Monday, January 16, 2012

සභාවෙන් අවසරයි!!

ඕන්න ඉතින් හා හා පුරා කියලා මගේ බ්ලොග් එකේ ලියන පලවෙනි පොස්ට් එක. ටිකක් බයත් හිතෙනවා. ආසවෙන් බ්ලොග් කියෙව්වාට මොකෝ, මං කවදාවත් මගේ නමින් කමෙන්ට් කරලවත් නෑ නේ.


කොහොම උනත් දැන් මටම කියලා බ්ලොග් එකක් තියෙන නිසා හිතට හිතෙන දේ නිදහසේ ලියන්න, ජීවිතේ කරපු කියපු දේවල් කියන්න, බයක් සැකක් නැතිව මට මම වෙලාම ඉන්න පුලුවන් නවාතැනක් ලැබුන වගේ.
දන්නෙ නෑ මං ලියන දේවල් කවුරුත් කියවාවිද කියලාවත්, කියෙව්ව්ට කැමති වේවිද කියලාවත්.
ඒත් මටම හිතිලා, මගේම කැමත්තෙන්, කාගෙවත් බල කිරීමක් නැතිව, කාගෙන්වත් අවසර ඉල්ලන්නෙ නැතිව පටන් ගත්ත එකම දේ මේක නිසා මේ බ්ලොග් එක මට ලෝකයක් වටිනවා.

ඉතින් මගේ පුංචි ලෝකෙට ඔයාල හැමෝවම ආදරයෙන් පිලිගන්නවා. වෙලාවක් තියෙනවා නම් මේ පැත්තෙ ඇවිත් යන්න..




ප.ලි. මේ හැමදේම අලුත් නිසා මට, වැරදි අඩුපාඩු දැක්කම කියලා දෙන්නත් අමතක කරන්න එපා.  කියවපු ඔයාලා හැමෝමලාටම බොහොම ස්තූති!!

7 comments:

  1. අවසරයි අවසරයි. ගමනට ජය පතනවා. ලියන්න දිගටම ප්‍රවීනයෙක් වුනත් කවද හරි දවසක එයත් ආධුනිකයෙක් වෙලා ඉඳල තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූති අයියා! දිගටම ලියන්න ලොකු හයියක් ඔයාලගෙ වචන. මේ පැත්තට ආවට බොහොම ස්තූති.. දිගටම එන්න කියලා ආරධාන කරනවා. :)

      Delete
  2. අනිවා එනවා. අපිට අපි විතරයි.

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයේ ගොඩාක් දුරක් යන්න සුභ පතනවා හදවතින්ම නංගියා ට

    ReplyDelete