Monday, December 7, 2015

රාජාභිශේකය

ඈත හීනෙකින් පාට අරගෙන
කලින් කලට අභිසෙස් ලබමින්
එදා මෙදා තුර මෙරට උපන්
අපම
විය මෙහි වීර පුතුන්

කුමරු අවදියේ පාන රැගුම් දැක
රට කරවන්නට කදිමයි දස්කම්
විස්මව එලෙසින් සිතා අපත්
ඔටුණු පළදවමු සුහද සිතින්

පාට හීන වල හැබෑව දකින්න
දැල්වුනු දෙනයන දස දහසක්
මුලා කරවමින් හිරිකිත නැතිවම
රජු නටතෙයි වෙන අමුතු රැඟුම්

ළං වී බැලුවම සැබෑ වෙනස කිම
ඇතැමෙක් නටතෙයි පිරිවෙර රිද්මෙට

වෙනකෙක් ගැයුවේ පවුලේ ගීතය
තවකෙක් නැමෙන්නෙ නොරටේ සුද්දට

දෙනය
පිනවන රැඟුමන් බලලා
මහජන අප කුල්මත් වී තුටිනා
ආවඩා ආයුබෝවේ කියමින්
නටමු අපිත් නන්නානෙ තාලෙට

26 comments:

  1. චීනට අල්ලපු රටවල් කැඩුනා
    සුද්දට අල්ලපු රටවල් රැකුණා
    මේටික දන්නැති රජවරු ලොබිනා
    පවුලක් රකිනට රටටම කෙලිනා

    ReplyDelete
  2. දකුණු සුඩානේ යුරෝපෙ කොසොවෝ
    ලොක්කෝ සුද්දට කෝචොක් කෙරුවෝ
    කැඩුවා දෙකටම ඒවා සුද්දෝ
    දන්නෑ මේවා ලිංවල මැඩියෝ

    ReplyDelete
    Replies
    1. මැඩියා කිව්වෙ මට ද ඉයන් අයියෙ?
      හිකිස්.
      කයිය මරු..

      බස් එකේ එද්දි පිටි පස්සෙ සීට් එකේ ඉන්න ඩබල බර දේශපාලන සාකච්ඡාවක්.
      දෙන්නා මරා ගන්නව. ඒක අහං ඉද්දි නිකමට වගේ ෆෝන් එකේ ටයිප් වෙච්ච වචන ටිකක්. අපි අපි රණ්ඩු කරගන්නව අරය හොඳයි මෙයා හොඳයි කියලා. මට නම් ඔය ඔක්කොම එකයි. හොඳ නරක අඩු වැඩි වශයෙන් තියෙනවා ඔක්කොගෙම.

      Delete
    2. නැහැ ඒක 'මූලනෙ මැඩියෝ' කිව්වනංඅ අදහස වඩා පැහැදිලියි.

      Delete
    3. මුලනෙ විතරැයි ඉයන් අයියා මැඩියො ඉන්නෙ?
      හැමදිහාම ඉන්නවා නෙ

      Delete
    4. මේ බයි දුව... වීරය නම් අර 138 බස් එකේ හම්බුවෙච්ච කෙනාට කෝල් එකක් දීල සෙට් වෙනව. නැත්තං අර ඇමෙරිකාවට සිංහලෙන් බැන්න එකාගෙයි ඔයාගෙයි වෙනසක් නැහැ.

      Delete
    5. වීරය තමයි අනේ.. එකසිය තිස් අට බස් එකේ හම්බු උන එක්කෙනාට කෝල් කරා කියල වැඩක් නැතෝ, චාරයක් නැත.

      Delete
    6. ඇයි දැන් මිනිහ බැඳලද?

      Delete
    7. ඒ කියන්නෙ බැන්දපු මිනිස්සුන්ට චාරයක් නෑ කියලද ඉයන් අයියා. අනේ මංද ඕවා.

      Delete
    8. නෑ මං කිව්වෙ මල්ලෙ පොල් කියලා

      Delete
  3. තාලේ වැරදුනත් අවුලක් නෑ නටමු.

    ReplyDelete
    Replies
    1. දිනේශ් අයියා කාලෙකින්..
      කැමති තාලෙකට නටන්න තියෙන්නෙ.

      Delete
  4. This is just a end of the beginning(kiuvalu)
    hoda sellam essarahata.....

    ReplyDelete
    Replies
    1. ලලිත් අයියට අද සුද්දෙක් වැහිලද? :P

      හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළි පිට

      Delete
    2. Dear, I lost my sinhala tools.

      Delete
    3. Use the below link. you can type sinhala easily.
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    4. තැන්කු පුතා, මම ගූගල් ටූල්ස් දාගත්ත.

      Delete
  5. මං ‍මොකුත් ලියන්නෑ.

    ReplyDelete
  6. ඇයි ඩ්‍රැකි අයියෙ? අතේ කේක් කෑල්ලක් තියාගෙන ඉන්න නිසා ලියන්න අමාරුයි ද?

    ReplyDelete
  7. ඔය නටන එක නවත්වා ගන්ට උත්සාහයක් දාමුකෝ අපි...

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් හොඳ අදහස. කවුරු ආවත් ඔච්චරයි චතුරංග.
      හැමෝම කරන්නෙ එකම දේ

      Delete
  8. ..//රජු නටතෙයි වෙන අමුතු රැඟුම්//...

    අන්තිමට රජුන් අපිවත් නටවන්න හදන්නේ කියන කියන තාලේට.මේ හැම රජාම එහෙම තමයි.

    මේ කවි ටික ඉරිදා පත්තරේකට යවමුකෝ

    ReplyDelete
    Replies
    1. හැම කෙනාම කියන බයිලා නෑ අයියා බලයට ආවාම.

      හෙ හෙ පත්තරෙ දැම්ම කියලා වැඩක තියේ ය. මේ සිරි ලංකාවෙ ඕවා හදන්න නම් කට්ටියගෙම බ්‍රේන් වොශ් කරන්න ඕනෙ

      Delete