Friday, March 16, 2012

අනේ අපොයි උපන්දින තෑග්ග!!

 
ඔයාලට මං පෙරේදා  කිව්වනෙ අයියාගේ උපන්දිනේ කියලා. මේ කියන්න යන්න අයියාට තෑගි හොයන්න ගිහින් කාපු කට්ට ගැන


මාත් ඉතින් බ්ලොග් එක පැත්තෙ එහෙම ඇවිත් අනිත් අයගෙ බ්ලොග් කියව කියව ඉන්න අතරෙ නිකමට වගේ හිතුනා අයියා ගැන ලිව්ව නම් හරි අද උපන්දිනෙත් නිසා කියලා. මුලින් හිතුවෙ නිසදැසක් දාන්න සුභ පැතුමක් විදියට. ඒත් ලස්සනට ගලප ගන්න බැරි උනා.. ඒ නිසා හිතට දැනෙන දේ ලියල දානවා කියලා ඔන්න ඔහෙ ලිව්වා.. කට්ටිය නම් ගොඩක් කමෙන්ට් කරලා තිබ්නා. බොහොම ස්තූති ඕන්.. ඉතින් ඔය පොස්ට් එක දාලා කෙලින්ම ගියා අයියාට තෑග්ගක් ගන්න.මගේ යාලුවා සදූ ටත් එන්න කිව්වා මගට..  

තෑගි ගන්න ගියාට මොකක් ගන්නවද කියල හිතා ගන්න බැරිව හිටියෙ. ගිය අවුරුද්දෙ බෙල්ලෙ බැද ගන්න කියලා ටයි එකකුයි ඒකට ගහන කටු පෙට්ටියකුයි තමයි අරන් දුන්නෙ.මේ පාර මොකක් අරන් දෙන්නද මංද? ඔහොම හිත හිත දවස් ගානක් ඉද්දි තමා මතක් උනේ අයියාට මං ඔරලෝසුවක් ණයයි කියලා. මං එයාගේ ඔරලෝසුව කැඩුවානෙ. ඒත් ඉතින් සල්ලි නෙ ඊලග ප්‍රශ්නෙ..

මං තාම රස්සාවක් කියල එකක් කොරන්නෙත් නෑනේ. මං චන්ඩියා වගේ වෙනදට වියදං කරන්න හදන්නේ ඉතින් මට ගෙදරින් වගේම නෑදෑ වෙන අයියලා අක්කලා දෙන සල්ලි තමා. කොයි හරි ගිහින් මුකුත් ගන්න ගියත්, ආසාවටවත් මට වියදං කරන්න දෙන්නෙ නෑ අයියා. ඒකට අපේ අක්කිල දෙන්න. ඒ වෙලේට අරං දෙනවා. ඊටපස්සෙ එයාලගෙ යාලුවන්ට, අපේ නෑදෑයො ගෙදර ආවම එයාලාට  කියන්නෙ මෙහෙමයි.
"අපෝ මෙයාට අරක අරං දුන්නෙ මං අර කඩෙන්, මේක අරන් දුන්නෙ මං... කොහෙවත් ගියොත් ඉවරයි මෙයාගෙන් බේරෙන්න බෑ අනේ.. "

මාත් එක්ක තරහා ගියාම මට කියන්නෙ මෙහෙම.
"තමුසෙට පිනට හම්බෙනවනෙ හැමදේම.. නෑ කියද්දි කියන පරක්කුවට අරන් දෙනව නෙ ඔක්කොම.. එහෙම වෙලත් අපිටමයි පව් දෙන්නෙ.. මහ කරුමයක්"

ඒත් මං මොනාහරි මගේ ගානෙ ගන්න ගියත් අයියා කියන්නෙ
"හා හා පන්ඩිත ආච්චි වෙන්නෙ නැතිව ඕක තියාගන්නවා.. ඔයා රස්සාවල් කරන්නෙ නෑනේ වියදං කරන්න. ඔයා ඉතුරු කරගත්ත සල්ලි තියාගන්න යලුවෝ එක්ක යද්දි හරි තනියම යද්දි හරි වියමට. අයියා එක්ක යද්දි නංගිලා සල්ලි වියදං කරන්නෙ නෑ හලෝ.."

"අනේ අයියා ඔයා හැමදාම ගන්නවනේ.. හැම එකටම ඔයානෙ වියදම් කරන්නෙ.. අනේ අද විතරක් මං ගන්නම්කො.. හොද අයියා නේ.. මං ලග සල්ලි තියෙනවනෙ අම්මා දීපු කීයක්වත් වියදං  වුනේ නෑ අද...."

"මගෙන් අහගන්න එපා දැන්. කිව්වම අහලා ඔය සල්ලි ඔයා ලගම තියාගන්න. ඔයා කවදාහරි ඔයාගෙම මහංසියෙන් දෙයක් හම්බ කරපු දවසට මට අරං දෙන්නකො මොනාහරි.. හරිද පැහිච්ච ආච්චියේ "

ඉතින් එහෙමත් කරන අයියට හොද තෑග්ගක් අරං දෙන්න එපැයි. එහෙමයි කියලා කොහෙද මට මං හම්බ කරන සල්ලි.. අයියා මං මොනාම හරි ගන්න හැදුවත් කියන්නෙ "ඔයා හම්බ කරපු දවසට මටත් එක්ක අරං දෙන්නකො." දවස් ගානක් තිස්සේ මගෙ ඔලුවෙ වද දුන්නෙ ඔය කතාව.  ඒ අස්සෙ තමයි දේවතාවියක් වගේ මගේ යාලුවෙක්, හදන්න කියලා භාරගත්ත ප්‍රොජෙක්ට් එකක්, හදන්න වෙලා නෑ කියල මට කතාකරල හදලා දෙන්න පුලුවන් ද ඇහුවෙ.  ඒකට හම්බෙන ගාන මට දෙන්නම් කියලත් කිව්වා. ඒ යාලුවා දැනන් හිටියා කොහොමත් මං හිටපු ප්‍රශ්නෙත්. ඒ නිසාම වෙන්න ඇති ඒ වැඩේ මටම දුන්නෙ. ඒ වැඩේ ඉවර කරාම මට හම්බුනා 4,500. ඔය සල්ලිත් එක්ක මං හිතුවා දැන් ප්‍රශ්න ඔක්කොම හරි කියලා.

තව ටිකෙන් කියන්න අමතක වෙනවා. මේ චතාරික කාලේ නෙ. ( ජේසු මැරුන දවසට කලින් දවස් 40 ක කාලය සලකන්නෙ චතාරික කාලය කියලා. මේ කාලෙට ජේසු දුක් විදපු එක සිහි කරනවා.. එක්වරු ශීලය රකිනවා.. ) ඉතින් අයියා කලින්ම කිව්වා උපන්දිනේට මුකුත් කරන්නෙ නෑ කියලා. ඒත් එහෙමයි කියල අවුරුද්දට එක පාරක් එන මගෙ අයියාගෙ උපන්දිනේ එහෙම අත ඇරල දාන්න බෑනෙ. ඉතින් මං හිතුවා ලොකුවට නෙමෙයි පොඩියට.. ශේප් එකේ තෑග්ගත් එක්කම පුංචි කේක් එකක් ගන්නව කියලා.

ඉතින් අර කිව්වා වගේ මං හවස ගියා සල්ලිත් අරගෙන තෑගි හොයන්න. ඔහොම යද්දි සදූ හොද ප්‍රසිද්ද සාප්පු සංකීරනයක හොද ඔරලෝසු තියනවා. ගානත් ශේප් කියලා. මාත් පැනපු ගමන් කිව්වා එහෙනම් එහෙ යන් කියලා.. චන්ඩියෝ වගේ ගියාට මොකෝ ඒ පැත්තෙ පාරවල් දන්නෙත් නෑ. මං ඉතින් ජීවිතේට තනියම ගිහින් නෑ ඔය කියපු තැනට. ගෙදර කට්ටිය එක්කයි නෑදෑ පරම්පරාව එක්කයි ගිහින් තිබ්බට ඉතින් ඒ වෙලෙට පාරවල් බල බල යනවයෑ. එහෙම යන වෙලේට බස් එකේ යෑවෙන්නෙත් නැති නිසා බහින්න ඔනේ තැන හරියට දන්නෙ නෑ.  බන්ඩ කොළඹ ආවත් ඔය කියන තැනට යන්න දන්නවා මං හිතන්නෙ. ලැජ්ජාවයි අපි දෙන්න හෝල්ට් 2කට කලින් බැස්සා නෙ. මොනා කරන්නද ඉතින් ඊටපස්සෙ ඔය කියන තැන හම්බෙනකන් කට්ට අව්වෙ පිච්චි පිච්චි ඇවිදන් ගියා.. එහෙම යනකොට එක තැනක හතරමං හන්දියක් වගේ තිබුනා.. ඉතින් අපි හොදට පාර එහෙම බලලා අනිත් පැත්තට යන්න හදුවෙ.. පාර මාරුවෙන ගමන් මගක් ගියාමයි ක්ලික් උනේ  අපි හතරමං හන්දියක් කියල හිතුවට ඒක තුන්මං හන්දියක් කියලා. අපි හොදට පාරෙ වාහන නවත්තලා තියෙන්නෙ කියල හිතාගෙන පරිස්සමට පාර පනිනවා කියල හිතුවට අපි ඇත්තටම පාර පැනලා නෑ.. එතන තිබිලා තියෙන්නෙ කාර් පාර්ක් එකක්. හොද වෙලේට දන්න කියන එකෙක් දැක්කෙ නෑ අපි වම බලා දකුන බලා නැවතත් වම බලා පාර පනිනව වගේ කාර් පාර්ක් එකක් අස්සෙන් ඇවිදන් යනවා.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි ගියා කියමුකෝ.. ඒ ගිහින් දැන් අපි ඔරලෝසු බලනවා.. මාත් ඉතින් අතේ 4 500 ක් තියෙන නිසා ආයේ නෑ බය නැතිව ගියා ඇතුලට තියෙන හොදම එක ගන්නව කියලා.. හෆ්ෆා.. ඇඩෙනවා.. මෙන්න බොලේ වෙලාව බලන ඔරලෝසු 80 000, 57 000, 60 000 මට ඉන්න තැනත් අමතක උනා. ඇයි අප්පා අපේ ඔරලෝසු එහෙම ගනන් නෑ නෙ.. ලේඩීස්  ඔරලෝසුවක් ගන්න පුලුවන්  2000 ක් විතර වෙද්දි හොද එකක්.. අතන තිබුන අඩුම ඔරලෝසුව 26 450 හැරෙන තෑපෑලෙන් එලියට ආවා.. දෙයියනේ මේ මොන මංගල්ලයක්ද?? දැන් මොකෝ කරන්නෙ? තව තැනකට යමු කියලා මං සදූවත් ඇදන් තව ඔරලෝසු කඩේකට ගියා..  ඒකෙත් වැඩි වෙනසක් නෑ.. තව එකකට ගියා.. එතන නම් යන්තම් 5000 ගනන් වලට තිබුනා ඔරලෝසු.. එතන තව 4000 ගනන් වලටත් තිබුනා.

ඒත් ඉතින් තියෙන අඩුම එක ගන්නත් හිතට හරි නෑ..  ඔන්න යන්තම් කඩේ හිටපු කෙනාට බටර් ගාලා ගාලා තියෙන ඩිස්කවුන්ට් ඔක්කොම දාගෙන යන්තම් 5 900 ගානක එකක්  4 750 කට ගන්න කැමති කරගත්තා. ඒ මනුස්සයාටත් අපේ වදේ නිසාම ඒ ගානට දෙන්න කැමති වෙන්න ඇති.
"මිස් ඔය තරමට කියද්දි බෑ කියන්න බැරි  නිසා ඔය ගානට දෙනවා. නැත්තම් ඔය ගානට දෙන එක පාඩුයි මිස්"

එහෙම කිව්වාමත් පස්සෙයි මං කිව්වෙ "මේ  ඔරලෝසුව නම් කාටවත් දෙන්න එපා.. අපි විනාඩි 15 න් ආයෙ එනවා.."     
මිනිහා ගේ මූන බලන් ඉද්දි රතු උනා.. ඇයි හත්තිලව්වේ අච්චර කන් කෙදිරි ගාල ගාන අඩු කරගෙන එහෙම කිව්වම.. මෑන් වෙන මුකුත් කියන්න කලින් සදූ මාවත් ඇදගෙන එලියට දිව්වා. සදූ හොදටම දන්නවා මට ප්‍රොජෙක්ට් එක ට හම්බුනේ  4 500 කියලා. බෑග් එකේ තව 200 ගානක් තිබුනා. ඔනේ නම් මදි පාඩුවට සදූගෙන් ඉල්ලගන්නත් තිබ්බා. ඒත් ඔනෙ උනේ මට මං මන්සියෙන් හම්බකරපු සල්ලි වලින් විතරක් අයියාට දෙයක් ගන්න.  ඒ නිසා සදූ ත් අවුල් වෙලා මේ විනාඩි 15 න් කොහෙන් සල්ලි හොයන්නද කියලා. ඒත්  මට අර කඩේ දි දෙයක් මතක් උනා.. අපි ඉගෙන ගත්ත පන්තියෙ පොඩි අමුතු වැඩ පිලිවලක් තිබුනා.. පොතක ලියලා තියෙනවා එදා දවසෙ කෙරෙන්න ඔනේ වැඩ ටික. ඒවා කැමති කෙනෙක්ට කරන්න පුලුවන් ඔනෙ නම්.. ඒ ඒ වැඩේට අදාලව මුදලක් නියම කරලා තියෙනවා. ඒ මුදල ඒ වැඩේ කරන කෙනාට ලබා ගන්න පුලුවන්.  අන්න ඒක මතක් වෙලායි මං අර කඩේ මනුස්සයට කිව්වෙ අපි එනකන් ඒක තියාගන්න කියලා. ඉතින් ඔය කතාව සදූට කිව්වම සදූ නම් කලේ පන්තිය ගාවට යනකන්ම මට බැනපු එක. "ගෙදරින් දන්නවනම් ඔයාව මරයි පිස්සු නටන්න එපා. සල්ලි තියාගෙන ඇයි මේ ඔහොම කරන්නෙ? " ඒ වෙලේ ඒ දේවල් අහන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. අයියා එන්න කලින් තෑග්ග අරන් ගෙදර යන්න ඕනේ.

මං පුලුවන් තරම් ඉක්මන්ට පන්තිය ගාවට ගිහින් පොත අරන් බැලුවා. එකේ තිබුන ගොඩක් වැඩ ඒ වෙද්දිත් කරල ඉවර වෙලා තිබුනෙ.. මට කරන්න පුලුවන් වැඩ ටික කරන්න ගත්තා මං ඉක්මන්ට. ස්ටාෆ් රූම් එක අස් කරන එක නම් ඒ තරම් අවුලක් නෑ. ඒත් කාර්පට් දාපු හරිය හූවර් කරන්න උනා.. මට ටිකක් වීස් ගතිය තියෙන නිසා දූවිලි ඇවිස්සෙද්දි අමාරුයි. පුස්ථකාලෙ වහලා දාල තිබුන පරන පොත් තියෙන හරිය අස් කරන්න උන එක තමා ගොඩක්ම.  එතන දූවිලි එකයි. ඒ රාක්ක පිහිදාන්න ගිහින් පිපිරිච්ච වීදුරුවකට මගෙ අතත් කැපුනා. අන්තිමට කොහොම හරි මට 500ක් හම්බුනා. ඒකත් අරන් ආයෙ ඔරලෝසුව ගන්න එද්දි ඒ මනුස්සයා ඒක වෙන කෙනෙක්ට විකුනලා..

"ඒ ඔරලොසුව අනිත් එක්කෙන වෙන කෙනෙක්ට විකුණලා මිස් සොරි මිස් මං ටිකකට එලියට ගිහින් හිටියෙ අනික මිස් එනවා කියපු වෙලාවත් පැන්නනෙ.. "

ඒ මනුස්සයා ඔය ටික කිව්වා විදිහට මගෙ ඇස් දෙකට කදුලුත් ආවා. මේතරම් කට්ටක් කාලා අයියාට ඔරලෝසුව ගන්න එද්දි ඒක නෑ, දැන් කොහෙන්ද තෑගි හොයන්නෙ? දැනටත් පරක්කුයි.

ඒ මනුස්සයා බය වෙන්න ඇති කලින් පාර හොදට හිටපු කෙල්ල දැන් එද්දි අතත් තුවාල කරගෙන..  නහයත් ජම්බු ගෙඩියක් වගේ වෙලා... ඇයි ඉතින් වීස් ඇවිස්සුන නෙ

"මිස් ඊට වඩා හොද ඔරලෝසුවක් දෙන්නම් මිස් අඩු කරලා.. මං ඉස්සෙල්ලම පෙන්නුවෙ මේ 6000 ගානේ එක ඒක ගන්න මිස් කලින් ගානටම, අජෙස්මෙන්ට් එකක් තියෙනව නම් ගේන්න මිස් මෙහෙටම අපි ෆ්‍රී කරලා දෙනවා.. සොරි මිස් මේ තරම් ලොකුවට අවුල් වෙන්න නම් ඔරලෝසුව පිටිපස්සෙ ලොකු කතාවක් ඇතිනෙ. ඔන්න මිස් කලින් කියපු ගානටත් වඩා අඩු කරා"

අන්තිමට ඔරලෝසුව හම්බුනා 4 200 ගානකට.. තෑගි ඔතන කොල වලටයි... ඉටිපන්දම් වලටයි තව තෑග්ග දාල දෙන්න පුංචි ලස්සන බෑග් එකකුයි ගන්නත් හිතුවට වඩා වියදන් උනා. ඊට පස්සෙ දිව්ව ආයෙ කේක් හොයන්න..  කේක් ගන්න ගියෙ ටුක් ටුක් එකක මොකද ඒ වෙද්දිත් හොදටම පරක්කුයි. ඉතින් එතනත් වියදන් උනා..  සදූ දවල්ට කාලත් නෙමෙයි හිටියෙ.. මං නිසා එයා දවසම රස්තියාදුව.. ඒ නිසා කෑම එකක් සදූට බලෙන්ම අරන් දුන්නා. ඉතින් ඔය ඔක්කොම ඉවර උනාම කේක් එකක් ගන්න තරම් සල්ලි ඉතුරු වුනෙත් නෑ. ඒ නිසා චූටි කප් කේක් එකක් අරන් සදූවත් බස් එකට දාලා මාත් බස් එකේ නැග්ගා..
අනේ අපොයි උපන්දින තෑග්ගක් ගන්න දහ දුක් වින්දා මං

කෝම කෝම හරි අමාරුවෙන් ගත්ත තෑග්ග අයියාට දුන්නාම මට දැනිච්ච සතුට ඔක්කොටම වැඩී.. අයියාට එහෙන් මෙහෙන් විස්තර කියද්දි තෑග්ග ගැන අයියා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉදලා, මෙහෙම කියද්දි මගෙ අයියාට ඒ අරන් දුන්න තෑග්ගත් මදි කියල හිතෙන්නෙ මට.

"පිස්සු කෙල්ල. ඔය තරම් දැඟලුවෙ ඇයි මට තෑගි හොයන්න? මගෙ නංගියා මට මොනා දුන්නත් වටිනවා මට.. "
අයියාට වැඩි පුරම හිත ගියෙ එයාට ගෙනාපු චූටි කප් කේක් එකටයි එකෙ උඩට ගහන්න ගත්ත චූටි ඉටිපන්දමටයි.. මගෙ අයියා මහ පුදුම විදියට ජීවිතේ දිහා බලන කෙනෙක්..
අම්මත් කිව්වා තෑග්ග ලස්සනයි කියලා :)…

ප.ලි. අයියා ට කිව්වෙ ප්‍රොජෙක්ට් එක ගැනයි, පන්තියෙ වැඩකින් සල්ලි හොයා ගත්තයි කියලයි විතරයි.. එයාට තෑගි ගන්න මං දූවිලි අස්සෙ දැගලුව කතාව කිව්ව නම් මට ගුටි.. ඊටත් වඩා අයියා හිත රිඩෝගනී.. එතකොට මට පව් නෙ..

36 comments:

  1. පෝස්ට් එක ටිකක් දිග වැඩිද මංදා.. :O

    ReplyDelete
  2. අයියල නංගිල මරු නේද....පිස්සටත් ඉන්නව නොවැ නංගියෙක් මට මේ පිස්සු වැඩි වුනෙත් නංගි නිසා තමයි......ලස්සනට ලියල තියෙනව දිග වැඩියි කියල හිතුනට දිග වැඩිත් නෑ අනේ........

    ReplyDelete
  3. අයියාලා නංගිලා නම් මරු තමයි. ඇත්තට? හැබැයි ඉතින් මගේ අයියාට නම් තිබ්බ පිස්සුව නැති උනේ මාව හම්බුනාම පස්සෙලු.. :P බොහොම ස්තූති ඈ..

    ReplyDelete
  4. ඔයා ගොඩක් හොඳ සහෝදරියක් නංගි..මට නම් අයියල මල්ලිල නැහැ..ඒත් ඔයාලගෙ බැඳීම දැක්කම ලොකූ සතුටක් දනුනා..ඔයා අයිය ගැන ආඩම්බර වෙනව වගේම අයියත් ඔයා ගැන ගොඩාක් ආඩම්බර වෙනව ඇති..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අක්ක්යෝ.. අක්කි මේ පැත්තට ආවට මටත් ලොකු සතුටක් දැනුනා..
      …: D

      Delete
  5. පොස්ට් එක දිග වැඩි වුනාට අකුරන් නෑර ආසාවෙන් කියෙව්වා කතාවක් කියවනවා වගේ. නංගි තමයි නංගි. අයියගේ උපන් දිනේ වෙනුවෙන් කාපු කට්ට අමතක වෙන්නැති අයියා ආසාවෙන් තෑග්ග ගද්දි. ඔයාලගේ සහෝදරකම් තව තවත් ශක්තිමත් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා නංගි

    ReplyDelete
    Replies
    1. ආසවෙන් තෑග්ග ගත්ත නම් තමයි අයියා.. ඒ උනාට ඒ බූතයට කිව්වනෙ "පිස්සු කෙල්ල" කියලා.. අන්න ඒක තමා අවුල. තන්කූ සිතුම් අයියේ.. දිගටම එන්න හොදේ. මගේ ගුරා නෙ ඔයා..

      Delete
  6. ශා මරු නේ..!!,මේ වෙලාවට තමා හිතෙන්නේ මටත් නංගි කෙනක් හිටියා නම් කියලා.. :( (අඩුම ගානේ මොකෙක් හරි එකෙක්)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා පොඩ්ඩෝ.. නංගි කෙනෙක් ලැබෙන්නත් පිං කරන්න ඔනේ ලු අප්පා : P

      Delete
  7. අනේ ෂෝයි අයියා කෙනෙක්නෙ ඉන්නේ ඔයාට. මතක ඇති කාලෙක ඉඳං මමවත් අයියට උපන්දිනේට මුකුත් අරන් දීලා නැහැ මම ජොබක් කරනවා උනත්. මොකද එයාගේ උපන්දිනේ තියෙන්නේ දෙසැම්බර් මාසේ නිසා එයා තමයි අපි හැමෝටම හැමදේම අරන් දෙන්නේ.ඊටත් පස්සේ අයියා රට ගියායින් අරන් දෙන්න බැරි උනා. :(

    ReplyDelete
  8. අයියෝ එහන්ම් අක්කිට පාලුත් ඇති..ඊලග පාර අයියා ආවා ම මොනාහරි අරන් දෙන්න අක්කි ගානෙ.. :)

    ReplyDelete
  9. මගේමයි කියලා අයියා කෙනෙක් මට නෑ... ඒත් ඒකටත් හරියන්න හොද මල්ලී කෙනෙක්. මල්ලී කෙනෙක් වෙලත් එහෙම නම් අයියා කෙනෙක් කොහොමවෙන්න පුළුවන් ද කියලා හිතෙනවා වෙලාවකට.

    ඔන්න මාත් අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. බ්ලොග් එකේ පසුබිම ලස්සනයි.
    :)

    අයියට ගොඩක්ම ආදරෙයි නේද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාලු... මගේ පුංචි ලෝකෙට ආදරෙන් පිළිගන්නවා ඔයාව.
      …ආයිත් අහලා... අම්මට පස්සෙ වැඩිපුරම ආදරේ අයියාට.. ඒ ඊටත් වඩා අයියා මට ආදරේ කියලා මං දන්න නිසා..

      …මෙහෙ මල් මල් පසුබිමට ඔයාගේ සමනල්ලු එකතු උනාම තවත් ලස්සනයි..

      Delete
  10. දැන් බ්ලොග් එක හොඳයි අකුරුත් කියවන්න පුළුවන්.කමෙන්ට් කියවද්දී කලින් වගේ ඇස රිදෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාලු අඩුව පෙන්නලා දුන්නට.. ඔයාගෙ කමෙන්ට් එක කියෝපු ගමන් තමයි වෙනස් කලේ.. තව අඩුපාඩු දැක්කොත් කියලා යන්න.. ලොකු උදව්වක් මට..

      Delete
  11. ඇත්තටම මගේ ඇස දෙකට කදුළු ඉනුවා මගේ නංගියා,මටත් ඉන්නවා ඔය වගේම හුරතල් මට පනටත් වඩා ආදරේ කරන නංගියෙක්.. පුංචිම කාලේ පුංචි සුදු මල් වැටුන රතු පාට පොඩි ගවුමක් ඇදන් විසි වේවි, මගෙත් එක්ක සෙල්ලම් කල හැටි මතක් වෙද්දී, මට කෑ ගහල මේ දැනුත් ඇඩුන මගේ නංගෝ... අනේ ඒ පොඩි විදියටම හැමදාම අපිට ඉන්න තිබ්බ නම් දෙයියනේ.. ලස්සන පොස්ට් එකක්.. ඔයත් අයියට ගොඩක් ආදරෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් දුක් එන්න එපා.. මට පව් පිරෙනවනෙ හොදට ඉන්න අයියලාව අඩවලා... :(
      ඉතින් ලොකු කාලෙ උනත් සහෝදර කම වෙනස් වෙන්නෙ නෑ නෙ අයියා.. මේක ලස්සනට ලියුවට වැඩක් නෑ නෙ ඔයාල මේක කියවලා දුක් හිතනකොට

      …ඔව් අයියා.. මං මගේ අයියාට ගොඩාක් ආදරෙයි.... ගොඩා....ක්ම ආදරෙයි. එක්කො මගෙ අයියා දේව දූතයෙක් වගේ ආපු අයියෙක්.. නැත්තම් අයියෙක් වගේ ආපු දේව දූතයෙක් ..

      Delete
  12. ඔයා හරිම හොඳ නංගියෙක්‌නේ..

    ReplyDelete
  13. ෂැහ්... මටත් නංගියෙක් හිටියනම් කියලා හිතුණා, ඒත් නෑනේ . කමක් නෑ මොනා කරන්නද! සතුටුයි ඔයා ගැන!

    ReplyDelete
  14. පොස්ට් එක දිග වැඩි නැහැ.මටත් මේ පොස්ට් එක කියවද්දී හිතුනෙ ලහිරු අය්ය කිව්වා වගේ මටත් නංගියෙක් උන්නනම් කියල.මට ඉන්නේ අක්කයි,අයියයි..ඒත් අද එයාලත් ඉන්නෙ මගෙන් ගොඩක් ඈත.

    කතාව කියවද්දී ගොඩක් දුකයි.ඔයා වගේ නංගියෙක් ඇත්තටම ඔයාගේ අයියට වාසනාවක්...

    මගේ පොස්ට් එකට ආවත් මට මේ පැත්තේ එන්න කල් ගියාට තරහ වෙන්න සමාවෙන්න යාලු...

    ReplyDelete
    Replies
    1. පහල කොටස වැරදුන..මෙහෙම ලියන්න හිතුවෙ.

      මගේ බ්ලොග් එකට ආවත් මට මේ පැත්තේ එන්න පරක්කු වුනාට සමාවෙන්න යාලු..

      Delete
    2. අයියෝ මොනාට තරහ වෙන්නද අනේ.. මේ පැත්තට ආපු එකම සතුටක් මට.. සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. ඔයාත් අයෙ ලියන්න ගත්ත එක සතුටක්.. : D

      Delete
  15. කොච්චර හොඳ නංගියෙක්ද....

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි වගේ අනේ දැන් නම් .. ඒත් ඉතින් හොදයි කිව්වට හොදමත් නෑ අක්කි.. මං අයියාට දස වද දෙනව හිටි ගමන්..

      Delete
  16. මට අය්යෙක් නෑනේ..ඉතින් මේවා දකින කොට මට දුක හිතෙනවා.කමක් නෑ අය්යට සුබ උපන්දිනයක්.(අය්යා හරි වාසනාවන්තයි අක්කෙ ඔයා වගෙ නංගියෙක් ලබන්න)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති නංගියෝ.. : D

      Delete
  17. අඩේ අපේ නංගිත් ලොකු වෙලා මෙහෙම උනොත් එලම තමා..
    කෝම හරි කියෝගෙන යද්දි කෙල්ලො හරි පව්ය කීලාත් නොහිතුනාම නෙමේ ඈ...
    පට්ට....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කෙල්ලො පව් කියලා හිතුනෙ? අන්න ඒක නම් මට තේරුනේ නෑ ...

      Delete
    2. නෑ ඉතිං වැඩක් කර ගන්න ගියාම ඇදගෙන නානවා නෙව.....
      හැබැයි ඉතිං මේකෙ මුලිං නෑවට අන්තිමේදී හිතුවටත් වඩා වැඩේ ලාභ උනා නේ????

      Delete
    3. මං ඇදගෙන නානවා සෑහෙන්න.. තනියම ගිහින් වැඩක් කරගෙන පුරුද්දක් නෑනෙ.. ඒකයි.. අම්මේ ඔව් කොහොමහරි ඔරලෝසුව ගත්තනෙ.. ඒකත් හුගක් ලාභෙට.. :)

      Delete
  18. මොකක්ද මේ පන්තියේ වැඩ කරාම සල්ලි ලැබෙනවා කියන්නෙ.. මට ඒක තේරුනේ නෑනෙ...

    මොනවා වුනත් අයියට ගොඩක් ආදරේ නංගියෙක් බව නම් පේනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.. අපේ පන්තියේ මොකද්දෝ හේතුවක් නිසා (හොරකමක් නිසා ද කොහිද) වැඩට හිටපු කට්ටියවම එක පාර අයින් කලා. මේ කාලේ අපෙ ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන ගමන් තමයි තිබුනෙත්. ඉතින් හැමතනම දූවිලි ගැහෙනවා. ඒකට තාවකලික විසදුමක් විදියට තමා ඔය අලුත් වැඩ පිලිවල හදුන්වලා දුන්නෙ.

      ඒක මෙහෙමයි, අතු ගාන්න, ජනෙල් දොරවල් අරින්න ෆිල්ටර් එකට වතුර පුරවන්න වගේ එදා එදා කරන්න ඕනේ වැඩ ටික එක පොතක ලියලා තියෙනව.. ඒ ඒ වැඩේට ඉස්සරහින් අදාල වැඩේ කලොත් කීයක් ගෙවනවද කියලත් ලියලා තියෙනවා.. ඉතින් ඉගෙන ගන්න ලමයින්ට පුලුවන් ඒ පොත බලලා තමන් කැමති දෙයක් කරල ඒ අදාල මුදල ලබා ගන්න. මේක එයාල කිව්වෙ නම් "ලමයින්ට උනත් මේක හුගක් වටිනවා, තමන්ගෙ පුන්චි පුන්චි වියදම් තමාටම බලාගන්න පුලුවන් කියලා" අපේ ළමයි නම් ඇවිත් අර පොත දිග ඇරලා එදා දවසට කරන්න ඉතිරි වැඩ තියෙනවා නම් කරල දාලා හොයා ගන්න කීය හරි වියදම් කලේ ඉතින් රීලෝඩ් දාගන්න තමයි ගොඩ වෙලාවට.

      …අලුත් වැඩියාවත් ඉවර වුන ගමන් අලුත් වැඩියා කරපු පහල තට්ටුවෙ එහා මෙහා වෙලා තිබුන බඩු ටික ආයෙම හරි තැන් වලට දාන්න, පොත් දාල තිබුන කබ්ඩ් ටික ආයෙ දාල ඒවයෙ තිබුන පොත් ටිකත් ආයෙ දූවිල්ල පිහිදලා ඇතුලට දන්න වගේ වැඩ ටිකත් වෙනම ලියලා තිබුනා. ඒවටත් අර කියපු විදියම තමා. හැබයි මේ ලිස්ට් එක නම් වැඩක් කරල ඉවර උනාම කපල දානව රතු ඉරකින් කපනවා. ඒ වැඩ හැමදාම කරන්න ඕනේ ඒව නෙමෙයි නෙ.. ඔය විදියට මාස දෙකක් විතර යනකන් ඔය ක්‍රමේ තමා ක්‍රියාන්ත්මක උනේ. දැන් නම් අලුතින් කට්ටිය අරගෙන වැඩට.. මං හිතනවා අයියට තෙරෙන්න ඇති කියලා

      අපේ අයියා මං ගැන බලාන විදියට ඉතින් අයියාට ආදරේ වෙන්න වෙනවනේ.. අපේ අයියා හරි හොදයි නෙ. වෙලෙකට නම් ඉතින් කේන්ති යනවා. ඒත් ආයෙ අයියම යාලු වෙනවා.

      Delete
  19. ඔයාගෙ අයියා නම් හරිම වාසනාවන්තයි ඔයා වගේ නංගියෙක් ලැබෙන්න...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාලු.. : D

      Delete