Thursday, September 24, 2015

ආදරී දෝනි..

ආලකම් පෑ සිහිල් සිහිනෙට
කෝලකම් පිරි සිනහ අරගෙන
වැඩිය තරු කැකුලියයි පෙම්බර
දෝණි මා හද පෙමින් පුරවන

මතු දිනේ දිදුලන්න හරි හැටි
යහ ගුණත් එක ලෙසින් කර කැටි
ඔබ නමින් පැතුමන් ඇහින්දෙමි
හද ගැහෙන රිද්මයට නළවමි

සුසුම් දුක් මැද සිනහ ගන්වා
උණුසුමේ තුරුලේම උන්නා
පණත් සරී මට දෝනි නුඹ මා
සුපැතුවා දීඝායු නිති මා

හිරු සදුත් තාරකා හඩවා
ආලකම් පෑ දෝනි නුඹ මා
තුරුලේම සීතලින් මිදිලා
යන්න නුඹ ගොස් හදම දවලා

කෝලකම් පෑ මුහුණ නිසලයි
මිහිරි මීරස ගීත නො ඇසෙයි
දෙනෙත් කඳුලින් පිරී ඉතිරෙයි
දෝනි නුඹ මා තවම නිහඩයි