Wednesday, October 3, 2012

I AM BACK

අම්මේ............
මගේ බ්ලොග් එක තාම තියෙනවා එහෙනම්:P
කොච්චර කාලෙකින්ද මේ පැත්තෙ ආවේ. කට්ටියට මාව අමතකත් වෙලාද මංදා

…පහුගිය ටිකේ මුල් කාලේ නම් එන්න බැරි උනේ අර ලියපු අන්තිම පෝස්ට් එකෙන් පස්සෙ කිවුවා වගේ ජීවිතේ හුගක් දේවල් වෙනස් වෙද්දි ඒ වෙනස දරගන්න ටිකක් අමාරු උන නිසා අනිත් හැමදේකින්ම ටිකක් ඈත් වෙලා ඒ දේවල් වලට හුරු වෙන්න උන නිසා.

ඒත් ඊට පස්සෙ නම් එන්න බැරි උනේ මං මහා සංග්‍රාමයක නියත වෙලා හිටි නිසා. මං නින්ජා ස්කිල්ස් දාලා යන්තම් බේරුනේ.



සටන් කරන්න උනේ මනුස්ස පරානයක් එක්ක  නම් බැරියෑ.. දුෂ්ඨ මදුරුවෙක් එක්ක නෙ .. මහ කැත වැඩේ කියන්නෙ මට ඇටෑක් කරනකල් මං දන්නෙ නෑ. මුහුණට මුහුණ සටන් කරන්න ආවා නම් මොනා කරල හරි දිනින්න තිබුනා. මේ හොර මදුරුවා හැන්ගිල ඉදලා නෙ ඇටෑක් කලේ. ඒ නිසා ඉතින් මාස එකහමාරක් විතර යනකන් ඉස්පිරිතාලෙ ඉදලා තමයි  අර කියපු සංග්‍රාමය ඉවර කරේ. ඉතින් එහෙම ඉදලා ගෙදර ආවත් ටිකක් කලක් යනකන් ඇගට පනක් තිබුනෙ නෑ. හරියටම හොද උනාම පස්සෙ ඉතින් මග ඇරුන වැඩ ටික කර කර හිටිය මිසක් බ්ලොග් පැත්තෙ එන්න නම් බැරි උනා. 

ඒත් ඉතින් දුශ්ඨ මදුරුවෙක් කොටල අසනීප උනා කියලා මං බය වෙනවද? මං අර පැත්තක කියලා තියෙනවනෙ මේ බ්ලොග් එක මට ලෝකයක් වටිනවා කියලා. එහෙම එකේ මදුරුවන්ට බයේ බ්ලොග් ලියන එක නතර කරන්න පුලුවනෑ.. ඒ නිසා ඕන්න මං ආයෙම අවා..

මගේ බ්ලොග් එක කෙසේ වෙතත් අනිත් බ්ලොග් කියවන එක මග ඇරුන එක නම් දුකක්.. කොහොම කොහොම හරි ඔන්න ඉතින් මං ආයෙම ආවා.. කට්ටියට මාව මතක නැත්තමි ටිකක් මතක් කර ගන්නකො.. එතකන් ඉතින් මං ලියන්න දෙයක් හිතන්නම්කො..

16 comments:

  1. බොට ඩෙංගුද හැදිල ඉටියේ ?

    ReplyDelete
  2. මට නම් මෙහෙම බ්ලොග් එකකුයි මේ බ්ලොග් එක ලියන හාදයෙකුයි මතකම නෑ...
    කොටින්ම මට මතක නෑ :)

    ReplyDelete
    Replies
    1. අමතක වෙන එක අහන්නක් දෙයක් යෑ... මං බ්ලොග් එක පැත්තෙ ආව කාලෙට වඩා අවෙ නැති කාලෙ වැඩි නෙ..

      ඊටත් ඉතින් මතක තියාගන්න තරම් මං වැදගත් දෙයක් ලියලා තියෙනවා යෑ.. හිකිස්..
      : P
      අමතක වුනාත් කමක් නෑ මේ පැත්තට ආව එකම මදැයි. ස්තූති හොදේ : D

      Delete
    2. එහෙනම් ඉතින් මතක් වෙන්ඩත් එක්ක ලියමු .... :)
      ආපු එකට ස්තුතියි :)

      Delete
  3. බුහාහාහා...
    මටනං බ්ලොග් රෝලෙ පෝස්ට් එක දැක්ක ගමං මීටර් උනේ අයියට ලාබෙට ඔරලෝසු ගත්ත නංගිගේ බ්ලොග කියලයි..
    එල එල ඈ...

    ReplyDelete
    Replies
    1. බුහා හා හා
      ඒකත් එහෙමද? හිකිස්..
      …ලාබෙට හරි අරන් දුන්න එක අපරාදේ හලෝ.. අයියා මැට්ටා ඒක කඩාගෙන නෙ :(
      එහෙම හරි මතක තිබුන එක ලොකු දෙයක් ඈ : D

      Delete
  4. කොරේ පිටට මරේ වෙලා නේද?

    මම කීපපාරක්ම ආවත් නිකම්ම ආපහු යන්න වුනා.. අද මගේ බ්ලොගේ කමෙන්ටුව දැකලා මේ පැත්තෙ ආවෙ ආයෙමත් ඇවිල්ලද බලන්න..

    ReplyDelete
  5. හපොච්චියේ නංගියෝ. ඔයාව දැක්ක කල්...! මම හිතුවා ගම රට හැරදාලා ගිහින්වත්ද කියලා..එහෙනම් නැවත ආගමනයට මගෙන් සුභ පැතුම්. ඔන්න පටන් ගමු වෙනදා වගේම..ජය වේවා කිව්වා..!

    ReplyDelete
  6. හපොයි දෙය්යනේ...!
    හ්ම්ම්ම් මදෑ...
    නිරෝගී සම්පත්ත්තිය වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
  7. අයියෝ... මට ඔක්කොටම වඩා දුකයි ඔයාගේ බ්ලොග් එකට ෆ්ලො පාරක් දාන්න බැරිවීම නිසා මග ඇරිලා තිබ්බ එකට. :( ඔයා මාව ෆොලෝ කරනවා කියලා දැක්කම මට තවත් දුක හිතුනා. අනේ මට සමාවෙන්න. :( :( :( :( :(

    ඔන්න මම ආවාාාාාාාාාාාාාාාාාාාා...

    ඔයාට ඉක්මනටම සනීප වූණ එක ගැන මට ගොඩාක් සතුටුයි. :)
    එහෙනම් දැන් දිගටම ලියමු...

    ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)

    ReplyDelete
  8. ඔයින් ගියා මදැයි...සන්තොසයි නංගියට ඉක්මනට සනීප උන එකට... welcome back...!!!!

    ReplyDelete
  9. දැන් හොදටම හොදයිනේ.. එහෙනම් වෙනද වගේම ලියමු.. අපි බලන් ඉන්නවා..

    ReplyDelete
  10. අදමයි ගොඩ උනේ.ලස්සනට වැඩේ කරගෙන යනවා.ඔබට ජය!අපේ පැත්තෙත් එන්න
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  11. හලේ... මේ නංග බබාව මදුලුවෙක් කෑවද අනේ..? අයියත් ගෙදර ආව දවසක,ගෙදර හැමෝම එකතු කරන් මදුලුවෝ බිත්තර දාන තැන් සේලම අයින්කරලා දාන්න ඕන හොදේ.. :)

    ReplyDelete
  12. හ්ම්ම්ම් කොහොම හරි කමක් නැහැ ජේසු පිහිටින් ඔයාට සනීප වුනානේ.. ඒ ගැන ගොඩාක් සතුටුයි :) :) :)

    ReplyDelete