි තේරුමක් තිබුනෙ නෑ. ඇස් දෙකට ආපු කඳුලු කම්මුල් දිගේ පහලට එන්න ඔන්න මෙන්න තියෙද්දි මං බස් එකෙන් බහින්න හිතුවෙ එතකොටවත් මේ කරදරෙන් බේරෙන්න පුලුවන් නෙ කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම අර මිනිහා බස් එකේ උඩ පොල්ලෙන් අල්ලන් හිටපු මගෙ අත උඩින් අත තිබ්බෙ මගේ අත මිරිකන ගමන්මයි. ඒ එක්කම ගැස්සිලා අත ඇදලා ගත්තෙ ඉස්සර දොර දිහාවට යන්න හිතාගෙන.

ඒත්..

 ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ ..

ඔව් ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ.. ගිනි පුපුරු විහිදුවමින් ඒ ඇස්  බලන් හිටියෙ අර මිනිහ දිහා. ඒ එක්කම මගෙ දිහාවට හැරවුන හීනි ඇස් දෙකින් මුවා වෙන්න මූණ හංගගන්නවා වෙනුවට මං ඒ ඇස් දෙක දිහාම බලන් හිටියෙ පළවෙනි වතාවට.

"නංගි  ඔයා මේ පැත්තට එන්න "

කාත් කවුරුත් නැතිව අසරණ වෙච්ච වෙලාවක මේ විදියට උදව්වට ආව එක ගැන ස්තූති කරන්න ඕන උනත් ඒ වෙලේ කතා කරගන්න වචන ගලපගන්න බැරි තරම් බය වෙලා හිටපු මම ඒ වචන වලට කීකරු වුනා. අමාරුවෙන් හංගගෙන හිටපු කඳුලු  ඒ ඇස් වල බැල්මට අහුවෙලා  තිබුනා. කිසිම කතාවක් නැතිව කොටුවෙන් බැහ ගත්ත අපි දෙන්න කතා නොකරම හෝල්ට් එකේ නවත්තලා තිබුන 188 බස් එක දිහාවට ඇවිදගෙන ගියා. මට බස් එකට නගින්න ඉඩ දුන්න ඒ ඇස් දෙක මගෙ පිටිපස්සෙන් බස් එකට ගොඩ වෙලා මං ඉදගත්ත අසුනෙම ඉදගත්ත.

මං ඒ ඇස් දෙක දිහා බලලා අමාරුවෙන් වචන ගලපගත්තෙ ඒ වෙලාවෙ. වෙච්ච දේ එක්ක අසරණ වෙලා අඩා වැටෙන්න හදන හිත අමාරුවෙන් වාවගෙන මං කතා කලා..

"තෑන්ක්ස් අයියා.."  ඔව්.. මං ඒ ඇස් දෙක දිහා බලන් කතා කරා පළවෙනි පාරට.. ඒ ඇස් දෙකේ අයිතිකාරය එක්ක. ඔයා එක්ක..

"ඕව ගනන් ගන්න එපා නංගි, ඒක අමතක කරන්න."
"දැන් ඔ
යාට අඩන්න ඕනෙ නම් අඩල ඉවර කරන්න. ඔහොම නම් ඉන්න එපා" 
ඇස් දෙක හීන කරගෙන මගෙ දිහා බලාගෙන තවත් මොන මොනවදෝ කියෝ කියෝ ආපු ඔයා මගේ හිතේ නැවතුනේ එදා ඉදන් වෙන්න ඇති. ඒත් ඒ සහෝදරයෙක් විදියට. එදා ඉදන් ඒ ඇස් දෙක මට මහ ගොඩක් ලඟයි වගේ දැනුනා. නිතර නිතර එන යන ගමන් අපි බස් එකේ අහම්බෙන් මුණගැහුනා කියලා මං හිතුවත් දැන් මං දන්නවා මං බස් එකට නගිනකන් බලා ඉදලා ඔයා ඒ බස් එකටම නැගපු බව. ඒ විදියට දින සති ගෙවිලා ගිහින් දවසක් ඔයා මගෙන් නොහිතපු විදියෙ ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙද්දි අපි හොද යාලුවො.

“ඕක අහන්නත් දෙයක්ද අයියා. මං ඔයාට කැමති නිසානෙ ඔයා එක්ක මං කතා කරන්නෙ. මං අකමැති අය එක්ක කතා කරන්නෙ නෑ නෙ.”
එහෙම කියලා මං ප්‍රශ්ණෙන් මඟ ඇරියෙ ඒ ප්‍රශ්ණෙට දෙන්න උත්තරයක් මං ළඟ නැති නිසා.

ඒත් ඔයා ආයෙත් මගෙන් ඇහුවා
“නෑ නංගි මං අහන්නෙ ඔයා මට ආදරේ ද කියලා ? ”
ඇස් දෙක හීනි කරගෙන ඔයා මගෙන් අහද්දි මං ඒකටත් හිනා වෙලා උත්තර දුන්න..

“ආදරෙයි.. හැබැයි කොල්ලො කෙල්ලො ආදරේ කරන විදියෙ ආදරයක් නෙමෙයි. ඔයා මට මගෙ හොඳම යාලුවෙක්, මගෙම අයියා කෙනෙක් වගෙ.. ඒ නිසා මං ආදරෙයි..”
ඔයා ඇස් දෙක ලොකු කරල මගෙ දිහා බැලුවෙ ඒ හතර බීරි කතාව තේරුම් ගන්න බැරිව බව මං නොදන්නව නෙමෙයි.

“මං ඔයාට ආදරෙයි නංගි. මං ගෙදර ඇවිත් අහන්නම්. ඊට කලින් මට කියන්න  ඔ
යා  කැමති ද කියලා..”

"මාත් අයියට ආදරෙයි ඒත් ඒ ආදරේ අයියා කෙනෙක්ට තියෙන ආදරේ ද නැත්තම් අයියා ඔය කියන විදියෙ ආදරයක් ද කියල මං දන්නෙ නෑ. මං ඔය කියන විදියට මේ වෙනකන් කාටවත් ආදරේ කරල නැති නිසා මට එහෙම ආදරයක් ගැන හැගීමක් නෑ. අනික අයියා ට මගෙ හිතේ තියෙන්නෙ මොන වගේ ආදරයක්ද කියලා හොයාගත්තත් ඒ අයිය ඔය අහන විදියෙ ආදරයක් වුනත් තේරුමක් නෑ. ඔයා අපෙ ගෙදරින් ඇහුවත් වැඩක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්නෙ නැතුව ඉමු අයියා."

ඇඟට පතට නොදැනි මට එදා එහෙම කියන්න පුලුවන් වුනේ මං ඇත්තටම ආදරයක් ගැන හිතුවෙ නැති නිසා. නිකන් හරි එහෙම ආදරයක් ගැන හිතලා ඒ ආදරය මට නොලැබුනොත් ඒ දේ දරාගන්න බැරි බව මං දැනන් හිටියා.

බලන් ඉන්නැද්දි ඔයාගෙ මූණ කළු වළාවකින් වැහිළා යද්දි මට දුක නොහිතුනා නෙමෙයි. ඔයා කතා බහක් නැතිව ඔහේ බලා ගත්ත අත බලා ඉද්දි මගෙ මුලු හිතම පිච්චිලා යද්දි මට ඔයා අහපු ප්‍රශ්ණෙට උත්තරේ ලැබුනා. මට මතක් උනා ඔ
යා අසනීප උන වෙළාවට ඔයා ගැන දුක් වුන තරම්, ඔයා ගැන හොයලා බලපු තරම්, ප්‍රශ්ණ මහ ගොඩක් ඔළුව ඇතුලෙ වද දෙද්දි ඔයා මං ලඟ ඉන්න හැම තප්පරේම ඒ හැමදේම මට ඉබේටම අමතක උන හැටි, ඔයා එක්ක ඉදලා ඔයාගෙන් වෙන් වෙලා යද්දි දෙපාරක් ඔයා දිහා හැරිලා බලන හැටි මතක් වෙද්දි මගෙ හිත මට කෑගහල කිව්වා මේක තමයි ආදරේ කියලා. ඒත් ඒ දේ මං කොහොමද පිළිගන්නෙ? මං ඔයාට ආදරේ කරා කියලා, ඔයා මට ආදරේ කළා කියලා අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් සමාජයක නෙමෙයි අපි දෙන්න ඉන්නෙ කියලා මං කොහොමද ඔයාට තේරුම් කරලා දෙන්නෙ? "ආදරෙයි ඒත් අපි දෙන්නට එකතු වෙන්න බෑ" කියනවට වඩා "ආදරේ නෑ" කියන උත්තරෙන් ඔයාට හිත හදාගන්න ලේසි වෙවී කියලා අමාරුවෙන් හිත හදාගත්ත මං එදා. ඇති වෙන්න ඇඩුවා මං තනියම.
ඒත් සැරින් සැරේ ළගට ඇවිත් ආදරේ ඉල්ලන ඔයාට,
හ ගොඩක් මං ආදරෙයි කියලා කියාගන්න බැරිව මං දුක් වින්දා. ඒ නිසාම ආයෙත් මං ඔයාව මඟ ඇරියා.

 දවස් ගානකට පස්සෙ නොහිතපු වෙ
ලාවක සරසවියෙදි ඔයා මාව දකිද්දි මගෙ අත් දෙකේම දම් පාට තැලුම් පාරවල්. ඔයාව මඟ ඇරලා යන්න හැදුවත් ඔයා මට යන්න දුන්නෙ නැතිව බලෙන්ම නතර කරගත්ත. තැලුම් පාරවල් පිරුනත් දෙක, පිපුරුණ උඩු තොළ දැක්කම ඔයා බය වෙන්න ඇති. ඔයා මාව බලෙන්ම එතනම තියෙන ජූස් බාර් එකට එක්ක ගියේ ආවෙ නැත්තම් ගෙදර එනවා කියලා මාව බය කරලා..

ඔයා මාව පුටුවෙ ඉන්දවලා මගෙ ඉස්සරහ පුටුවෙ ඉදගෙන තඩිස්සි වෙච්ච මගෙ කම්මුල උඩ අත තියද්දි එච්චර කා
යක් හිතේ හිරකරන් කාටවත් ම නොපෙන්නපු මගෙ කඳුලු, වරුසාවක් වගේ කඩා වැටුනා. ඔයාට මතකද මං හොදටම ඇඩුවා. ඔයාට වෙනදා වගෙ මාව සනසවගන්න බැරි වෙන තරමට මං ඇඩුවා.

"අනේ නංගි මොකද උනේ කියන්න පැටියො, ඇයි මේ? ඔයාට මොකද උනේ? ඇයි මේ ඔයාගෙ මූණ තඩිස්සි වෙලා? අත් ඇයි නිල් වෙලා මේ විදියට? මට ඇත්ත කියන්න? " ඔයා එහෙම කියද්දි ඔයාගෙ කටහඩ හොදටම බිඳිලා.

"මගෙන් මුකුත් අහන්න එපා අයියා. ඔයා නොදන්න දේවල් ගොඩක් මගෙ ජීවිතේ තියෙනවා. මට ලං වෙන්න එපා. ඔයාටත් දුකක් විතරයි. මගෙ ලඟ විනාඩි පහක් ඉදලා ඔයා යන්න අයියා. ආයෙ කවදාවත් මාව දැක්කත් මාත් එක්ක කතා කරන්න එපා." එක හුස්මට කියාගෙන ගියත් එතනින් එහාට මට එක වචනයක් කියාගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.

"බැහැ. අද ඔයා
ට කියන්නම ඕනෙ ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඔයා අද මට කියනකන් මං මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. විනාඩි පහක් ඇයි කියන්න? ඇයි මට විනාඩි පහක් ඉන්න කිව්වෙ? කවුරුහරි ඔයාගෙ පස්සෙන් පන්නනවද?"

"නෑ නෑ අයියා. මට ඔයා ලග ඉන්න ආස නිසයි කිව්වෙ. මට විනාඩි පහක් දෙන්න කියලා.. මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා මං එහෙම කියන එක වැරදි ඇති. මං දන්නෙ නෑ. ඒත් මට විනාඩි පහකට මේ විදියට ඔයා ගාව ඉන්න දෙන්න. ඒ ඇති මට හැමදාටම.."

"ඒ කියන්නෙ ඔයා.. ඔයා මට ආදරෙයි ද?
කතා කරන්න පැටියො? මට කියන්න"

"එහෙනම් ඇයි මාව එළවගන්න හදන්නෙ? මොක
ද්ද ප්‍රශ්ණෙ?"

"මං ආදරෙයි..මහ ගොඩක් ආදරෙයි.. ඒත් කවදාවත් ගෙදරින් කැමති වෙන්නෙ නෑ. ඒ නිසයි මං ඔයාට යන්න කියන්නෙ.. අපි ට ආදරේ කරන්න බෑ. මට මගෙ අම්ම තාත්ත ට විරුද්ධව දේවල් කරන්න බෑ. ඒත් මං අකමැති කෙනෙක්ව මට බදින්නත් බෑ. එයාලා ඒක තේරුම් ගන්නෙත් නෑ. මට මගේ ප්‍රශ්ණ වලින් බේරෙන්න බැරිව ඉද්දි ඔයාවත් ආදරේකට පටලවගෙන ඔයාත් දුක් විදිනවා බලන්න ඕනෙ නෑ මට.ඒකයි කියන්නෙ මාව අමතක කරන්න. ප්ලීස් මට පේන්න එන්න එපා. මට.. මට..ඔයාව දැක දැක හිත හදාගන්න අමාරුයි. මාව.."

"නංගා ඔයා කියන දේ මට පැහැදිලි නෑ. මොකද්ද අකමැති කෙනෙක් බදින කතාව? ඒ කියන්නෙ ඔයා දැන් බදින්න ද යන්නෙ? "
ඔයා එහෙම අහද්දි ඔයා ගෙ ඇස් දෙක මහ ගොඩක් ලොකු වෙලා තිබුනා. අපි දෙන්නා ටික වෙලාවක් කතා නොකර ඔහේ බලන් හිටියා. මගෙ දකුණු අතේ නිල් පාට තැලුම් පාරක් අතගාන ගමන් ඔයා මගෙ ඇස් දෙකට එබුනෙ උත්තර හොයන්න කියලා මට දැනුනා.. තවත් ඔයාගෙන් දේවල් හංගලා වැඩක් නෑ කියලා මං ඒ වෙලේ තේරුම් ගත්තා.

"මගෙ තාත්තගෙ හොදම යාලුවා.. එයගෙ පුතා මට වඩා අවුරුදු හතරක් ලොකුයි. අපේ තාත්ති ඒ
න්කලුයි ඒ කාලෙ ඉදන් හිතන් ඉදලා තියෙන්නෙ ලොකු වෙලා අපි දෙන්න ව බන්දන්න. ඒ න්කල් දැන් මැරිලා. ඒත් මං කැමති නෑ. එයාල බල කරනවා. මං එයාට කැමති නෑ. එයා හිතන පතන විදිය හරි අමුතුයි. මං එහෙම ජීවිත වලට ආස නෑ. ඒත් අපේ ගෙදරින් තේරුම් ගන්නෙ නෑ. එයාගෙ නම.. ඉන්දුල..

මං ඒ අන්තිම වචන කියද්දි ඔයාගෙ කට ඉබේටම ඇරුනා..

"ඒ කියන්නෙ නංගි ඔයාගෙ නම දාල තියෙන්නෙත් ඒකට ගැලපෙන්න.. " ඔයා එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.
"එතකොට කවුද ඔයාට මෙහෙම කලේ? ඌ ඔයාට ගැහුවද?"
"කතා කරන්න පැටියො?"

"නෑ, අපේ තාත්ති, මං ඉන්දුලට බැන්
නා, එයා මගෙ පස්සෙන් ක්ලාස් එකටත් එනවා. මහ කරදරයක්. මං කොච්චර බෑ කිව්වත් මගෙ පස්සෙන්ම එනවා. මං එයා එක්ක එන්නෙ නැතිව බස් එකේ ආවා කියලා තාත්ති ගැහුවා. අපි දෙන්නට කවදාවත් ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙ නෑ. මේක හීනයක් විතරයි. බොරුවට අපි දෙන්න හීන දැකල අන්තිමට දෙන්නම දුක් විදිනවට වඩා හොදයි දැන්ම ඈත් වෙන එක. මට පොරොන්දු වෙන්න ආයෙ මාව හොයන් එන්නෙ නෑ කියලා. අපි දෙන්නම දුක් විදිනවට වඩා ඒක හොදයි. ඔයා මට ටිකක් හරි ආදරේ නම් මට පොරොන්දු වෙන්න ආයෙ මාව හොයන් එන්නෙ නෑ කියලා. " තවත් මොන මොනවදෝ මං කිව්වා. ඔයා ඒ හැමදේම අහන් හිටියෙ මගෙ අත අල්ලගෙනමයි..

තවත් එතන ඉදලා තේරුමක් නැති හින්දයි මං ඔයාගෙ අතගසලා දාල නැගිටලා ආවෙ. මගෙ කරුමක්කාරකමට තව
ත් ජීවිතයක් අමාරුවෙ දාන්න බැරි නිසයි. එදා ඔයා ගැන තිබුන ආදරේ අදටත් එහෙමම මගෙ  හිතේ ඉතිරි වෙලා. ඔයාගෙ හිතේත් එදා මං ගැන තිබුන ආදරෙන් බිංදුවක් හරි ඉතිරි වෙලා තියෙනවා නම් කියලා  හිත හිත වළාකුළු බැම්මට හේත්තු වෙලා කොයි තරම් නම් අතීතය ගැන හිතන්න ඇත්ද? එදා ඉදන් අද වෙනකන් ජීවිතේ වෙනස් වෙලා තියෙන විදිය, කරපු කියපු දේවල්, අන්තිමට හැමදේම අතරලා නුවර ආපු දා වෙනකන් සිදුවීම් කතන්දරයක් වගේ කී පාරක් නම් මගෙ  හිතට ගලාගෙන එන්න ඇත්ද?

මීට අවුරුදු එකහමාරකට විතර කලින් ලියපු ඩයරියක පිටුවක් කියවද්දි ඒ හැමදේම ආයෙ ඇස් ඉස්සරහ මැවෙද්දි ආයෙත් වෙනම ලෝකෙක අතරමං වෙන්නෙ ඒ ආදරේට තාම හිතින් ආදරෙ කරන නිසා කියලා පුරුදු විදියටම හිත හදාගෙන ආයෙත් මං හිනාවෙනවා..

29 comments:

  1. අහම්බෙන් ගොඩඋනේ ...කියන්නෙ මොනවද කියල හිතාගන්න බැහැ හුස්ම හිරකලා වගේ හිත හිරඋනා.මේ වගේම නැතත් මිට සමාන අත්දැකීමක් තියනව.හ්ම්ම් ..අතීතය මතක් උන නිසා වෙන්නැති මේ ඔක්කොම

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා හංසි..

      අතීතෙ දුකක් නම් මතක් නොකර ඉන්න එක තමා හොද..
      දුක හිතෙන අතීත කතාවක් මතක් කරල ඒ ආදරේ විදින්න පුලුවන් නම් විතරක් ඒව මතක තියාගන්න හංසි. නැත්තම් අමතකම කරල දාන්න බැරි වුනත් අඩුම ගානෙ මතක් කරලා දුක හිතන්න එපා..

      Delete
  2. අති විශිෂ්ටයි චණ්ඩි නංගි.
    මේ කතාව කියවද්දී තප්පර ගානකට හදවත නවතිනවා , ඒ රිද්මය ඔය පවත්වාගෙන යන හැටි හරිම අපූරුයි , මේ හැකියාවෙන් වැඩිපුර නොලියවෙන්නේ නම් උඹේ කම්මැලි කමටම තමා . කොහොම වෙතත් මගේ සුබ පැතුම් ලස්සනයි උපරිමයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඉවාන් අයියා..

      ඇත්තටම ඉස්සර නම් හුඟක් ලිව්වා. ඒත් මං විතරයි ඒවා කියවලා තියෙන්නෙත්. මේ කතාව මේ විදියටම දිගටම අරන් යන්නත් හිතෙනවා. ඒත් ඒක කොයි තරම් දුරට කියවන් යන්න මේ බ්ලොග් එක කියවන අයට පුලුවන් වෙයි ද කියන එක තමයි ප්‍රශ්නෙ..

      අයිය වගෙ ලියන්න හැකියාවක් තියෙන කෙනෙක්ගෙන් මේ වගේ කමෙන්ට් එකක් මට ලෝකයක් වටිනවා.

      Delete
  3. ඉක්මනට ඉක්මනට ඉක්මනට කියවත හැකි , පහසුයි රසයි

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තූති යාලුවා..

      Delete
  4. හරිම ලස්සන සංවේදී කතාවක්. කමෙන්ට් වලට ඉඟි කරන තැන් දෙක තුන තිබුණත් මෙහෙම කියන්නම්. ඇත්ත කතාවක් නම් කතා නායිකාවට තියෙන්නෙ ගෙදරට බම්ඹු ගහගන්න කියල මේ කෙනාව හොයාගෙන සෙට් වෙන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...
      කතා නායිකාව ගෙදරට ඕන දෙයක් කරගන්න කියලා තනියම ජීවිතේ පටන් ගත්තත්, තවත් ජීවිතයක් අම්ම කෙනෙක්ගෙන් තාත්ත කෙන්ක්ගෙන් ඈත් කරන පවට කරගහන්න බැරි නිසා ඒ ආදරේට වෙඩි තියලා දැම්මලු..

      හැබැයි ඒ මැරිල ගියපු ආදරේට තාම ආදරෙයි ලු..

      Delete
    2. හිතට කරදරයක් නෙමෙයිනම් තව කොටසක් ලියන්න.

      Delete
    3. මෙකෙ තව කොටස් දෙකක් විතර ලියලා තියෙන්නෙ. හිමින් සීරුවෙ දාන්නම් ඉයන් අයියා.

      Delete
  5. ඒ මේ ආදරේද බන්, මේක හැබෑම සීන් එකක්ද? පරණ ඩයරි තියෙනවා සමහර පිටු හිත පාරවනවා, තවත් පිටු හිත හිනස්සවනවා, මොක උනත් අපි මතකයන්ට ආදරේ කරනවා, ඔයාගේ කතාවේ අකුරක් අකුරක් ගානේ ආදරේ කියන්නේ මොකක්ද කියන එක හදවතට දැනෙනවා, එක මුල ඉඳලා අගට යනකන්ම එහෙම්මමයි,

    මට මේකත් එක්ක මතක් උනේ මේ පද පේලි ටික

    ප්‍රේමය ලොව හැමතැනම ඇති
    හැමදෙනාටම හමුවෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනා ගත් කිසි කෙනෙකු නැති

    මේ කතාව ඇතුලෙත් ප්‍රේමය මේ යයි හඳුනා ගන්න කරන අරගලය...... වචන නැහැ කොහොම කියන්නද කියලා, උපරිමයි, කම්මැලි නැතුව ආයේ ලියමු, ඔය කිව්වට මමත් කම්මැලියෙක් තමයි, කාලෙකින් කියවපු ලස්සනම කතාවක්, ඒ ලස්සන බව හැමදාමත් ඔබේ නිර්මාණ අතර රැඳිලා තියේවි කියලා හිතනවා, ජය.

    ReplyDelete
    Replies
    1. ඒ මේ ආදරේ නෙමෙයි බන්.. මේ ඒ ආදරේ ..

      කොහේදෝ කවදදෝ වුන ඇත්ත කතාවක් තමයි.. ඇත්තටම ඇත්ත සොමියෝ.. ඔය සින්දුවෙ කියනවා වගෙ ආදරේ තේරුම්ගන්න හරි අමාරුයි.. අනේ මන්දා ඉතින්.. බොහොම ස්තූති ඔයාගෙ අගය කිරීමට.. ම්.. දිගටම ලියමුකො එහෙනම්. ඈ බන් කම්මැලි වෙන්න එපා කියලා තවත් කම්මැලියෙක් කියනවා ඇහුවමයි.. හිකිස්..

      ලොකුවට ලියන්න කියන්න දන්නෙ නෑ. ඒත් දිගටම ලියන්න තමයි දැන් හිතන් ඉන්නෙ.. බොහිම ස්තූතියි යාලු..

      Delete
  6. මේ වගේ ඩීල් තවම තියනවද?

    ReplyDelete
    Replies
    1. තව ඕන තරම් ඇති රාජ් අයියා.

      Delete
  7. ඔන්න ඔය ගහපු එකා මට පෙන්නහං නංගි...!!!

    ReplyDelete
    Replies
    1. පෙන්නුවමයි කියමුකො.. එහෙම කරා කියලා මුකුත් වෙනස් කරන්න බෑ අයියා දැන්..

      මේ ඒක නෙමෙයි කෝ පුතු පැටියා හම්බුනාට කේක්?

      Delete
    2. ගේ ගාව කඩේ නැතැයි? මං කිව්ව කියල සල්ලි දීලා අරං කන්න හිතේ හැටියට...

      Delete
    3. අපේ පැත්තෙ කේක් නෑ අයියා. කඩේ මුදලාලි කිව්ව ඩ්‍රැකියගෙන්ම ඉල්ලගන්න කියලා..

      Delete
    4. කේක් නැත්තං පාං වත් නැතැයි?

      Delete
    5. අපෝ එපා කේක්..ලෝභ ඩ්‍රැකී අයිය....
      :P

      Delete
    6. හම්බවෙයි ඩ්‍රැකියගෙන් කේක්ම.
      හෙන ලෝභයා..
      බස් එකේදි කොන්දොස්තර ඉතිරි රුපියල් පහ දුන්නේ නැති උනාම ඒ දුරට හරියන්න බස් එකේ තව කිලෝමීටරයක් ගිහින් බහින්නේ....

      Delete
    7. ආපෝ ඒතරම් ලෝභයි නම් ඉතින් කේක් තියා පාන් වත් අරන් දෙන එකක් නෑ. එහෙනම් ඉතින් මනෝ මන්දිර ගානෙවත් කේක් කමු..

      :P

      Delete
    8. රුපියල් පහ නෙමෙයි යකෝ... රුපියල් දෙක දුන්නැත්තෙ.

      Delete
    9. හපෝ ලෝභ ඩ්‍රැකි අයියා උඩුකුරුඤ්ඤන්
      :P

      Delete
  8. සංවේදි කතාවක්.මේ කතාවේ විදියටම නොවුනත් මේ හා සමාන අත්දැකීම් අපි හැමෝටම තියනවා..
    ඔබ ලිවිමෙහි දක්ෂයි..

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තූති මනෝ මන්දිර...

      හැමෝම ආදරේ නිසා ටිකක් හරි විදවලා තියෙන නිසා වෙන්න ඇති මං හිතන්නෙ විරහ ගීත වලට වෙනසක්නැතිව හුඟ දෙනෙක් කැමති..

      Delete