Tuesday, December 8, 2015

හීන අහුරු සබන් බෝල





අපි හැමෝටම හීන තියෙනවා. හැම කෙනෙක්ම ඔළු ගෙඩිය ඇතුලෙ මැවිච්ච හීනයක් එක්ක අරමුණු, ඉලක්ක ඇති කරගෙන ඒ අරමුණු වෙත ලඟා වෙන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා. සමහරු නොකා නොබී නිදි මරාගෙන අර කියපු අරමුණු සහ ඉලක්ක වෙත ලඟා වෙන්න හති වැටෙනකන් දුවනවා. ඈත තියෙන ඉලක්කයක් කරා ලඟා වෙන්න හැල්මෙ දුවද්දි කොයි තරම් නම් පුංචි පුංචි හීන වගේම සතුට පිරුනු නවාතැන්, සිත නිවන තරම් නිස්කලංක ස්වභාවධර්මය, හදවතින්ම බැදුනු මිතුරු මිතුරියන්, ලෙයින් නෑ කම් කියන සහෝදර සහෝදරියන් වගේම ඈත දවසක තමන්ට උපකාර කරපු, උපකාරයක් අවශ්‍යව අසරණ වුන තමුන්ගෙම ආදරණීයන් කොයිතරම් නම් පහු කරන් යනවද? සමහරවිට ඒ කිසි දෙයක් පහු වෙන බවවත් නොදැනෙන තරම් හැල්මෙ දුවන වේගය වැඩී. වටපිටාව ගැන අවධානයක් නැති තරම්. ඒ තරමට අර ඉලක්කය වෙත අලවගත්ත ඇස් දෙක හෙල්ලෙනෙවත් නැති තරම්.

ඉතින් මෙහෙම දුවන කීයෙක් කීදෙනාටද ඒ ඉල්ලක වෙත ලඟා වෙන්න පුලුවන් වෙන්නෙ?


එහෙම ලඟා වෙන සුලු පිරිසෙනුත් කීයෙක් කී දෙනාද සැහීමකට පත් වෙන්නෙ?

සතුටු වෙන්න පුලුවන් දේවල් අනන්ත අප්‍රමානව තියෙද්දි ඒ හැමදේම අමතක කරලා ඉලක්ක, අරමුණු දිහා විතරක්ම, දොඹ ගෙඩි වගේ ලොකු කර ගත්ත ඇස් දෙක අලවගෙන හැල්මෙ දුවල දුවල හති වැටුනම. හීනෙ තව දුරයි නේද කියල දැනෙන්නදි මහන්සිය නිවෙන්න හරි නවතිනත් ඒ වෙද්දි නවාතැන් මහ ගොඩක් පහු කරලා ඉවරයි. කාන්සිය නිවෙන්න  කතා කරන්න කෙනෙක් හොයද්දි යාලු මිත්‍රාදින් සියල්ලම නොදැක්ක ගානට පහු කරන් ඇවිත්. ඒ යාලු මිත්‍රකම් මහ ගොඩක් දුරයි වගේ දැනෙද්දි ආයෙ හැරිලා ගිහින් කතා කරන්නවත් බැරි තරම් හති වැටිල ඉන්නැද්දි තමන්ගෙ හදවතේ දුක කාට කියලා කින්නද? නොදැක්ක වගෙ පහු කරන් ආපු සහෝදරයාට, මිත්‍රයට, කැත නැතිව කතා කරල "දැන් නම් හොදටම මහන්සියි. ඔන්න ඔහෙ පොඩ්ඩක් කතා කර කර ඉමු" කියන්න දිව නැමේවිද? එහෙම නැමුනත් සහෝදරයා, මිත්‍රය ඒ ආරාධනාව කීතු කීතු වලට ඉරල විසි කරල උඩ පැන පැන පාගල දැම්මොත්, ඇස් දෙක නල්ලෙ තියාගෙන වුනේ මොකද්ද කියලා කල්පනා කරලා තේරුමක් නෑ. කවුරුහරි කාරුණික හිතවතෙක් ඒ ආරාධනාව පිළිගෙන වැළදගත්තත් ඒ ආදරය උණුහුම ලඟ නැවතිලා හති වැටිල හූල්ලන හදවතට ආයෙත් පන්නරයක් ලැබේවි. එහෙම ලබන පන්නරයෙන් තවත් හීනයක් පස්සෙ දුවන්න පුලුවනි නේද කියලා හිතල හිතවතාව මඟ අත ඇරලා දාල ආයෙත් රේස් දුවන මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් මේක. ඕක ඇත්තටම ක්‍රියා දාමයක් කිව්වත් වරදක් නෑ.

හීන දකින එක නරකයි කියලවත්, අරමුණු ඉලක්ක ඇති කරගන්න එක නරකයි කියලවත් කියන්න උත්සහ කරනවා නෙමෙයි. ඒත් සමහර හීන, අපේ බලාපොරොත්තු, අරමුණු සහ ඉලක්ක වෙත ලඟා වෙන්න මහන්සි වෙද්දි යුතුකම් කියන කොටස අමතක කරලා දාන එක ලොකු වරදක් වගේම තමයි ජීවිතේ සතුට, නිදහස, මිත්‍රත්වය, සහ තවත් බොහෝ සරල දේවල් බොහෝමයක් නොවැදගත් යයි සිතා මඟහරින එක අපරාධයක්.

සීතල රෑක අහසේ පායන තරු දිහා බලන් ඉන්න, මහ හයියෙන් ඇඳ හැලෙන වැස්ස දිහා ජනෙල් වීදුරුවෙන් බලන් ඉන්න, හිරිකඩ වැස්සෙ තෙමෙන්න, පිණි වැටිච්ච රෝස මලක සුවද විදගන්න, සීතලම සීතල රෑක දුම් දාන ඉඟුරු තේකක් අතේ තියාගෙන ලස්සනම ලස්සන සිංදුවක් අහන්න, දුම් දාන තේ කෝප්පෙ රස්නෙ අත්ලට දැනෙනකොට වෙවුලන තරම් සීතලත් එක්ක ඇඟට දැනෙන අමුතුම හැගීම විදගන්න, පුංචි උන් එක්ක එකතු වෙලා පුංචි එකෙක් වගේ සෙල්ලම් කරන්න, අම්මගෙ අතින් අනල කවන බත් කන්න, යාලුවෙක් එක්ක ඔහේ කතා කර කර ඉන්න, කඩදාසියක් කොළයක් අරං හිතේ ඇදෙන රූප කටු ගාන්න, ඔලු ගෙඩියට කොහෙන්දෝ පාත් වෙන වචන අහුරු එකට අමුණල කවි ලියන්න, මං නම් මහ ගොඩක් ආසයි. ඒ දේවල් වලින් දැනෙන සතුට හරිම සාමකාමි.

අයියව ඇදගෙන ශොපින් යන්න, පාරෙ යන ගෑණු ළමයින්ගෙ සපත්තු දිහා බල බල ඉන්න, අයියා එක්ක එකතු වෙලා අක්කිව අවුස්සන්න. අක්කිගෙ ෆේශල් ගැජමැටික් ටික උපයෝගී කරගෙන අයියට ෆේශල් දාන්න, අයියා එක්ක එකතු වෙලා හොල්මන් ෆිල්ම් බලලා දවස් හතරක් විතර අම්මයි තාත්තයි එක්ක නිදියන්න, අක්කගෙ සපත්තු ක්ලාස් දාන් යන්න, අලුත් කෑම ජාති හදන්න ගිහින් අල කරගන්න, යාලුවො එකතු වෙලා මැරැස්ටි වැඩ කරන්න, අයියට ලයින් දාන කෙල්ලන්ගෙන් අල්ලස් ලබා ගන්න වගේ දේවල් කරලා ලබන සතුට අමුතුම විදියෙ එකක්.

ඒ වගේම තමයි ලඟම හිතවතෙක් ට කරදරය වුන වෙලාවක ඒ කෙනාට උදව් කරන්න, දුකින් ඉන්න කෙනෙක් ගෙ හිත හදන්න, රිදිච්ච හිතක වේදනාව කදුලක් වෙලා එළියට පනිද්දි ඒ කඳුලු පිහිදලා ලගින් ඉන්න, ප්‍රශ්න විසදගන්න තව කෙනෙක්ට උදව් කරන්න බැරි වුනත් තනි කරන්නෙ නැතිව ලඟින් ඉදන් වචනයකින් හරි ධෛර්යයක් වෙන්න පුලුවන් වෙන වෙලාවට හිතට දැනෙන සැහැල්ලුව සතුට මිල මුදලින් ලබන්න බැරි තරම්. ඒ වගේම තමා කෙනෙක් උදව්වක් ඕන වෙලා ඉන්නැද්දි ඒ උදව්ව කර ගන්න බැරි වුනොත් දැනෙන දුක, කළකිරීම වචනයෙන් කියන්න බැරි තරම් හිතට දැනෙනවා.

මට හිතෙන්නෙ අපි දකින හීන මත්තෙ අහස උසට හදන බලාපොරොත්තු මාලිඟා හරියට සබන් බෝල වගේ කියලා. සබන් බෝල ඉරේ එළිය අරං දේදුන්නෙ පාටින් දිලිසෙනවා බලන්න ලස්සනයි. සබං බෝල හුළගෙ පාවෙලා ඈතට ‍යද්දි ඒ පස්සෙ වැටෙන පුංචි උන් උඩ පැන පැන සබන් බෝල අල්ලන්න හදනවා. එහෙම උඩ පනින පොඩි උන්ගෙන් සබන් බෝලෙකට ලං වෙන්න හැමෝටම බැරි වෙද්දි අමාරුවෙන් උඩ පැනල සබන් බෝලයක් අල්ල ගත්ත කියමුකො. ඒත් ඒ සබන් බෝලෙ ඇඟිලි තුඩු වල වදිනවත් එක්කම බිඳිලා යනවා. එක සබන් බෝලයක් අතින් ඇල්ලුව කියලා පොඩි එකා සෑහීමකට පත් වෙලා වෙන අතක් බලාගන්නවා වෙනුවට ආයෙත් තව සබන් බෝලයක් පස්සෙ වැටෙනවා. ඒ අතරෙ සබන් බෝලයක් ඇල්ලුවම සතුටින්  කරනම් ගහන හිත වත්තම් කරගෙන පුරසාරම් කියවන්න වට පිට බලද්දි නිකමටවත් ළඟ පාතක කිසි කෙනෙක් නොහිටියොත් හිතේ කරනම් ගහපු සතුට හිත ඇතුලෙම මැරිල යනවා.


හීන, බලාපොරොත්තු, ඉලක්ක, මේ හැමදේම හරියටම සබං බෝල වගේ. පස්සෙ දුවන්න. ලස්සන බලන්න, අල්ලගන්න උත්සහ කරන්න. ඒත් ඒ අතරමග හමුවෙන තමන්ගෙම අය නොසලකා හරින්න එපා. සබන් බෝලයක් අල්ලපුවම ඒ සතුට බෙදා ගන්න කෙනෙක් ලඟ නොහොටියොත්?
අල්ලගන්න බැරි වෙන සබන් බෝලයක් ඇස් ඉස්සරහ බිඳිල යනකොට හිතට දැනෙන දුක බෙදා ගන්න කෙනෙක් නොහොටියොත්? හිත මහ පාලු මූසල කලු වළාකුලකින් වැහිලා යාවි. 


57 comments:

  1. හීන වලට ආදරය කරන්න, හීන හැබෑවෙනකන් බලං ඉන්න එකසහ කැපවෙන එක තමා ජීවිතය , හැබැයි නිකම්ම බලන් ඉඳලත් බෑ., අධික වැඩ බං පස්සේ එන්නං වලියක් ඇදලා යන්න උඹට

    ReplyDelete
    Replies
    1. හාකො හාකො.
      හීන වලට ආදරය කරන්න ඕන ඉවාන් අයියා. මාත් හීන වලට ආදරෙයි. ඒ හීන පස්සෙ දුවන්නත් ඕනෙ. ඒත් ඒ අතර වාරෙ මනුස්සකම අමතක කරන්න එපා කියන එක කියන්න ඕනෙ වුනේ ඉවාන් අයියා.

      Delete
    2. වලියක් ඇදගන්න මාත් එක්ක?? මේ අහිංසක මං පව් නැද්ද බං ඉවාන් අයියෙ

      Delete
  2. Same as a nice post, I wish and pray your dreams come true.

    ReplyDelete
    Replies
    1. Thanks lalith ayiya
      I am happy with my life and the goals that I have achieved. No worries, no complains.

      Delete
  3. ඔන්න මට මතක්වුනා බුදු සමයේ කියවෙන කරුනක්.ඒ මෙහෙමයි.

    හින,ප්‍රාර්ථනා,බලාපොරොත්තු හරියට බල්ලකුට අහුවුන මස්කට්ටක් වගේ.මස්කට්ට කනකොට බල්ලගේ කට කැපෙනවා.උගේ කටින් ලේ එනවා.බල්ලා උගේම ලේ රහට වහ වැටිලා අර මස්කට්ට තව තව හපනවා.ඒත් අන්තිමට කිසිම දෙයක් ලැබිලා නෑ බල්ලා වෙහෙස වෙනවා මිසක.හීන බලාපොරොත්තුත් ඒ වගේ.ඒවා අපිව ජීවත් කරවනවා.ඒත් ඒවගෙන් බිඳ වැටෙන ප්‍රමානය වැඩියි.ඒ ගානේ අපි කණගාටු වෙනවා දුක් වෙනවා ඒ නිසාම වෙහෙස වෙනවා.ඒ නිසා පැහැදිලි නිශ්චිත අරමුණකට අනුව ජිවිතේ ගොඩනගා ගනිමින් යුතුකම් වගකිම් පැහැර නොහරිමින් ජීවිතේ ගෙවන්න කියන එක කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේ කතාව කලින් අහලා තිබුනෙ නෑ මනෝ අයියා. ඇත්තම ඇත්ත.

      Delete
  4. මම තාමත් දුවනවා හීන අරමුණු පස්සෙන් හෙම්බත් වෙනකන් හති වැටෙනකන්.. හිත අනේ දැන් ඇති කියල නාහෙන් අඬද්දීත් තව චුට්ටයි චුට්ටයි අපි කොහොම හරි කරමු කියල හීන කොහොම හරි හැබෑ කරගන්න බලනවා.මොකද හීන අන්තිමේදී සැබෑ වෙද්දී තියන සතුට කාලයක්ම විඳින්න පුලුවන්නෙ .හැබැයි එක දෙයක් මම හිතන්නෙ කිසිම හීනයක් තනියම සැබෑ කරගන්න බෑ අපේ වටේ පිටේ ඉන්න හැමෝම වගේ ඒ හීනෙ හැබෑ කරන්න පොඩ්ඩක් හරි උදව්වෙනව අන්න ඒ නිසා හීන පස්සේ තනියම යන්නෙ නැතිව තමන් වගේම හීන තියන හැමෝම එකට එකතුවෙලා වැඩ කලාම අන්තිමට සතුට හැමෝම එක්ක ලොකුවට බෙදාගන්න පුළුවන් ඒක හරියට තනියම කේක් කපල සතුට සමරනවට වඩා යාලුවෝ ගොඩක් එක්ක ඒ සතුට විඳගන්නවා වගේ. අපි හීන සැබෑ කරන ගමන්ම අර ඔයා කිව්වා වගේ කවි ලියන්න සින්දු අහන්න යාලුවෝ එක්ක කතාකරන්න මේ හැම දේටම පොඩ්ඩ පොඩ්ඩ හරි වෙලාව හදා ගන්නවානම් හැමදේම සබන් බෝල වගේ තාවකාලිකව විසිරිලා නොයාවි.හීන බිඳිල ගියත් දුකක් නොහිතෙවී හේතුව එකක් අපි දනනවා අපි උපරිමයෙක් හීන සැබෑ කරගන්න මහන්සි උනා කියල ඒ මහන්සිය කැපවීම ගැන අපි අපිටම සතුටුවෙන්න පුළුවන් අනෙක අපි හීන පස්සේ දිව්වෙ අත්මර්ථකාමිව නෙමේ කියන සිතිවිල්ල තියන තාක් කල් අපිට සතුටුවෙන්න පුළුවන් :) ...අපි හීන හදාගමු හැමෝම එක්ක සැබෑ වෙන හීන සමරමු :)

    ReplyDelete
    Replies
    1. හංසි මාත් හීන දකිනවා, හීන පස්සෙ දුවනවා. ඒත් ඒ දුවද්දි වටපිටාවෙ ඉන්න අය අමතක් නොකරන්න ඕනෙ. ආත්මාර්තකාමි කෙනෙක් මොන තරම් දියුණු උනත් මොන තරම් අරමුණු ඉටු කරගත්තත් එයාට සතුටක් ලබන්න අමාරුයි හරියටම ඔයා කිව්ව වගේ. එච්චරයි මට කියන්න ඕනෙ වුනෙ.

      ඔයාගෙ අදහසට සම්පූර්ණයෙන් එකඟ වෙනවා

      Delete
  5. හීන වලට ආදරේ කරන එක සුන්දරයි. ජීවිතේකට හීන තියෙන්නම ඕන. ඒත් හීන දැක දැක ඉදලා බෑ. ඒවා ලගට යන්න බලන්න ඕන. අන්න එතකොටයි නියම සතුට දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි දිනේශ් අයියා. හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනෙ.ඒ අතරෙ තමන්ගෙම අය වෙනුවෙනුත් පුංචි වෙළාවක් තියෙන්න ඕනෙ ජීවිතේ

      Delete
  6. මේ වගේ එකක් ලියන්න හිතට විවේකයක් තියෙන එකත් මොන තරම් වාසනාවක්ද? ආයෙත් ඒ තත්ත්වයට ළඟ වෙන එක තමයි මගෙ තියෙන හීනෙ.

    ReplyDelete
  7. හිතේ නිදහස නැති කරගන්න එපා ඩ්‍රැකී අයියා. ලියන්න නිදහස නැති වුනත් කමක් නෑ.

    මේ දවස් වල නම් ඩ්‍රැකි පැටියත් පුංචි නිසා වැඩ වැඩි ඇති කොහොමත්

    ReplyDelete
    Replies
    1. දෑෑෑට්ස් කරකේට්... කාලයක් තිබ්බා මං ස්ටේෂමේ ඉඳං කෝච්චිය එනකල් මොනව හරි ලියනවා. දැං...? ඉඳගත්ත ගමං නින්ද යනවා.

      Delete
    2. බයි ද වේ, මට ආදිත්‍ය රෝයි කපූරුවත් පේන්න බෑ. (එෆ් වයි අයි)

      Delete
    3. අනේ අර අහිංසක කොලු පැටියා. පව් දෙයියනේ.. ඔය ඔහොම කියන්නෙ පැහැදිලිවම ඉරිසියාවට ඕ යෙස්.
      නැත්තම් අර අහිංසක කොල්ල දිහා බලාගෙන ඔහොම කියන්න පුලුවන් ද? ඉරිසියව ඉරිසියාව.

      Delete
    4. හොඳ අහිංසක... දැක්කෙ නැද්ද “යේ ජවානී හේ දීවානි“ එකේ ඔය අහිංසක අංගුලිමාලය බොන බීම? ඒකට රන්බීර් කපූර්. අන්න කොල්ලො. දැක්කත් හිත නිවිල යනව. අනේ ඒ කොලු පැටිය අර බාෆි එකේ මන්ද බුද්ධික කෙල්ලට කරන ආදරේ දැක්කම පපුවෙ හෝස් ගළෝල යනව...

      Delete
    5. අනේ රන්බීර් කපූරුත් ශෝයි කොලු පැටිය නම් තමා. ඒත් ඊට වඩා මේ කොල්ල ශෝක් නෙ.

      කිව්වත් වගේ ඩ්‍රැකි අයියා මේකා "අශ්කී 2" එකෙත් බොන එකමයි වැඩේ. "යේ ජවානි හේ දිවානි" එකේ බීල හැමදේම නැති කරගන්නව වගේම තමා "ආශ්කී 2" එකෙත් බීල බීල නාස්ති වෙනවා.

      බොන්න උපන් හපනෙක් ද දන්නෙ නෑ නෙ

      Delete
    6. ඕකනෙ. කෙල්ලො කැමතිම ඔය වගේ බේබද්දන්ට තමා. ඒ උනාට දැලේ දාගත්ත ගමං නීති දානව. බොන්න එපාලු. අනික් කෙල්ලො දිහා බලන්න එපාලු. ඔහොම අඳින්න එපාලු. මෙහෙම ඇවිදින්න එපාලු. අතිං අල්ලන්න එපාලු. අරකලු... මේකලු...

      Delete
    7. අනේ මං නම් එහෙම නෑ.
      බොන්න හොඳ නෑ නිසා එපා කියනවා ඇරෙන්න ඇවිදින විදිය අදින පලඳින විදිය නම් වෙනස් කරන්න උවමනාවක් නෑ. අනික ඉතින් ඒවා දැනගනනෙ ඩ්‍රැකි අයියෙ යාලු වෙන්නෙ. ඔන්න බොරු කරලා යාලු වුනාම තමයි ඉතින් ඇත්ත රූපෙ එළියට එද්දි ගෑනු ළමයි නීති දාන්නෙ

      Delete
  8. සල්ලි තිබුණා නම් ගොඩාක් හීන ළඟ පාත...

    ඔයා අක්කාට වඩා අයියා එක්ක එකතුයි වගේ... නොකියා චාජරයක් ගැන ලිව්වේ ඔයා නේද???

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ම්ං තමා නොකියා චාජර් එකක් ගත්ත කියලා භූමිතෙල් ප්‍රහාරයකට භාජනය වුනේ.

      හ්ම්ම්.. පොඩි කාලෙ ඉදන් අයියට තමයි එකතු. අයිය මට ගොඩා...ක් ආදරෙයි. අපේ අක්ක නපුරි. අයියා එහෙම නෑ. අයිය ගැන ලියන්න පුලුවන් තඩි පොතක් විතර. කලින් පෝස්ට් එකක අයිය ගැන ලිව්වා. වෙලා තිබුනොත් කියවන්න
      http://nidahaseinawathana.blogspot.com/2012/03/blog-post_15.html

      Delete
  9. හීන තියෙන මිනිස්සුන්ට සහ හීන නැති මිනිස්සුන්ට එකට ජීවත්වෙන්න හරිම අමාරුයි. හීනේ ඇතුලෙම ජීවත්වෙන මිනිස්සුන්ට සහ හීනේ දිහා බලාගෙන පොළොවේ පයගහල හීනේ හැබෑකරගන්න උත්සහ කරන මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න අමාරුයි. එත් අනුන්ගේ හීනවල එල්ලිලා ටික කාලයක් සනීපෙට ජීවත්වෙන එවුනුත් නැත්තේම නෑ .

    ReplyDelete
    Replies
    1. ඔය මොන කැටගරියට අයිති වුනත් මං හිතන්නෙ වටෙ පිටේ වෙන දේවල් ගැන සහ තමන්ගෙ හිතවතුන් අමතක නොකර යුතුකම් පැහැර හරින්නෙ නැතිව ඉන්නව නම් ජීවිතෙත් තව ලස්සනයි.

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.. :)

      Delete
  10. අපිනං හීන බලන්න යනව බස්සිගේ කෙටි කලබල හීන සීන් එකට

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. මාත් උපරිම ට්‍රයි එක දෙනවා කෙටි කලබල හීනෙට එන්න උඩුරාවණ.
      මං කිව්වෙ එහෙම හීන නෙමෙයි. මං කියන්නෙ හීන බලන්න එපා නෙමෙයි අනේ. මං කිව්වෙ හීන බලන අතරෙ මනුස්සකම අමතක කරන්න එපා කියලා..

      බස්සිගෙ වැඩේ ට හදවතින්ම සුභ පතනවා.

      Delete
    2. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා උඩුරාවණ.

      Delete
  11. කතාවනම් මාර ලස්සනයි ඒත් මන් තාම හීන පස්සේ යනවනේ...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හීන පස්සෙ යන්න..ඒත් මුල අමතක කරන්න එපා..
      ජයවේවා

      Delete
  12. මාත් යනවා! නැවැත්තුවොත් කරන්ඩ දෙයක් නැති වෙනවා!!

    ReplyDelete
    Replies
    1. අනිවා.. මාත් හීන පස්සෙ යනවා.
      ඒත් අත හිත දුන්න අය අමතක කරලවත් කෙනෙක්ට කරදර්යක් වුනාම ඒ වෙනුවෙන් නවතින්න බැරි තරම් වේගෙකින්වත් ජීවිතේ පුන්චි පුන්චි සතුට ගෙනත් දෙන දේවල් මඟ ඇරලාවත් නෙමෙයි.

      Delete
  13. සතියක් ගියා, මුකුත් ලියල නෑ, දවසට තුන් හතරපාරක් ඇවිත් යනවා,,,,,ඕන් දැන් මට මල පනිනවා රන්ජනී,,,,,එවනවා තනි සපත්තුවේ අනික් එක ,,,,,,

    ReplyDelete
    Replies
    1. හුටා කවුද මේ රන්ජනී??
      අනික මගෙ තනි සපත්තුවෙ අනික කොහොමද ඔයා ලඟ?
      බොන්න ඕනෙ ප්‍රශ්නයක්

      Delete
  14. අලුත් අවුරුද්ද සුභ වේවා නංගි...!!!

    අලුතෙන් මොනවහරි ලියන්න...

    ReplyDelete
    Replies
    1. සුභම සුභ අලුත් අවුරුද්දක් අයියා.
      මේ ටිකේ ඔලුව උස්සන්නවත් වෙළාවක් නැතිව හිටියෙ..

      Delete
  15. ලියන් නැද්ද ? වෙඩිමට සෙට් වෙනවා කියල හිරු ගොසිප් එකේ තිබුණ?

    කියුවත් බොරු,
    හිරුනම් මරු.
    Happy New Year.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලියන්න වෙළාවක් හොයාගන්න තියා බ්ලොග් කියවන්නවත් වෙළාවක් හොයාගන්න අමාරුයි අයියා. ඉදලා හිටලා ඇවිත් බ්ලොග් එකක් දෙකක් කියවනවා මිසක් ලියන්න වෙළාවක්වත් හිතේ නිදහසක්වත් නෑ මේ ටිකේ..


      හිරු බ්‍රැන්ඩ් ඇම්බැසඩර් වුනා වත් ද?

      Delete
  16. මොකුත් ලියන්නෙ නැද්ද අප්පා.....?

    ReplyDelete
    Replies
    1. අම්මෝ කැමා අයියව දැක්ක කල්...
      මේ ලියනවෝ...

      Delete
  17. මේ පෝස්ට් එක මට මිස් වෙලා. සමාව භාජනයකට දාන්න. හීන ගැන ඔබේ අදහසට එකඟයි. මේව ගැන ඉරිසියයි.

    //අයියව ඇදගෙන ශොපින් යන්න, පාරෙ යන ගෑණු ළමයින්ගෙ සපත්තු දිහා බල බල ඉන්න, අයියා එක්ක එකතු වෙලා අක්කිව අවුස්සන්න. අක්කිගෙ ෆේශල් ගැජමැටික් ටික උපයෝගී කරගෙන අයියට ෆේශල් දාන්න, අයියා එක්ක එකතු වෙලා හොල්මන් ෆිල්ම් බලලා දවස් හතරක් විතර අම්මයි තාත්තයි එක්ක නිදියන්න, අක්කගෙ සපත්තු ක්ලාස් දාන් යන්න, අලුත් කෑම ජාති හදන්න ගිහින් අල කරගන්න, යාලුවො එකතු වෙලා මැරැස්ටි වැඩ කරන්න, අයියට ලයින් දාන කෙල්ලන්ගෙන් අල්ලස් ලබා ගන්න//

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඉයන් අයියා.. මගෙත් රිප්ලයි පරක්කු වීම ගැන සමා වෙන්න..

      ඒ මොකෝ ඉරිසියා???
      :O

      Delete
    2. මට සොයුරියක් නැහැ. ඒක නිසා

      Delete
  18. මටත් හීනයක් තියනවා, ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොලාටම තියෙනවා..
      ඕ යෙස්

      Delete
  19. Replies
    1. ඉන්නවා අයියන්ඩි ..
      මැරිලා පණ අවා.. බුවහහාහා...

      Delete
  20. Replies
    1. පොඩි කාලෙකට වැඩ වැඩි වුනා ඉයන් අයියා

      Delete
  21. ලියන්නේ නැද්ද ළමයෝ.

    ReplyDelete
    Replies
    1. ලියනවා සොමියො..ඒත් ටයිප් කරගන්න තරම් වෙලාවක් තිබුනෙ නෑ. ඩයරිය පිටින් මේකෙ අලවන්න බෑනෙ ..

      ස්තූති මේ පැත්තට අවාට

      Delete
  22. මං අදයි ආවේ මේ පැත්තට , හීන දකින එක තමා මගෙත් එකම වැඩේ. හැබෑ වෙන හීනද මන්දා , කොහොම උනත් ඉක්මනින් ඩයරියේ තියන ඒවා මෙතන ලියාගන්න වෙලාව ලැබේවා , එකත් හීනයක්ද දන්නේ නැ ඔයාට මේ වෙලාවේ :) :)

    ReplyDelete
    Replies
    1. හීන දකින්නී ව මේ පැත්තට ආදරයෙන් පිළිගන්නවා.
      ඔව් ඔව් කොහොම කොහොම හරි මේකට දැන් මොනව හරි ලියලා දාන්න නම් ඕනෙ.

      ඒත් වෙළාව තියෙන වෙළාවට කම්මැලි.. ලියන්න හිතෙන වෙළාවට වැඩ වැඩී.. හි හි..

      Delete
    2. මේකි හිරයක් කරගෙනද කොහෙද. ඔහොම එකපාරටම වෙලාව නැතිවෙන්න. ඔන්න ඔහෙ ඒකා නිදාගත්ත වෙලාවක් බලල ලියන්න.

      Delete
    3. මේකත් එක්තරා ජාතියක හිරයක් තමයි ඉයන් අයියෙ.. ලියන ඒවා ටයිප් කරගන්න විදිහක් තමයි නැත්තෙ..

      Delete
  23. හින අරමුතු නැති ජිවිතයකිනුත් කිසිම තේරුමක් නැහැ.

    ReplyDelete