Tuesday, December 1, 2015

නැති වුනු සපත්තුව

සපත්තුව නැති උනේ කොහොමද කියලා කලින් පෝස්ටුවකින් (තනි සපත්තුව) කිව්වනෙ. දැං කියන්න යන්නෙ නැති වෙච්ච සපත්තුව ආයෙ දකින්න ලැබුන හැටි ගැන..







සදුදා අඟහරුවාදා නිවාඩු ඉදලා බදාදා තිබුන නිවාඩුවත් බුක්ති විදලා බ්‍රහස්පතින්දා පාන්දර අමාරුවෙන් නැඟිටගත්තා. හිත බැහැම කියද්දි සැරින් සැරේ වදින එළාම් එකට අමාරුවෙන් නැඟිට්ටත් තවත් මිනිත්තු පහක් විතර ඇඳට වෙලා එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියෙ ඔෆිස් යන්න බෑ කියන හිත අමාරුවෙන් හරි ප්‍රකුර්ති තත්ත්වයට ගෙන්න ගන්න ඕනෙ නිසා. වෙනදට නම් හිත කැමතී ගත දුබලයි නෙ නැගිටගන්න. ඒත් එදා හිතත් යන්න බෑම කියන්නෙ අර අපතයාගෙ මූණ බලන්න අකමැතිකමට.

කොහොම කොහොමහරි උදේ පාන්දර නැගිටගෙන සීතලේම ඔෆිසුත් ආවා කියමුකො.. දොරෙන් ඇතුල් වෙද්දිම වෙලාව බලද්දි අටයි කාලයි. ඒ කියන්නෙ මේ වෙද්දි බොසා ඇවිත් නෑ. එච්චර වෙලා හිතේ තිබුන බය දොර ගාවින් තියලා පුරුදු පරිදි චණ්ඩියා වගේ මාත් ඇතුලට අවා. හතර වටේ ඉන්න සෙට් එකටම දසන් දකවා සිනහ සී "ගුඩ් මෝනින්", කිය කිය එයලාගෙ නා නාප්‍රකාර වූ සුව දුක් විමසීමෙ පුරස්න වලට මගේ සෞඛ්‍යය තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවට පොරොන්දු දෙමින් මාත් මගේ සීට් එක ට සැපත් වුනා. ඒ අතරෙ බොස් ගෙ සීට් එක දිහත් හොර ඇහැ දාගෙන ආවත් බොස් ඇවිත් හිටියෙ නෑ.

මං ඉතින් සුපුරුදු වැඩ කටයුතු ටික පටන් අරං ටික වෙලාවක් යද්දි අර අපතයා ඔෆිස් එකට ආව. මමත් කිසි වෙනසක් නොපෙන්වා මගේ වැඩ ටික කරගෙන ගියා. වෙනදට නම් දහ පාරකට සීට් එක ළගට ඇවිත්  අපේ සෙට් එකට දාහක් දේවල් කියන මිනිහා අද නෝ හෙල්ලුම්. පුටුවෙ කොහොල්ලැවත් ගෑවිලද දන්නෙ නෑ. නැත්තම් මේකා මගෙ සපත්තුව වත් කකුලකට දාගෙන ආවද දන්නෙ නෑ, ඇහිදගත්තෙ ආසාවට වෙන්න ඇති නෙ.. දාහක් දේවල් හිතෙද්දි මට මැවිල පෙනුනා එක කකුලකට කලු සපත්තුවක් දාගෙන අනිකට මගෙ නැති වෙච්ච සපත්තුව දාගෙන කැට් වෝර්ක් එකෙන් ඇවිදගෙන එන බොස් ව. මගේ මූණෙ මොකක් හරි අමුතු හැගීමක් පල වෙච්ච නිසා වෙන්න ඇති එහා පැත්තෙ හිටපු සයුරි මට කතා කරනවත් එක්කම බල බල හිටපු දවල් හීනෙන් ඇහැරුනේ මොකක් හරි මගෙ ඔලුවට වදිනවත් එක්කම. මං හිතුවෙම ලොකු තඩි සපත්තුවකින් කවුරු හරි මට ගැහුවා කියලා..

බැලින්නම් සපත්තුවක් වෙනුවට ෆයිල් එකක් අතේ තියාගෙන සයුරි මං ලඟ හිටන් ඉන්නවා. මට ඔලුවට ගහන්න ඇත්තෙ ෆයිල් එකෙන් එහෙනම්

"මොකද මේ ෆයිල් එක අතේ තියාගෙන භාවනා කරනවද? ඕක ඉක්මනට ඉවර කරන්නවකො මේ ටිකත් බලන්න ඕනෙ.."

"මේ ඉවරයි සයුරි, ඒක නෙමෙයි මං මේ අහන්නමයි හිටියෙ. මං ආපු නැති දවස් දෙකේ මුකුත් අප්සෙට් එකක් වුනේ නෑ නෙ.  මස් කඩේ මුකුත් ඇහුවද? (අපේ අලුත් බොසා ආසම පාට රතු පාට. කාර් එක, මේසෙ උඩ තියල තියෙන පොඩි ඔරලෝසු බට්ට, පේපර් වේට් එක, ඩයරිය සහ කලු පාට තීන්ත තියෙන සයින් පෙන් එක, ඇතුලු තව බොහෝ දේවල් රතු ය. ඒ නිසා අපේ සෙට් එක හුරතලයට ඔහු ඇමතුවේ "මස් කඩේ" යන හුරතල් නාමයෙන් ය )

"උඹට දෙයියන්ගෙ ලෙඩ හැදිලද ඇහුවා, තව දවසක් විරාජ් ගෙ කේස් එකකට මෙතන ඇවිත් පැයක් විතර හිටියා. එදා මං හාෆ් ඩේ නෙ. අද ශොපින් කරන්න නේද සයුරි යන්නෙ,හොද සපත්තු කඩයක් තිබුනොත් මටත් කියන්න, නංගිගෙ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් ගන්න ඕනෙ කියල කිව්වා. ඒ කියලත් මං දිහා ටිකක් අමුතු විදියට බලං හිටියා. මාත් ඉතින් කිසි දෙයක් දන්නෙ නෑ වගේ හිටියා. මිනිහ ශුවර් එකට ඒක කිව්වෙ හින්ට් එකට ඉන්ඳු.. ඕක දන්නවා මට උඹ ඕක කියන්න ඇති කියලා.. "

"මූව මරන්න පුලුවන් බං අන්න නිශා එනවා, කට හොල්ලන්න එපා, නිශා දැනගන්නවට වඩා නම්බුයි මංම ලවුඩ්ස්පීකර් එකක් බැදගෙන වෙච්ච සිද්දිය ඒ විදියටම කියල දානවා. අඩු ගානෙ අතින් පයින් එකතු වෙන ටික හරි අඩු වෙනවා නෙ"

නිශා, විරාජ්, සයුරි, ළහිරු, නිරෝශන් එක්ක මාත් සුපුරුදු විදියට වැඩ ටික කරගෙන ගියා. කොහෙල්ලැ ගුලියකට ඇලිච්ච මස් කඩේ එදා දවසම පුටුව රත් කර කර හිටියා මිසක් අපේ පැත්තටවත් ආවෙ නෑ. හවස ඕෆ් වෙන ටයිම් එකේ සයුරි ට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා. සයුරි මස් කඩේ හම්බෙන්න ගිහිල්ලා ආයෙ ආවෙ මූන දෙක කරගෙන.

"අන්න උඹලා දෙන්නට එන්න කිව්වා," සයුරි මට තට්ටුවක් දාලා විරාජ් දිහා බලන ගමන් කිව්වා.

"ඇයි කෙලින්ම අපි දෙන්නට එන්න කියන්නෙ නැතිව ඔයාට එන්න කියලා කිව්වෙ?" විරාජ් පැනපු ගමන් ඇහුවෙ මට අහන්න හිතුන දේමයි.

"මට එන්න කිව්වෙ කොටේශන් එකක් ගැන අහන්න. උඹල දෙන්නගෙ නම් කියලා එන්න කිව්වෙ නෑ බන්, මේ සතියෙ නිවාඩු හිටපු අය ඉන්නව නම් එන්න කියන්න කිව්ව. ඉතින් උඹලා දෙන්න විතරනෙ නිවාඩු හිටියෙ, මං මේ කල්පනා කලේ මුකුත් ප්‍රශ්නයක් වුනාද කියලා" සයුරි කල්පනා කරන ගමන් කිව්වා.

"විරා, මොකෝ දන්නෙ නෑ, දැන් පහට දහයයි, හැමදාම කතා කරනවනෙ ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියලා, මේ පහ පහු වෙනකන් කියෝ කියෝ ඉදල පස්සෙ මොකක් හරි වැඩක් කිව්වොත් නම් මං බෑ කියනවා. විරා භාරගන්න එපා හරිද?"

"හරි හරි බං, පේන බලන්නෙ නැතුව යමුකො..නැත්තම් මේච්චර වෙලා මොනවද කරේ කියලා අහයි.." විරාජ් දඩි බිඩි ගාලා යන්න ලෑස්ති වුනේ මැරෙන සැටි මං පෙන්නන්නම් කියන්න වගේ. ඒත් ඉතින් කොල්ලන්ට මස් කඩේ ප්‍රශ්ණ දාන්නෙ බොහොම අඩුවෙන්..මාත් විරාජ් ගෙ පස්සෙන් වැටුනා

කැබින් එක ළගට යද්දිත් මිනිහා ඔලුව ඔබාගෙන් ලැපේ මොනව කරනවද මංදා.. විරාජ් දොර අරිනවත් එක්කම මස් කඩේ ඔලුව උස්සලා පුටුවෙ හරි බරි ගැහිලා වාඩි වුනා.අපි ඇතුලට ගියාම මේ යකා අපිට කතා කරේ නෑ වගේ අපි දෙන්නගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මගෙන් අහපු ප්‍රශ්නෙට මට යකා නැග්ග.

"මොකද දෙන්නත් එක්ක ජෝඩු දාල?"

"සර් අපිට එන්න කිව්ව කියල සයුරි කිව්ව" මාත් අනිත් පැත්තට කිව්ව.

"ආහ් ඔය දෙන්නම මේ සතියෙ නිවාඩු ද? විරාජ් කවදද ආවෙ නැත්තෙ?" මේකා ඉඳගන්නවත් කියන්නැතුව ප්‍රශ්ණ විචාරය පටන් ගන්න හදන්නෙ

"අඟහරුවාදා"

"එතකොට ඉඳුනිල්?"

"සඳුදා, අඟහරුවාද දෙකම නිවාඩු සර්"

"ආහ් එතකොට සිකුරාදා නිවාඩු දාන්න ඇත්තෙ මං වෙන්න ඇති" විරාජ්ටයි මටයි අතින් පුටු දෙක පෙන්නන් ගමන් මස් කඩේ මගෙන් ඇහුවෙ පෑනත් කටෙ ගහගෙන.

"සර් ඇහුවෙ මේ සතියෙ නිවාඩු ගැන නෙ. ගිය සතියෙ සිකුරාදා නිවාඩු." ඇත්තනෙ මේ යකා ඇහුවෙ මේ සතියෙ නිවාඩු ගැන නම් මං ගිය සති වල ගත්ත නිවාඩු ගැන කියන්න ඕනෙ නෑ නෙ.

"හ්ම්ම්, කම්ප්ලේන් ගොඩයි විරාජ් මගෙ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය නිවාඩු ගන්නවා වැඩී කියලා. විරාජ් ගෙ නිවාඩුව නම් මට ජස්ටිෆයි කරන්න පුලුවන් එක දවසක් නිසා.. ඒත් ඉඳුනිල් ඔයා පහුගිය සතියෙත් දවස් දෙකක්, තුනක් නිවාඩු නේද? මං ටොප් මැනේජ්මෙන්ට් එකට කොහොමද ඔයාව ජස්ටිෆයි කරන්නෙ? දැන් බෝනස් දෙන්න තියෙනවා. සැලරි ඉන්ක්‍රිමෙට්න්ස් වලට වුනත් මට මුකුත් කරන්න බෑ නෙ මෙහෙම තේරනවද මං කියන දේ?"

"සර් ගිය සතියෙ ඔෆිස් එකේ ඉද්දිනෙ වීස් වැඩි වෙලා මං ගෙදර ගියේ. අනික එදා හොදටම උණ මට. මට දවස් පහකට ඩොක්ටර් මෙඩිකල් එකක් දීල තියෙද්දිත් මං බ්‍රහස්පතින්දා ප්‍රොමෝශන් එකට සාලිය සර් එන්න කියපු නිසා ආවෙ. ඒ නිවාඩුව මට මේ සතියෙ ගන්න කියල සාලිය සර්මයි කිව්වෙ. "
මූව කොටියම කන්න ඕනෙ මේ කියන ඒවාට. මූටත් උඩින් ඉන්න සාලිය සර් කියපු විදියට ලීව් ඇප්ලයි කලාම මේක එනවා මට පාර්ට් දාන්න.

"මිස්ට සාලිය මේ ගැන දන්නවද? ඉතින් බලන්නකො ඉඳුනිල් ඔයාගෙ නෙ වැරැද්ද ඔයා මට නිකම්වත් ඔය ගැන කියලා තිබුනෙ නෑ නෙ. මගෙන් මිස්ට සාලිය මේ දේවල් ඇහුවෙ නෑ. ටොප් මැනේජ්මන්ට් එකේ වෙනත් කෙනෙක් තමයි මට මේ ප්‍රශ්නෙ කිව්වෙ. ඔයා මට මේ ගැන කියලා තිබුන නම් මට ඔයාගෙ පැත්තට කතා කරනන් තිබුනා. අනිත් එක මං ඔයාලගෙ මැනේජර්."

"සර් මේකයි. මං බ්‍රහස්පතින්දා ආපු වෙලාවෙ මගෙ මෙඩිකල් එක එච්.ආර් ඩිපාර්ට්ම්න්ට් එකට යැව්වා. එකේ හැටියට ගිය සතියෙ බදාදා ඉදන් මට සදුදා වෙනකන් නිවාඩු. සාලිය සර් අඟහරුවාද ලීව් දාන්න කිව්ව ප්‍රොමෝශන් එකට ආපු නිසා. මගෙ ලීව් මේ වෙද්දි ඇප්පෘව් වෙලා තියෙන්නෙ.අනිත් එක සර් මං මේ අවුරුද්දට දාල තියෙන්නෙ නිවාඩු එකොළහයි. එකම එක හාෆ් ඩේ එකයි. මගෙ ලීව් ගැන ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ සර් කොහොමත්."

"ඔව් සර්, ඉඳුනිල් ගෙ නිවාඩු වලට නම් ප්‍රශ්ණයක් වෙන්න විදියක් නෑ. එයාගෙ පෙන්ඩින් වැඩ මුකුත් නෑ ගිය බ්‍රහස්පතින්දා ආපු වෙළාවෙ තිබුන වැඩ ටික ඉඳුනිල් ඉවර කරා. මේ සතියෙ වැඩ ටිකත් අද උදේම ඇවිත් කරල තියෙන්නෙ සර්" විරා එහෙම කිව්වත් ඇත්තටම මේ සතියෙ මගෙ වැඩ ටික සයුරියි විරායි අඟහරුවාදාම කරලා ඉවර කරලා තිබුනා.

"ඔයාගෙ ලීව් ඇපෘව් වෙන්න විදියක් නෑ නෙ. මට ඔයාගෙ ලීව් රික්වෙස්ට් එක ආවෙ නෑ. අනිත් එක ඔයා ලීව් ගත්ත බව ඉන්ෆෝම් කරපු එක හරි. ඒත් අර වගේ ස්පෙශල් දේවල් මට කියලා තියන්න" එහෙම කියන ගමන් මස් කඩේ ආයෙ ලැපට ඔලුව ඔබාගෙන ලීව් රික්වෙස්ට් හොයනවා ඇති.

"සර් මං සිස්ටම් එකෙන් ලීව් ඇප්ලයි කලාම රික්වෙස්ට් එක යන්නෙ සාලිය සර් ට, මොකද මගෙ රිපෝටින් මැනේජර් සාලිය සර්. මේ ඩිපාර්ට්මෙන්ට් එකේ හිටපු තුන් දෙනෙක් එක පාර අයින් වුන නිසයි මාත් මුලින්ම මේ ඩිපාර්ට්මෙන්ට් එකේ වැඩ කරපු නිසයි තමයි මේ වැඩ ටික සෙට්ල් වෙනකන් මාවයි නිරෝශන්වයි මෙතනට දැම්මෙ සති දෙකකට " මාත් ඇඩෙන්නම කිව්වා.. මස් කඩේ ගෙ මූණ ඇඳ වෙලා ගියේ සපත්තු පෙට්ටියක පියනට පයින් ගැහුවම ඇඳ වෙනවා වගේ. හොදම වැඩේ ගෝරිල්ල..

"ආ මං ඒක දැනන් හිටියෙ නෑ ඉඳුනිල්, ඇත්තටම මට ඒ ගැන කවුරුත් කියලා තිබුනෙ නෑ, ඔයා ලීව් ඇප්ලයි නොකරපු එකට මං තරහෙන් හිටියෙ, මං හිතුවෙ අර සපත්තුවෙ හුට පටේ එක්ක මේ ඔක්කොම කියල" මේක ආයෙත් ලැපේ මූණ ඔබාගෙනම උත්තර දුන්නෙ ලැජ්ජාවට වෙන්න ඇති.
"දැන් එහෙනම් ඔයාල යන්න.හෙට උදේම මට හේලීස් කොටේශන් එක පොඩ්ඩක් බලන්න මතක් කරන්න ඉඳුනිල්" කියලා කියන ගමන් මස් කඩේ ආයෙත් ඔලුව ලැපේ ඔබා ගත්තා.

මමයි විරායි කැබින් එකට එනකොට නිශායි නොරෝශන් අයියයි ගිහින් තිබුනා. එතකොටත් පහටත් කිට්ටුයි.

"මොකද්ද ඉන්දු අර සපත්තු කතන්දරේ?

"ගිය සතියෙ ප්‍රොමෝශන් එකට මහ වැස්සෙ මං හීල්ස් දැන්ම කියල මට සෙට් එකම එකතු වෙලා විහිලු කලේ. ඒ වීර ක්‍රියාවෙ ආදීනව තමයි. ඒක අල්ලගෙන තමයි කියන්න ඇත්තෙ විරා." මං එහෙම කියලා ශේප් වුනා.

"එතන මොකක් හරි තියෙනව. මං හොයාගන්නම් කො. මේ ඔෆිස් එකේ කොහෙද නංගි අපි නොදන්න හුටපට.." විරා එහෙම කිව්වෙ අමුතු හිනාවක් දාගෙන ඇන්දලා පැඳලා

"අපි නොදන්න හුට පට නම් දන්නෙ නෑ අයියා. ඒ කාලෙ නම් බැලුවා අපි නොදන්න ලයිව්."

වෙච්ච දේ සයුරිට කියන්න බැරි උනේ මං එනකංම හිටියත්, සයුරියව ගන්න කොල්ල ඇවිත් පාරට වෙලා තෙමි තෙමි ඉන්න හින්දා. සයුරිත් යන්න ගියා.  හිමින් වහිනවා නම් කමක් නෑ. මේ සීතල අස්සෙ මහ හයියෙන් වහිනවා. දඩි බිඩි ගාල අඩියට දෙකට දුවලා ගිහින් බස් එකක එල්ලුනෙ කලුවර වැටෙන්න කලින් ගෙදර යන්න. යන්තම් වැස්ස අස්සෙ බස් එකෙන් බැහගෙන පුලුවන් ඉක්මනට ගෙවල් පාරට හැරිල අඩියක් යන්න හම්බුනේ නෑ පිටිපිපස්සෙන් ආපු වාහනයක් ඇඟටම කරලා නවත්තාල හෝන් එකත් ගහනවා. මාව මරන්න මාරයා වෙස් වාලාගෙන කාර් එකකුත් පැදගෙන එනවද කියලා බලන්න මාත් ඔරවල දත් මිටි කාගෙන ඒ පැත්ත බැලුවෙ තාප්පෙට හේත්තු වෙන තරම් අයින් වෙලා.

"ඉඳුනිල්, නගින්න, මං ඔයාව ඇරලවන්නම්. මේ වැස්සෙ යන්න බෑ නෙ" මස් කඩේ ගෙ රතු පාට කාර් එක කියල අදුරගන්නවත් එක්කම කලු වීදුරුව පාත් කරන ගමන් මස් කඩේ එළියට ඔලුව දැන්ම. කවදාවත් නැතිව මෙන්න මේ යකා හිනා වෙනවා. වෙන්න බෑ, මට වැරදිලාවත් ද, නෑ මං හොඳ සිහියෙන්..ඔව් මේකා ඇත්තටම හිනා වෙනවා

"ඕනෙ නෑ සර්, මට මේ ටික යන්න පුලුවන්, තෑන්ක්ස්" එහෙම කියුවත් මට යන්න ඉඩක් තිබුනෙ නෑ මිනිහා කාර් එක නැවැත්තුවෙ මව තාප්පෙටයි කාර් එකටයි මැදි වෙන විදියට.

"මං දන්නව ඔයා අද ඔෆිස් එකේ දි වෙච්ච දේයි අර සපත්තු කතන්දරෙයි නිසා.."
ඒ අස්සෙ අකුණුත් ගහනවා. කොහේදෝ ඉදන් අර උපන් දා ඉදන් තිබ්බ පරාණ බය ආයෙ මගෙ හිතට ආවත් මං ඒක පෙන්නන්න ගියේ නෑ.

"සර් මට පරක්කු වෙනවා. මං ඉක්මනට ගෙදර යන්න ඕනෙ. වාහනේ අයින් කරගන්නවද?" ඔෆිස් එකේ බොස් කියලා අපි වැදගෙන ඉන්න ඕනෙ නෑ නෙ.

"හරි මං අයින් කරගන්නම්. ඔයාට අර සපත්තුවත් දෙන්න ඕනෙ නිසයි මං බස්සන්න ඇහුවෙ,වෙන දේකට නෙමෙයි ඉඳුනිල්" මිනිහ ඒ ටික කියා ගත්තෙ පුදුම අමාරුවෙන්.

"සපත්තුව ඕනෙ නෑ," කියාගෙන මං පිටිපස්ස හැරිලා ආයෙත් කාර් එක වටෙන් ගිහින් ගෙදර පැත්තට ගියා. එයාගෙ බොස් පාර්ට් ඔෆිස් එකේ තියාගත්තම ඇති නෙ. මං ටික දුරක් යනකන් නවත්තන් ඉදලා වතුර වලක් ගාවින් යනකොටම හෝන් එකත් ගහගෙන"චිරිස්"සද්දෙට වතුර වළ උඩින් වම් පැත්තෙ රෝද දෙක අරං ගියෙ මගෙ ඇඟ පුරාම වතුර වීසි වෙන විදියට. ඇත්තමයි මහ මූසලයෙක්.




මං ගමනෙ සැර ටිකක් බාල කලේ මිනිහා නැවතිලා ඉන්නවා කියපු ගේ කිට්ටු වෙද්දි. මට බය  හිතුනා කාර් එක තාම එළියෙද දන්නෙ නෑ කියලා, නෑ ඒ වෙනකොට කාර් එක ඇතුලට දාල තිබුනෙ. ඒ නිසා මං ආයෙත් අඩිය ඉක්මන් කරා. හරියටම අඩියක් දෙකක් තියද්දි එක පාරට මගෙ ඉස්සරහට මොකොද්දෝ වැටුනෙ බිම තිබුන වතුර ඉහිරවන ගමන්. අහසෙන් උල්කාවක් වැටුනවත්ද? නෑ ඒක උල්කාවක් නෙමෙයි. දැන් දවස් ගානකට කලින් නැති වෙච්ච මගෙ සපත්තුව. අර ගල් බමුණා උඩ ඉදන් ඒක විසි කරන්න ඇති. මං එන්න කලින්ම කාමරේට ගිහින් ලෑස්ති වෙලා ඉන්න ඇති. හිතුවද දන්නෙ නෑ සපත්තුව වැටුනෙ මොන අහස් යන්තරෙන්ද කියලා මං අහස දිහා බලාගෙන හොයාවි කීයලා. මං නොදැක්ක ගානෙට කොහෙවත් නොබලා මගෙ ගමන පාඩුවෙ යන්න ගියා.
 

ප:ලි -මස් කඩේ හිතාගෙන ඉන්නෙ එයා බොස් නිසා සියල්ලෝ වන්දනා මාන කරගෙන ඉන්න ඕනෙ කියල. එයාගෙ සාක්කුවෙන්  පඩි දෙන්නෙ නෑ නෙ. එයත් කරන්නෙ රස්සාවක්. අපිත් කරන්නෙ රස්සාවක්. තමන්ගෙ වැඩ කොටස හරියට කරනව නම් එක එකාට වැදගෙන පස්සෙන් යන්න ඕනෙ නෑ. නිල ලද්දන්ට ගරු කරන එකයි සපත්තු ලෙව කාගෙන ඉන්න එකයි දෙකක්.


33 comments:

  1. අහිංසක මස් කඩයක්ද භයානක කඩයක්ද?

    ReplyDelete
    Replies
    1. අති භායානක මස් කඩයක් දේශා අයියා

      Delete
    2. මං කිව්වෙ මස් කඩේ අති භායානකයි කියලා නැතිව
      (අති භායානක මස් කඩයක්, දේශා අයියා) :)

      Delete
    3. හැක්.. හැක්.. බොරුවට බය වෙලා නෙව මේ ළමයා..

      Delete
    4. මං බය නෑ. අර අකුනු ගහද්දි ටිකක් විතර ගැස්සෙනවා. එච්චරයි. ඒත් බයට නෙමෙයි අප්පා. අකමැත්තට ඕ යෙස්

      Delete
  2. අඳෝනා genre එකට යන්නෙ නැතුව කතාවක් වගේ ලියන්න බලන්න.
    මේ යකා කුකුලෙක් වගේ. රවිය දැක්කොත් රෝස්ට් කරල ගනුයි :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කතාවක් විදියට ලියන එක තමයි පුරස්නෙ. මට ලස්සනට ගලපා ලිවීමේ හැකියාවක් නෑ නෙ ඉයන් අයියා අර ඉවාන් අයියා ඇතුලු අනිත් කෙටි කතා සැට් එක වගේ. ඒකනෙ මෙතන ප්‍රශ්නෙ. ඒ වෙලේ දැනුන විදියටම ලියලා දැන්මා. හි හි.

      බලමුකො ඊලඟ පාර ට්‍රයි එකක් දෙන්නම්. ස්තූති ඉයන් අයියා.
      කුකුලෙක්ම නෙමෙයි මූ. මහ අමුතු විදියෙ යකෙක්. හිතාගන්න බෑ මොකාටද එන්නෙ කියලා. ගෑණු ළමයිව බය කරගෙන ඉන්න තමයි ඕනෙ.

      Delete
  3. Typical Sri Lankan managers hikis..

    ReplyDelete
    Replies
    1. This person is not a Typical Sri Lankan Manager. He is an Insane Manager.
      :) :)
      Thanks for the Comment Anonymous

      Delete
  4. ෂා ලෙසටම ලියලා...මම හිතන්නේ බොසා ගැල්ලමයට කැමතිවගේ....හා හා හා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ලලිත් අයියාගෙ සපත්තු කතාව ඉවර කලා.. බොහොම ස්තූති ලලිත් අයියා.

      අපෝ නෑ. මේ යකා එහෙම එකකට ආවා නෙමෙයි. හොඳ නෝන්ඩියක් දාන්න එන්න ඇත්තෙ. මේක පෙන්නන චරිතෙ නෙමෙයි. මහ පුදුම අමුතු මිනිහෙක්

      Delete
    2. තැන්කු තැන්කු, මටනම් හිතෙන්නේ ගැල්ලමයත් ටිකක් මනාපයි වගේ..ජයවේවා.

      Delete
    3. හපෝ.. ඒකට නම් මනාප නෑතෝ..

      Delete
  5. \\මස් කඩේ ගෙ මූණ ඇඳ වෙලා ගියේ සපත්තු පෙට්ටියක පියනට පයින් ගැහුවම ඇඳ වෙනවා වගේ.//
    එතනත් සපත්තුවක් සම්බන්ධ කරලා... ගැළපෙන විදිහට කරලා තියෙනවා...

    බොසාට දීපු ඒවා නියමෙට දීලා තියෙනවා කට උත්තර නැති වෙන්ටම...
    නියමයි...
    මස් කඩේ පොර කියවන්නේ නැද්ද මෙව්වා???

    ලියපු විදිහට මම ආසයි...

    ReplyDelete
  6. //එතනත් සපත්තුවක් සම්බන්ධ කරලා... ගැළපෙන විදිහට කරලා තියෙනවා//
    හි හි අපි එහෙමයි... බොහොම ස්තූති චතුරංග..

    නැතුව නැතුව. ඒකට උත්තර ඉතිරි වෙන විදියට දේවල් කිව්වොත් ඊට පස්සෙ අපිට ඉන්න හිටින්න වෙන්නෙ නෑ නෙ. ඒ නිසා ඩ්‍රැකි අයියාගෙ උපදෙස් පරිදි කියල දැන්ම ගහන්න ආවොත් ඩ්‍රැකි අයියා ස්පයිඩර් මෑන් වගේ ඇවිත් බේර ගන්නව නෙ.

    //මස් කඩේ පොර කියවන්නේ නැද්ද මෙව්වා???//
    හපූ.. ඒකා මේව කියවන්නෙ නැතුව ඇති. හැබැයි චතුවො කොයි වෙලෙත් මූණ ලපේ ඔබා ගත්ත ගමන්මයි.
    බය කරන්න එපා බං ඔහොමට

    ස්තූති දිරි ගැන්වීමට :)

    ReplyDelete
  7. ඉතිං බලාපල්ලකෝ අපේ චණ්ඩි නංගිට වෙන දේවල්. කියලා වැඩක් නෑ.
    බොසෙක් යැ බං ඌ මහ චා පොරක්නේ , අනික පිරිමි කොරන් වැඩද බං ඒ යකා කරන්නේ . උඹට තිබ්බේ කාර් එකට නැගලා කන රත්වෙන්න එකක් දෙන්න. එක්කෝ නැග්ගේ නැති එකත් හොඳයි. නැත්තං ඌ එකටත් පදයක් හදයි. කොහොම වුනත් දැන් ඌට තියෙන්නේ ප්‍රතික්ෂේප වීමේ ලැජ්ජාව , ඒ නිසා තව ගැටයක් ගහයි

    යකෝ උඹ චණ්ඩියෙක් නේද , මෙහෙම බය වෙනවද චණ්ඩියෝ :P

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. පිරිමියෙක් විදියට වැඩ කරනවා නම් බැරියෑ.. අපෝ ඒ යකා ගෙ කාර් එකට නැග්ගනම් එහෙම අනිත් දවසෙ දවසෙ ඔෆිස් එකට යන්න වෙන්නෙ නෑ. ඔය යකා දත් සැට් එක පෙන්නල ගෑණු ළමයෙක් එක්ක හිනා වෙනවා කියන්නෙ ඉවාන් අයියා, ඒ ගෑණු ළමයාව යතා කාලයේ සභාවක් මැද්දෙ නෝන්ඩි කිරීමේ සන්තෝසය හිතින් විදිමින් ඒ කටයුත්තට මුල පුරන්න හදද්දි.

      අපි චන්ඩි තමයි ඉවාන් අයියා. බය? අපි බය වෙනව්ද එහෙම? අපි රියල් චණ්ඩි හරිද ඉවාන් අයියා. පොඩ්ඩක් ඇකුණු ගහද්දි ලාවට ගැස්සුනාට ඒ බයට නෙමෙයි, හරිය..

      Delete
  8. ඇත්තටම මේක සත්‍ය කතාවක්ද , ප්‍රබන්ධයක්ද

    ReplyDelete
    Replies
    1. සත්‍ය සිද්දියක් තමයි.. ඇත්තටම වෙච්ච දෙයක්..
      නම් ගම් ඇරෙන්න

      Delete
    2. ඕක මේ බ්ලොගය ලියන ගැනුලමයටම උන දෙයක්ලු.!!!

      Delete
  9. මොකෙද්ද ඌ. මහ ... (ඒ වචනෙ ගෑල්ළමයි ඉස්සරහ කියන්න හොඳ නෑ.) කොන්ද පණ නැති පෙන්දෙක් නෙ. ඌට මොකට බය වෙනවද?

    ReplyDelete
    Replies
    1. මං ඒකනෙ ඩ්‍රැකි අයියා කිව්වෙ ඌ මහ අමුතු ම ජාතියෙ එකෙක්. ඌට ගෑණු ළමයි පෙන්නන්න බෑ. බනිනවා නෝන්ඩි කරනවයි ඇරෙන්න හොදින් කතා කරලා ඊටපස්සෙ අනිත් මිනිස්සු ඉස්සර ඒවම අල්ලගෙනන් නෝන්ඩි කරන එකෙක්.

      ඇත්තටම පෙන්දෙක්, නැත්තම් කෙල්ලන්ට විතරක් චන්ඩි පාර්ට් දාන්නෙ නෑ නෙ.

      Delete
    2. ඒ යකා බොලාට හොද වෙන දවසකුත් ඒවි.. වල්කම් නැත්නං. හැක්

      Delete
    3. ඕකව එක්කරං යන්ඩලකො ඩයන සේල් එකකට. ඔය මානසික රෝගය හොඳ කරගන්න...

      Delete
    4. දේශක යා
      හාපෝ ඒ මනුස්පයා ව නම් හොඳ වෙන්නෙ නෑ. එහෙම හොඳ වෙන්න නම් අර ෆිල්ම් වලේ වගේ කොහෙ හරි හැප්පිල මෑන් ගෙ මතක අමතක වෙලා ආයෙ අලුතින්ම ගොඩනැගෙන්න ඕනෙ. නැත්තම් මේ ආත්මෙට ඔය මනුස්සයට නම් මං හොඳයි කියන්නෙ නැතෝ...

      Delete
    5. ඩ්‍රැකී
      මං කියන්ඩද, මං දෙන්නම් ෆෝන් නම්බර් එක, ඩ්‍රැකි අයියා එක්ක යන්නකො සේල් එකකට..
      හැබැයි නෑනව එක්ක යන්න එපා, මිනිහගෙන් කාන්තා පාර්ශවයට අගුණයි.

      Delete
    6. මං ඕකව එක්ක ගියොත් එක්කො උගෙ අණ්ඩක් කඩයි. නැත්තං මයෙ අණ්ඩක් කඩාගයි. ඒ තරම් සාමකාමී මිනිහ මම. මට ඔය වගේ හැකරැල්ලො පේන්ඩ බෑ.

      Delete
    7. අනේ සුදු අයියෙ. මට කියන්න අරකව කොහෙටද එවන්න ඕනෙ? වෙලාවයි තැනයි කියන්නකො.
      අඩු දෙකම කැඩුවත් කමක් නෑ.

      Delete
    8. නෑ එක්කො මංම එන්නං. ඔයාලගෙ ඔපිස්සෙකට මට එන්නය කියල නිකං කට වචනෙට ඉන්වයිට් කරන්නකො...

      Delete
    9. අයියා නුවර ආපු වෙලාවක කියන්නකො. අරූ ව බලන්න ඔෆිස් එකට එන්න පාර කියන්න. අඩු ඔක්කොම ටික කඩලා දාමු

      Delete
  10. ඔය වගේ බොස්ලා ගොඩක් ඔෆිස් වල ඉන්නවා.අඩු වයසින්ම ලොකු තනතුරු ලැබුනම සමහරු ටිකක් ඒක ඔලුවට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මනෝ අයියෙ. මේ යකාට මොළේ වයර් ශෝර්ට් එකක් තියෙනව.

      Delete