Thursday, October 15, 2015

රැලිති නැගෙනා දිය පලස අද්දර
ඔබ මා හමුවූ පෙර සැන්දෑවක
උණුහුම මතකයි තුරුලුව උන් විට
උර තලයේ හිස තියාන හෙමිහිට
තැනූ හීන එමටයි උස් අහසට
පාරයි සිත් මල බොද වන දෙනයන
පසක් කරවමින් වෙන් විය යුතු බව
එක්ව ඇවිද ගිය කාළය නිම  විය
ඔබ මා දෙතැනක තනි වුනු අරුමය
ඉවසා ගනු බැහැ හීන කතන්දර
බිදී විසිරිලා දෙන දුක් කප්පර
අප එක්වී ආ ගිය මඟ පෙර දින
නැවත යනෙනු ඇත අප තනි තනිවම
දුක් ගිනි හදවත අවුලුවනා සඳ
සිනා සලමු අප ලොවට පෙනෙන්නට



ප.ලි- ඉවාන් ගෙ මෙන්න මේ පෝස්ට් එක කියවද්දි විරහ මෙව්ව එකක් ලියන්න හිතුනා. ඒ වුනාට කලින් ලියල තිබුන එකක් දාල දැම්ම.  

23 comments:

  1. බ්වෑක්කා...

    හරිම රසවත් විරහ කයියක් හෙහ් හෙහ්...

    ReplyDelete
  2. හුරේ.. අද මං එකෝ....

    (අද නිංද යන එක්කුත් නෑ මයෙ හිතේ)

    ReplyDelete
    Replies
    1. හපොයි නින්ද යන්නෙ නැති ලෙඩේ මොකෝ?

      කමෙන්ට් සීයක් විතර වැටෙන එකක එක වුනා වගෙනෙ ඩ්‍රැකියො කෑ ගහන්නෙ? හෙ හෙ

      බ්වෑක්කා කිව්වෙ වමනෙ ගියාවත්ද? :P

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔබ මා දෙතැනක තනිවුණු අරුමය
    නැත්නම් මෙලහට ළමයිම දුසිමය
    නැතිවෙන එක හැමදේටම උරුමය
    බැන්ඳත් නැතුවත් ලව් කල යුතුමය

    ReplyDelete
  5. NN කවිය ලස්සනයි. රිප්ලයි කමෙන්ට්ස් දානකොට, අදාල කමෙන්ට් එක යට තියෙන Reply බටන් එක ක්ලික් කරම එන වින්ඩෝ එකේ දාන්න, එතකොට ඒ ඒ කමෙන්ට් එකට අදාලව රිප්ලයිස් කියවන්න ලේසියි. NN = නිදහසේ නවාතැන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඉයන් අයියා. ඔන්න දැන් හරි.

      අයියගෙ කවි කමෙන්ට් එකත් මරු..
      //නැත්නම් මෙලහට ළමයිම දුසිමය//
      හපොයි මෙහෙම උනොත් නම් දෙයියන්ගෙ පිහිටයි

      Delete
    2. ////නැත්නම් මෙලහට ළමයිම දුසිමය///
      අපි නම් ඉතින් වෙඩිමකට ගිහින් කතාවක් කලොත් අන්තිමට කියන්නෙ "හුඹහෙන් මෙරු මතුවන්නාක් සේ දරු පල ලැබෙවා" කියලා...

      Delete
    3. හපොයි දුසිමකට කන්න අදින්න දෙන්න පොලීසියෙන්ද කැමා අයියෙ? හිකිස්

      Delete

  6. NN, කියන්න අමතක උණා. ගොඩක් අය බ්ලොග් වලට එන්නේ සින්ඩි හරහා. මේ ලින්ක් වලට ගිහින් ඔයාගෙ බ්ලොග් එක ඇඩ් කරන්න. එතකොට එන කට්ටිය වැඩි වෙයි.

    http://maathalangesindiya.blogspot.com/

    http://atampahiya.blogspot.com/

    ReplyDelete
  7. also to http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්‍තූති ඉයන් අයියා. මේ දවස් ටිකේ අන්තර්ජන්ජාලෙ ට යන්න පහසුකම් නැත. යන්තම් ජන්ගම දුරකතනයෙන් අමාරුවෙන් කමෙන්ට් එකක් දැම්මට ඔය වැඩේ මේ කෙහෙල්මලෙන් කරන්න මට නිතේරෙන නිසා ගෙදර ගිය ගමන් උපදෙස් පිලිපදිනවා.

      Delete
    2. ඔන්න ඉයන් අයියෙ ඔයා කියපු විදියට සින්ඩි වලට දැනමා.

      :)

      Delete
  8. මාත් ඔයාට කියන්න හිටියෙ බ්ලොග් එක සින්ඩි වලට දාන්න කියලා.

    //සිනා සලමු අප ලොවට පෙනෙන්නට// මේ දේ තමයි කරන්න වෙන්නෙ. අහලා ඇතිනෙ වැඩිපුරම හිනා වෙන්නෙ හිතේ දුක වැඩියෙන්ම තියෙන උන් කියලා. ඒ කතාව සම්පූර්ණ ඇත්ත...
    ලස්සනයි කිවුවා ඔන්න... මං ඉති ඊට වඩා දෙයක් කියන්නෙ නෑ. මොකෝ මං කවි ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූති කැමා අයියා. පුලුවන් ඉක්මනට ඒ වැඩේ කරනවා.

      ගොඩක් දුකින් ඉන්න අය වැඩියෙන් හිනා වෙනකොට හැමවේලේම බෙරි කරන් ඉන්න අය සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දිත් පුන්චි දේවල් වලටත් දුක් වන අය විදියට මන් දකින්නෙ.

      කවි ගැන දන්නෙ නැහැ කියන්නෙ..
      අයිය හිතන්නෙ කැමරාවක් කරේ එල්ලන් කොයි වෙලෙත් ෆොටෝ ගහන අය ඔක්කොලාම ඇපෙච එකයි ශටර් ස්පීඩ් එකයි අයි එස් ඕ එකයි දන්න අය කියලද ? හිකිස්. මාත් ඔය ලිව්වට කවි ගැන නම් දන්නෙ නැතෝ.. හිකිස්

      Delete
  9. //"සිනා සලමු අප ලොවට පෙනෙන්නට"//
    මම හිතන්නේ විරහව ඇතුලේ කිමිදෙන බොහෝදෙනෙක් මෙයාකාරයි. ප්‍රේමයට පස්සේ බොහොමයක් නිර්මාණ වලට විරහව වස්තුබීජයක් වෙනවනේ .
    අගෙයි නවාතැනේ චණ්ඩි නංගි

    ReplyDelete
    Replies
    1. // ප්‍රේමයට පස්සේ බොහොමයක් නිර්මාණ වලට විරහව වස්තුබීජයක් වෙනවනේ // ඕ යෙස් ඉවාන් අයියා.. සහතික ඇත්ත..

      ස්තූති අයියා කමෙන්ට් එකට.. අයියට පොඩ්ඩක් වැරදිල වගේ. මන් නම් පුදුම තරම් අහන්සකයි. ඕ යෙස්.. :p

      Delete
  10. චණ්ඩි නංගී, මොනවා හරි ලිව්වනම් හොඳ නැද්ද ? ගෙදර මිනිස්සුන්ට ඇණයක් වෙන වෙලාවේ මොනවා හරි ලියනවකෝ

    ReplyDelete
    Replies
    1. හපෝයි මේ ලව් පූස් ඉවාන් අයියා කියන බොරු.. මං ගෙදර මිනිස්සුන්ට ඇණයක් වෙන්නෙ නෑ අයියෙ. එයලා මාව ඇණයක් කරගන්නවා මිසක්. හිකිස්.

      ලියන්න කම්මලි වගේ.. මොනවහරි ලියන්නම් කො..
      හැබැයි ඉතින් අයියාට වගේ දිලිසෙන බැබලෙන අදහස් නම් නැතෝ.. වැරදිලා හරි එහෙම අදහාක් ආවත් ඕක ගලපලා ලියාගන්න ගියාම හිතලම හිතේ පොට යනවා. හි හි..

      Delete
  11. අපරාදෙ මං මේකට කමෙන්ට් එකකුත් දාලනෙ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඩ්‍රැකී අයියෙ එහෙම කිව්වෙ? ඇත්තටම පැහැදිලි මදි

      Delete