Wednesday, March 14, 2012

සමිතියටත් බැදුනා එහෙනම්

කාලෙකින් ලියන්න ආවේ. පහුගිය ටිකේ කරදර වගයක් තිබුනනෙ. ඊට පස්සෙ ඉතින් ලියන්න ගත්තට ඉවරකරගන්න බැරි උනා තාමවත්. ඒ නිසා භාගෙට ලියපු එක පැත්තකටම දාලා ඕං මං අලුතින්ම ලියන්න හිතුවා, පරණ කතාව පස්සෙ වෙලේක සම්පූර්ණ කරලා දාන්නම්කො. හරි එහෙනම් කතාවට යමුකො. මේක ඇත්තම ඇත්ත කතාවක්.  නම් ගම් එහෙම නම් ඕං මං දාගත්ත ඒවා.

පුංචි කාලෙ ඉදන් දහම් පාසලේ, පල්ලියෙ වැඩ එහෙම ආසාවෙන් කරපු නිසාම, සමිතියට බැදෙන්න කියලා හුගක් කට්ටිය නදූට කිව්වා. ඒත් ඉතින් දහම් පාසලෙන් අයින් වෙලත් දැන් හුගක් කල්, තරුණ සමිතියෙ ඉන්න අයව දන්නෙත් නෑ, නදුගෙ හිතේ ආසාවක් වගේම බයකුත් තිබුනා. ඒ නිසාමයි මේ සමිතිය පටන් ගන්න දවස හොදටම දැනන් ඉදලත් නදූ ඒ පැත්තෙවත් ගියෙ නැත්තෙ. ඒත් අහම්බෙන් දවසක් නදූ ට දහම් පාසලේ 11 වසරෙ එයාට උගන්නපු ගුරුවරය හම්බුනා. ඉතින් නදූ ට පාර මැද්දෙ ටිකක් සැර දාල එහෙම සර් කියුවෙ මෙහෙම කතාවක්..
…"මුකුත් කියන්න එන්න එපා. නොදන්න අය කියල යක්කු නෙමෙයිනෙ ඉන්නෙ. අනික ඔයාලගෙ වයසෙ කට්ටිය ඔන තරම් ඉන්නවා. දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව නේද? මටත් එක්ක ලැජ්ජයි. ඔයාගෙ මල්ලි කෙනෙකුත් ඉන්නෙ සම්තියෙ. එක්කො තරුණ සමිතියට යන්න, නැත්තම් දහම් පාසලේ උගන්නන්න එන්න" කියලා

…ඒ ටික අහුවම නම් නදූ හොදටම අවුල් උනා. මොකද දහම් පාසලේ උගන්නනවා කියන්නෙ නම් කොහොමටවත් ලේසි වැඩක් නෙමේ නදූට. ඔක්කොටම වඩා සාරි ඇදන් ඉන්න එපැයි. හපොයි දෙයියනේ දැන් මොකද කරන්නෙ? තරුණ සමිතියට යන්න නම් ඇත්තටම ආසයි. දන්න කට්ටිය ඉන්නව නම් බයක් නෑ, සර් කිව්වත් වගේ මල්ලිත් ඉන්නව නම් කොහොමත් බයක් නෑ නෙ. අහල බලන්න ඔනේ කියල නදූ මල්ලි ට කතා කරා. මල්ලිගෙන් අහපු වෙලේ ඉදන් මල්ලිත් නදූ ට කිව්වෙ සමිතියට එන්න කියලා. මේ කාලෙ නදූ ටත් වස කම්මැලි ගෙදර ඉන්න. විභාගෙ ඉවර කරල ගෙදර ඉන්න කාලේ නෙ.

…... ඔන්න ඔහෙ කොකටත් කියලා ගිහින් ම බලනවා .. හිතට ඇල්ලුවොත් දිගටම යනවා. නැත්තම් අල්ලල දානවා..

නදූ එහෙම හිතලා ඔන්න සෙනසුරාදා හවස 4.30 ට විතර මේ යන්න ලෑස්තිය. නදූ කලින්ම මල්ලිට කියල තිබුනා එයා එනකන් එලියට වෙලා ඉන්න කියලා. නදූ දැන් බයෙන් බයෙන් පල්ලිය වත්තට ඇතුළු වුනා. ඉන්නව කියපු තැන මල්ලි නෑ නෙ. කවුදෝ උස මහත අයියා කෙනෙක් නම් ඉන්නව. නදූ ට ටිකක් බය හිතුනා. ඉතින් නදූ එ හරියට යන්නෙ නැතිව ගෙට්ටුව ලගට වෙලා මල්ලි එනකන් බලන් හිටියා. නදූ ට ටිකක් බය හිතුනා. ඉතින් නදූ ඒ  හරියට යන්නෙ නැතිව ගෙට්ටුව ලගට වෙලා මල්ලි එනකන් බලන් හිටියා.
…ඒ ඉන්න ගමන් අර රැස්වීම පවත්තනව කියපු තැන හිටන් හිටපු උස මහත ඇඟ පත තියෙන අයියා දිහා ත් ටිකක් බලුවා. ඒ වෙලේ ඒ මනුස්සයා හිටියෙ හරියට ඉස්කොලේ දි march past එක පුහුණු කරවන්න එන හමුදා නිලධාරින් වගේ පහසුවෙන් හිටගෙන, ඔලුව හරි කෙලින්, කොන්ඩෙත් කොටටම කපලා,
නදූ වෙලාව බැලුවා.

..5ටත් ලඟයි. කෝ කවුරුත්ම නෑ. මේ මනුස්සයත් තරුණ සමිතියෙ ද දන්නෙ නෑ. .. අනෙ අම්මෝ වරදිලාවත් මේ අයියා තරුණ සමිතියෙ උනොත් එහෙම අනේ මං නම් එන්නෙ නෑ.  මහ කලු සිංහලයා වගෙ නෙ අප්පා. මූනෙ හිනා පොදක් නෑ. දැක්කම බය හිතෙනවා... අනේ මේ මල්ලිට වෙලාවට එන්න බරි හැටියක්.. නදූ ට ගෙට්ටුව ලගින් මල්ලි ගෙ රූපෙ යාන්තමට පේනකන් ම නදූ හිටියෙ ඔය වගේ හිතුවිලි එක්ක.

මල්ලිව දැකල තමයි නදූට යන්තම් ඇඟට ලේ පොදක් ඉනුවෙ. මල්ලිත් ඈත තියාම හිනාවක් දාගනම ඇවිත් .. "මොකෝ අක්කෙ මෙතන ඉන්නෙ.. යමු යමු.. තාම කට්ටිය නම් නෑ වගේ.. අපි hall  එක ලගට යමු.. මොකෝ මේ බය වෙලා වගේ. යමු අක්කි.. " කියගෙන මල්ලි ඉස්සර උනා.

"…අනේ මල්ලි අර අතන ඉන්නෙ කවුද? hall එක ලග ඉන්නෙ? එයත් තරුණ සමිතියෙ අයියෙක් ද? .."නදූ මල්ලිගෙ පස්සෙන් ඒ අයියා හිටපු දිහාවටම යන ගමන් ඇහුවා.

"…ඔව් අක්කි. ඒ තමයි අකලංක අයියා.."
මල්ලි අර අයියා එක්ක හිනා වෙන ගමන් ම කිව්ව කාතවට නදූ හොදටම අවුල් උනා...
 "අක්කි, ඒ අයියා තමයි අක්කි අපේ සමිතියේ ප්‍රසිඩන්ට්"

දැන් නම් නදූට ගෙදර දුවන්නමයි හිත. නදූ ට ඒ මනුස්සය දැකපු වෙලේ ඉදන් තිබුනෙ බයක්. එහෙම එකේ ඒ වගෙ අයිය කෙනෙක් සභාපති නම් කොහොමත් එයා සැර ඇති කියල නදූට හිතුනා. නදූට ඔනෙ වුනෙ ගෙදර යන්න. ඒත් මල්ලි ගෙන් දැන් නම් නදූ ට බේරුමක් ඇත්තෙම නෑ, මල්ලි බලෙන්ම නදූව අකලංක අයියාට අදුන්වලා දුන්නා. නදූ නම් ලාවට හිනා වුනා මිසක් මූන දිහාවත් හරියට බැලුවෙ නෑ,. ඒත් ඒ අයියා නම් ටිකක් හොදට කතා කලා. කටහඩත් ටිකක් බර කටහඩක්. ඒ කියන්නෙ අනිවාර්යෙන් මේ අයියා වස ඇති. නදූට හිතුනෙම එහෙමයි. ඒ නදූ ගෙ හැටි. සමහර අය නදූට දැක්ක ගමන් හිතට අල්ලනවා. එහෙම අය එක්ක නදූ හුගක් සැහල්ලුවෙන් කතා කරලා හිනා වෙලා ඉන්නවා.. ඒත් කාටහරි බය හිතුනොත් එහෙම ඒ කෙනා ලග වචනයක් කියන්න අකුරු ගැටගහගන්නත් නදූ ට හරි අමාරුයි.

ඔන්න ඉතින් අනිත් අය එනකන් නදූට උනේ එතනට වෙලා ඉන්න. නදූ එතනම තිබුන කණුවට හේත්තු වුනේ අකලංක අයියව නොපෙනි ඉන්න ඔනේ නිසා, ඒත් අකලංක අයියා මල්ලි එක්ක කතා කරන ගමන් ම නදූ ගෙ පැත්ටටත් හැරිල විස්තර ටිකක් අහුවා, අකලංක අයියා අහන ප්‍රශ්න වලට යන්තමට වචනෙන් දෙකෙන් උත්තර දුන්නෙ නදූ බිම බලාගෙනමයි. අකලංක අයියා හිතන්න ඇති මහ ආඩම්බරකාර කෙල්ලෙක් කියලත්.

යන්තම් 5.30 ට ඔන්න මෙන්න තියල නදූ දන්න එයාලගෙම වයස, දහම් පාසලේ එකට ඉගෙන ගත්ත දනුක ත් එනවා ඒ පත්තට හිනා කටක් දාගෙන. එකම දහම් පාසලෙ හිටියත් දනුක එක්ක උනත් නදූ වචන 10 කට වඩා කතා කරල නැතිව ඇති. ඔය විදියට කට්ටිය එන්න ගත්තා දැන් පෝලිමට,,, ඔක්කොම 15 ක් විතර ඉන්න ඇති.  දැන් ලෑස්තිය සමිති රැස්වීම පටන් ගන්න. hall එක ඇතුලට එහෙම ගිහිල්ලා කට්ටිය පුටු ටික වටේට එහෙම හදලා ලෑස්ති වෙන අතරෙ නදූ බලුවෙ දන්න කියන කෙල්ලෙක් ඉන්නවද කියලා. ඒත් නදූ ගෙ අවාසනාවට එතන හිටපු එක කෙල්ලෙක්වත් මීට කලින් නදූ දැකලවත් නෑ. ඒ නිසාම නදූට හිටපු එකම ගැලවුම්කාරය මල්ලි. ඉතින් නදූ ගිහින් මල්ලි ලගම තියෙන පුටුව ගාවින් හිටගෙන මල්ලි දිහා බැලුවෙ ..
අනේ මල්ලියෝ මගේ ගාව ඉන්නකො... කියන්න වගේ.
ඒ බැල්ම තෙරුම් අරන් වගේ මල්ලිත් නදූ ලගින්ම ඉදගත්තා. මල්ලි ට කොහොමත් නදූ හිතන පතන විදිය ගැන තේරුමක් තියෙනවා ඉස්සර ඉදන්ම.

ඔන්න ඉතින් අකලංක අයියා පුංව් යාච්ඤාවක් එහෙම කියලා පටන් ගත්ත රැස්වීම. මේ සමිතියට නදූ විතරයි එදා දවසෙ අලුතින් ඇවිත් තිබුනෙ. කට්ටියටම ඇහෙන්න තමන් ගැන කියන්න කියල අකලංක අයියා කියුවෙ නැතැ හෙන ගහන්න වගේ. නදූ ට හීන් දාඩියත් දාලා. ඒත් ඉතින් බය පෙන්නනත් බෑනෙ.
නදූ යන්තම් ඔලුව උස්සල නම කිව්වා. ඊට පස්සෙ මොනාද කියන්නෙ හිතාගන්න බැරි නිසා ඉබේම නදූ ට අකලංක අයියා දිහාවෙ බැලුනා. ඒ වෙලේ නම් අකලංක අයියාට …නදූගෙ හිතේ තිබුන බය ගැන තෙරිලා වගේ

"බය වෙන්න එපා නංගි. අපිත් මෙතනට අලුත් තමයි. තාම මේ සමිතිය පටන් අරන් මාස 2ක් වගේනෙ, ඔය ඉස්කෝලෙන් out උන ගමන් නෙ. ඉස්කොලෙ නමයි ඉන්නෙ කොහොද කියලයි කියන්නකො".. හිනා වෙලා අකලංක අයියා කියපු විදියට නම් නදූ ට හිතුනා හිතපු තරම් යකා කලු නෑ කියලා.. ඒත් ඒ ටික දවසකට විතරයි. ඔන්න ඉතින් ඊට පස්සෙ සමිතියක් විදියට කරන්න යන්නෙ මොනාද කියලා තමා කතා උනේ. කට්ටිය කලින්ම කතා කරන් තිබුනා නත්තලට සුභ පැතුම් පත් හදලා විකුණමු කියලා.. වැඩියක්ම එහෙම දෙයක් කරමු කියලා කතා උනේ අරමුදල තර කර ගැනීමට වඩා සාමජික සමාජිකාවන්ගෙ සහොයෝගය තුලින් සහෝදරකම ගොඩනගා ගන්න කියල තමයි අකලංක අයියා කියුවෙ.

ඔය ගැන කතා කරන අතරෙ නදූ හිත හිත හිට්යෙ ඊලග සතියෙ නම් මේකට එන්නෙ නෑ. සර් කිව්වට මගෙ යාලුවොත් කව්රුත් නෑ... ඔය වගේ දේවල් එක්ක නදූ තීරනය කලා අයෙ නේන්න.

එතකොටම වගෙ නදූ එක්ක දහම්පාසලෙ එකම පන්තියෙ හිටිය අමා hall එකට ආවේ අනේ අද ටිකක් පරක්කු උනා අනේ කියාගෙන..  ආපු ගමන් අකලංක අයියා නෝන්ඩි හිනාවක් දාලා.. 
…"ආ ඇත්තද මැඩම්, කෝ දැන් දුන්න වැඩේ බලුවද?" කියලා අමා ගෙන අහුවා.

…"ඔව්, මං ඒ ටික බැලුවා. පොඩි ෆාදර් (පියතුමන්) ලැප් එක ගත්ත නම් ඔයාලට පෙන්නන්න පුලුවන් මං පෙන් එකට දාගෙනම ආවා.. design ගොඩක් තියෙනවා.. බලලා තෝරගන්න ඔනේ"... ඔහොම කියාගෙනම අමා  නැගිටලා ගියා පොඩි ෆාද(ර්) ගෙන් ලැප් එක ඉල්ලගෙන එන්න

ඒ අරන් ඇවිත් හදන්න යන සුභපැතුම් පත් වගයක් තමා පෙන්නුවෙ.
"එක එක කාර්ඩ් එක ක්‍රියේට්ව් අදහස් තියෙන අයට භාර දෙමු. එයාල කර්ඩ් හදන විදිය බලලා එක කර්ඩ් එකක් හදාගෙන අරන් ඇවිත් අනිත් අයට හදන විදිය කියලා දෙන්න ඔනෙ" කියල සම්මත උනා.  ඕන් ඊලගට එක එක කර්ඩ් එක එක එක ලමයට භාර දුන්න. "
මේක මාලි නංගි,
මේක ශේන්,
මෙ කර්ඩ් එක මිනෝ,,
ආනේ මේ නදූ ත් ඉන්නවනෙ.. නදූට ත් ලස්සනට චිත්‍ර අදින්න එහෙම පුලුවන් නෙ. ඉස්කෝලෝත් ඔය වැඩ වලට මෙයා හරි ෆේමස් නෙ අකලංක අයියා, මෙයාට මේ කර්ඩ් එක දෙමු"

අමා එහෙම කියාගෙන ඔන්න නදූවත් ඇදල දාගත්ත ඒ වැඩේට. නදූට බෑ කියන්නත් බෑ. කවදත් නදූට කවුරුහරි වැඩක් භාර දුන්නොත් ඒක නෑ බෑ කියලා කර අරින සිරිතක් තිබුනෙ නෑ. අනිත් එක පල්ලියෙ වැඩක් නිසා කොහොමත් ම බෑ කියන්න බෑ. ඔන්න ඔය විදියට සමිතියට ආයෙ එන්නෙ නෑ  කියල හිතපු නදූ  2010 නත්තල් ව්‍යාපෘතිය නිසා සමිතියෙ නිත්‍ය සම්මජිකාවක් වෙලා අදටත් ඉන්නවා.  

ප. ලි.
…මේ ආරම්භයක් විදියට කතාව වටාපිටාව ගැන සදහනක් විතරයි. මොකද ඉස්සරහට මේ ගැන කියන්න කතා ගොඩාක් තියෙන නිසා ඔයාලට මූලික දේවල් ටික දැනන් ඉන්න එක හොදයි කියලා හිතුනා. ඉතින් විස්තරෙ දිග වැඩිද මංදා.. අදහස කොටලම යන්නකො.

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආරම්භය හොඳයි.. තේරුං ගන්න පුලුවං විධියට ලියල තියනවා..
    …මෙන්න මේ සින්ඩි වලට බ්ලොග් එක දාගන්න...
    ලාංකීය සිතුවිලි
    ……සිංහල බ්ලොග් කියවනය
    ඊළඟට හොඳ හිතට අල්ලන මාතෘකාවක් හැම කතාවටම දාන්න.එහෙම කරල බලන්න හිට්ස් වලයි, ෆලෝවර්ස්ලගෙයි වැඩි වීමක් තියනවද කියලා..
    …ප්‍රශ්නයක් ආවොත් සිතුම් අයිය උනත් උදව් කරයි..එයා මට වඩා මේව ගැන දන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මල්ලියෝ.. උපදෙස් අකුරටම පිළිපදිමි. ඔයාගෙ වචන ටික ගොඩාක් ලොකු ශක්තියක් උනා මට.. ඔයා කිව්වා වගේම පොස්ට් 4ක්වත් දාන්න උපරිම උත්සහා කරනවා.
      …ඉස්සර නම් සිතුම් අයියාට තමා වද දිදී හැමදේම අහගත්තෙ. දැන් ඉතින් ඔයත් ඉන්නවනෙ..
      …ඔන්න වැරදි දුටු තැන කියල දෙන්න හොදේ.. :)

      Delete
  3. මම අපු නැති දවස් දෙකට නංගා පොස්ට් දෙකක්ම කොටලානේ...:) දිගටම ලියන කතාවක් එහෙනම් දිගටම ලියමු හොදේ...දෙන්න ඕන උපදෙස් ටික අපේ පණ්ඩිත මහාචර්ය බට්ට මල්ලියා දීලනේ...එයාලගේ උපදෙස් අරන් දිගටම ලියන්න...අපි ඉන්නවා කියවන්න දිගටම..ජය..!!!
    ඇත්තටම මිනිස්සුන්ගේ පිටත් පෙනුමින් මනුස්සය කොහොමද කියන්න අමාරුයිනේ...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අක්කියෝ.. බට්ට මල්ලි තමයි කිව්වෙ මෙහෙම ඉදලා හරියන්නෙ නෑ ලියන්න කියලා.. එකෙ ක්‍රෙඩිට් එක බට්ට මලය ට,
      …අක්කි හරි අක්කි, පිටින් පේන විදියට මිනිස්සු කොහොද කියන්න බෑ තමයි. මේ කතාවේ ඉන්න නදූ මිනිස්සුන්ට බයත් ඒකම තමා.. ඉතිරිය ලියන්නම් ඉක්මන්ටම.. කියවලා ගල් මුල් එහෙම විසි කරලා යන්න ඕනෙ කට්ටිය .. :)

      Delete
  4. "එක්කො තරුණ සමිතියට යන්න, නැත්තම් දහම් පාසලේ උගන්නන්න එන්න" මටත් කියනවා.. මම නම් යයි...

    හැංගි හැංගි ඉන්නෙ... හැබැයි තරුණ සමිතියෙන් නම් අවුලක් නෑ එච්චරම.. මොකද එක පාර්ශවයක් කැමති නෑ.. අපි වගේ උන් එනවට..

    දහම් පාසල් උගන්නන වැඩෙන් නම් තමයි බේරෙන්න බැරි..

    තරුණ සමිති කථා ටිකත් කියන්නකො..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ බේරෙන්නම බෑ තමා.. ඇයි අයියලා වගේ අය එනවට කට්ටියක් කැමති නෑ කියන්නෙ?

      …අපේ තරුණ සමිතියෙ කතා ටිකක් කියන්නම් ඉස්සරහට.

      Delete
    2. කෝ දානවයි කියපු අලුත් කතාව? මම කීපසැරයක් ආවා බලන්න :)

      Delete
    3. මේ ටිකේ පල්ලි යන තිබුන නිසා ලියලා ඉවර කර ගන්න බැරි උනා අයියෙ කියපු වෙලාවට.. ඔන්න ළමා දිනේ කතාව නම් දැම්මා අයියා. තරුණ සම්තියෙ කතා ටිකත් දාන්නම්කො ඊලගට.. :)

      Delete
  5. ලස්සනයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete